වියලුව වාර්තාකරු
සාමාන්‍ය උසස් වීමක් ලබා වෙනත් ආයතනයක සේවයට වාර්තා කළ රජයේ සේවකයකු අදාළ තනතුරින් හිස උදුම්මාගෙන විධායක නිලධාරීන් හා සමව කටයුතු කරන්නට ගොස් එම ආයතනයේම පහළ සේවකයන්ගේ සමච්චලයට ලක් වූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ සාමාන්‍ය රැකියාවක නිරතව සිටින්නෙකි. පසුගිය දා ඔහුට රැකියාවේ යම් උසස් වීමක් ලැබිණි. ඔහුට පැවරී තිබුණේ තමාගේම ශ්‍රේණියේ කනිෂ්ඨ නිලධාරීන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීමය.
උසස්වීමක් ලද පසු වත්මන් සේවා ස්ථානයෙන් වෙනත් සේවා ස්ථානයකට මාරුකර යැවීම රජයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ඔහුට සේවය කළ ආයතනයෙන් බැහැර වෙනත් සේවා ස්ථානයක රැකියාවට වාර්තා කිරීමට සිදු විය.
ඔහුට පෙර එම තනතුර දැරූ නිලධාරියාගේ කාමරයම ඔහුගේ තනතුරට ගැළපෙන පරිදි සූදානම් කර තිබිණි. මේසයක්, පුටුවක් ආදී අවම මූලික පහසුකම් ද ඔහුට ලැබිණි.
නව තනතුරින් ඒ වන විටත් හිස උදුම්මාගෙන සිටි ඔහුට සිය මේසය මත යම් කිසි අඩුවක් ඇතැයි හැඟුනි.
ආයතනයේ විධායක නිලධාරීන්ගේ මේසය මත ඇති සේවකයන් කැඳවන සීනුවක් තම මේසය මත නැති බව ඔහුට පෙනුණි.
ඒ පිළිබඳ ඔහු කාර්යාල කාර්ය සහයකයකුගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ‘‘කලින් හිටිය මහත්තයා නම් එහෙම එකක් පාවිච්චි කළේ නැහැ’’ යනුවෙනි. ‘‘නෑ නෑ එහෙම එකක් තිබෙන්න ඕනි’’ යැයි පැවසූ හෙතෙම පසුදා සේවයට පැමිණෙන විට ඔහුගේ මුදලින්ම සීනුවක් රැගෙන විත් මේසය මත තැබුවේ රාජකාරි කිරීමට නම් එය අත්‍යවශ්‍ය අංගයක් බව එහි සිටි කීපදෙනකුටම පවසමිනි.
දවස ඇරඹී හෝරාවක් දෙකක් ගත වෙද්දී විටින් විට ඔහු සීනුව නාද කරමින් පහළ සේවකයන් කැඳවන්නට වූවේ එය ආයතනයේ සෙසු නිලධාරීන්ටද හිරිහැරයක් වන පරිද්දෙනි.
ඔහුගේ සීනු නාදයට මුලින් මුලින් සේවකයන් කීප දෙනකු ඔහුගේ කාමරය තුළට ගියද, පසුව ඔවුන් එය අත්හැර දැම්මේ එය මහත් කරදරයක් බව පවසමිනි. දිනක් දෙකක් සීනු නාදය ඉවසූ එහි සිටි කටකාර සේවකයකු කියා සිටියේ ‘‘මහත්තයා සීනුව ගහන්න අයිති ලොකු සර්ට විතරයි. ඔයා සීනුව ගහද්දි නම් අපි එන්නේ නෑ. ඔයාට ඕන නම් ඇවිල්ලා වැඩ කරගන්න. කලින් මහත්තයත් කළේ එහෙමයි’’ යනුවෙනි.
ඒ වන විටත් ඔහුගේ මෙම සීනු සෙල්ලම ආයතනයේ සෙසු සේවකයෙන්ගේද, ඉහළ නිලධාරීන්ගේද කතා බහට ලක්වී ඇති බව ඔහුටද කොනින් ආරංචි වී තිබිණි. හෙමින් සීරුවේ ඔහු සීනුව සිය ගමන් මල්ලේ ඔබාගෙන ඇත්තේ තව දුරටත් සීනුව නාද කළ හොත් ආයතනය තුළ තමුන්ට අත්වන ඉරණම ගැන ඉවෙන් මෙන් අවබෝධවූ හෙයිනි
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔළුව උදුම්මාගන්න ගිහින් නෝන්ඩි වෙලා