IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අමුඩය අමතක වී ලේලිය අමනාප වෙලා

මී හරක් පට්ටියකට හිමිකම් කියූ කිරි ගොවියකුට ‘‘අමුඩය”‍ අමතක වීම නිසා තම එකම පුතු අලුත විවාහ කර ගත් ලේලිය අමනාප වී නිවසින් පිටව ගිය අපූරු පුවතක් වැව් බැඳී රාජ්ජේ පිටිසර බද ගමකින් අසන්නට ලැබූණි. 
හේ වනාහි අමතක වීමේ රෝගය තදින්ම තිබූ තලත්තෑනි කිරි ගොවි මහතෙකි. වර්ෂා කාලයේදී තම මී හරක් පට්ටියට කෑම සඳහා ගමෙන් එපිට ලදු කැලෑවට දක්කාගෙන යනු ලබන්නේ වතුර පිරුණු ”‍ඔයක්”‍ තරණය කරමිනි. මෙසේ එම වතුර පිරුණු ”‍ඔය”‍ හරහා ගමන් කරන මේ කිරි ගොවි මහතා ඔහුගේ සරම වතුරට තෙමෙන නිසා එය ගලවා ජටාවක් සේ ඔළුවේ බැඳ ගැනීම සිරිතක් කරගෙන සිටියේය. එය ගැටලුවක් නොවන්නේ දිනපතාම ඔහු සරමට යටින් අමුඩය අඳින නිසාය. 


මෙදින වතුර පිරුණු ඔය හරහා හරකුන් දක්කාගෙන එගොඩට ගිය ගොවි මහතා ඔළුවේ බැඳ සිටි සරම යළි ඇඳගෙන හරකුන්ට තණකොළ කෑම සඳහා තණ පිටියට හරකුන් දමා ඔහු හෙවණක වාඩි වී සිටියේය.
එදින හවස ආපසු තම හරක් පට්ටියට  හරක් රැගෙන යාමට සැරසුණු කිරි ගොවියා වෙනදාට වඩා යුහු සුළුව මී හරක් රංචුව දක්කා ගෙන ගියේ හතර වටින් අහස කළු කරගෙන ගොරවමින් මහා වර්ෂාවකට සූදානම් වූ නිසාය. 
සුපුරුදු පරිදි කිරි ගොවියා වතුර පිරුණු ඔයට බැස්සේ ඇඳ සිටි සරම ගලවා ජටාවක් සේ හිසට බැඳගෙනය.  ඔයට බට ගොවිමහතා ඉතා කඩිනමින් ගව පට්ටිය දක්කා ගෙන හරක් ගාලට පැමිණියේය. 
වෙනදා තමා හරකුන් දක්කා ගෙන එන හඬ ඇසෙන ඔහුගේ මායියා ලණු කැරලි මිටියත් රැගෙන ගව පට්ටිය සමීපයට පැමිණුනත්, අද ඇය පේන්න නොසිටීම පිළිබඳව ගොවියාගේ කේන්තිය අසූහාරදාහට නැග්ගේය.
‘‘හාමිනේ! මෙහෙ වරෙල්ලා, යෝධියේ. ඔය ලණු කැරලිත් අරගෙන. උඹලට කන් ඇහෙන්නේ නැද්ද යනුවෙන් යටි ගිරියෙන් කෑ ගැසීය.මේ මොහොතේ කුස්සියේ වැඩක් කරමින් සිටි  හාමිනේ ගොවි මහතාගේ පණිවිඩය තම පුතුට අලු‍ත ගෙනා ලේලියට පැවරුවාය. 
ඇය ලණු  මිටිය රැගෙන ගව පට්ටිය කරා දුවගෙන ගියාය. ලණු  මිටිය  ගොවි මහතාට දීමට ඇයගේ දෑත් දිගු කරන විටම ඇය දුටු දර්ශනයෙන් ලේලිය තිගැස්සී කෑ ගැසුවාය. 
‘‘අනේ බුදු නැන්දම්මේ,”‍ කියමින් ආපසු හැරුණු ඇය වේගයෙන් පැමිණ කුස්සියට පැන්නාය. ‘‘මට තවත් නම් මේ ගෙදර එක තත්පරයක්වත් ඉන්න බෑ. අපි විලිබිය ඇතුව හැදිච්චි ළමයි. මම හිතුවේ නෑ මාමණ්ඩි ඔහොම වනචර කෙනෙක් කියලා. මම යනවා අපේ ගෙදර මට මෙහේ ඉන්න බෑ”‍.යැයි අඬමින් පැවසුවාය. 
කිරි ගොවියාගේ හාමිනේ. මේ අලකලංචිය කුමක්දැයි සොයා බැලීමට හරක් පට්ටිය කරා විගසින් ගියාය. ඇයද දුටු දෙයින් අන්දමන්ද වුවාය. ‘‘මෝඩ මිනිහෝ, ඔහේ හිතාගෙන ඉන්නේ ඔහේ අමුඬේ ඇඳගෙන කියලද. ඔය ඔළුවේ තියෙන සරම ගලවලා උපන් ඇඳුම වැහෙන්න  විලි වහගන්නවා. හැදිච්චි ගෑනු ළමයි ඉන්නකොට ඔළුව පාවිච්චි කොරලා වැඩ කොරපල්ලා. තුහ් නොදකින්.”‍ කියා කෙළ ගසා ඇය පිටවූවාය. 
කිරි ගොවියාට කාරණය වැටහුණි. ඔහු වහා ඔහුගේ වැරැද්ද නිවැරදි කර ගත්තේ මේ හරක් බානකට මුවා වීගෙනය.  ඔහු පට්ටියේ මී හරක් ගැට ගසා නිවසට එන විට ලේලිය බඩුමුට්ටු රැගෙන නිවසින් පිටවී ගොස් තිබුණි.
ඒ සිද්ධියෙන් පස්සේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ ”‍ මාමේ අඹුඩේ”‍ යන වචනය මතක් කරන විටම අමුඩය ඇඳ සිටියත් නැතත් සරම උඩට ඔසවා උසුළු විසුළු කරන කොල්ලන් කුරුට්ටන්ට පිළිතුරු දීමට ඔහු අමතක නොකරන බවද දැනගන්නට තිබේ.

 කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



අදහස් (0)

අමුඩය අමතක වී ලේලිය අමනාප වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site