පොල් කඩන්නකු විසින් ඔහුගේ ඥාතියකුගේ දානයක් සඳහා ව්‍යාපාරිකයකුගෙන් පොල්ගෙඩි දහයක් පිනට ඉල්ලා ගස් නැගීමේ කුලිය එම ව්‍යාපාරිකයාගෙන් අයකරගන්නට ගිය සිද්ධියක් දමන ප්‍රදේශයේ නගරයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
පොල් කඩන්නකු වන ඔහු එක්තරා ව්‍යපාරිකයකු හමුවී තම ඥාතියකුගේ දානයක් සඳහා පිං පිණිස පොල්ගෙඩි දහයක් ඉල්ලා සිටියේය.
ඔහු ගැන අනුකම්පා කළ ව්‍යපාරිකයා තම ඉඩමට ඔහු කැඳවාගෙන ගොස් හොඳින් පලදාව ඇති පොල් ගසක් පෙන්වා. “ආ...මේගහෙන් කඩා ගන්නවා” යැයි පවසා ඇත.
එවිට පොල් කඩන්නා අත්ල නළලේ තබා ගස මුදුන දෙස විපරම් කර බලමින් මහත්තයා “මේ ගහ හරි උසයිනේ” කීය.
“තමුසෙට පොල් ගහේ උස අඩු කරලා දෙන්න මට බැහැ. කැමතිනම් පොල් කඩා ගන්නවා.” යැයි ව්‍යාපාරිකයා පවසා ඇත.
එවිට පොල් කඩන්නා අපූරු යෝජනාවක් කරමින් “කමක් නෑ! මුදලාලි මහත්තයා පොල් ගෙඩි දහය පිනට දුන්නට පිං සිද්ධ වෙනවානේ...ගස් නගින කුලිය විතරක් මට දෙන්නැයි පවසා ඇත.
“කීයද කුලිය?” යැයි එවිට ව්‍යාපාරිකයා ප්‍රශ්න කර ඇත. “රුපියල් තුන්සීයක් ඕනෑ! කමක් නෑ 250/- ක් දෙන්නැයි” පවසා ඇත.
එවිට යක්ෂයා ආරුඪ වූ ව්‍යාපාරිකයා “තමුසේ ගෝනිය නැතුවම මගේ කරේ නගින්නද හදන්නේ. පොල් දෙන්නේ නෑ යනවා මෙතනින්” යැයි බැන එළවා ගෙන ඇත.
පසුව මේ ගැන ව්‍යාපාරිකයා සොයා බලනවිට එවැනි දානමය පින්කමක් අදාළ ස්ථානයේ නොමැති බව දැන ගැනීමට ලැබුණ බව කියති.
හිඟුරානේ නවරත්න සමරතුංග
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිනට දුන්නාම කුලියත් ඉල්ලලා