තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙදෙසකින් වාර්තා වෙයි.
මේ ගමේ පදිංචිව සිටින තරුණ කාන්තාවකි. ඇය රාජ්‍ය සේවයක නියැලෙනවා ය. සැමියා ව්‍යාපාරිකයෙකි. කාලයාගේ ඇවෑමෙන් ඔවුනට දරු සම්පත් බැලීමේ භාග්‍ය උදා වුණි. මුල් මාස කිහිපය නිවසේ ප්‍රසූත නිවාඩුව ගත කළ ඇය සුපුරුදු පරිදි සේවයට පියනැගුවාය.
ඇයගේ දරුවා ඇයගේ අම්මාට භාර කළා ය. ඇය තම මිනිපිරිය හොඳින් රැකබලා ගත්තා ය. එහෙත් නොසිතූ අයුරින් අම්මා හදිසියේ රෝගීව රෝහල් ගත කළාය. ටික කලක් නේවාසිකව ප්‍රතිකාර ගත් ඇය නිවසට ගෙන ආවාය.
නමුත් අම්මාට මිනිපිරිය රැක බලා ගැනීමට තරම් නිරෝගී සුවයක් නැත. ඒ තුළ රැකියාවට යන දියණියට තම අම්මා මෙන්ම දරුවාද බලා ගැනීමට කුලියට කවුරුන් හෝ සෙවීමට අවැසි විය. දන්නා හඳුනන අයට ඒ පුවත සැලකර සිටියාය. ඇයගේ හිතවත්තු ඒ සඳහා සුදුසු මැදිවියේ පසුවන කාන්තාවක සොයා දුන්හ.
ඇය විවාහකය. සැමියා මියගොස්ය. දරුවන් ඇතත් ඔවුන් සලකන්නේ ද නැත. මේ නිසා දසත යමින් කුලී වැඩ කරමින් දිවිගෙවන දිරිය කාන්තාවක බව හඳුන්වා දුන් හිතවත්තු පැවසූහ.
ඒ අනුව යාබද ගමක පදිංචි ඇයව එම නිවසට කැඳවූවාය. මම උදේම උයලා දවල්ටත් එක්ක කෑම පිළියෙළ කරලා වැඩට යනවා. ඔයා උදේම අපේ ගෙදර එන්න. මගේ දුවයි අම්මයි බලා ගන්න. ඔයාටත් එක්ක කෑම මම සූදානම් කරනවා. මම සවස ආවාම ඔයා ගෙදර ගිහින් පසුවදා එන්න. නිවාඩු දිනවල එන්න ඕනේ නෑ. පොරන්දු වූ මුදල මම දෙන්නම්. රාජ්‍ය සේවිකාව කීවාය. ඒ අනුව පොරන්දු වූ පරිදි ඔවුන්ගේ රැකවරණයට මැදිවියේ කත පැමිණියා ය. දින කිහිපයක් ඇය විශ්වාසය දිනාගෙන රැඳී සිටියා ය. මේ අතර නිවසේ රෝගී මවගේ රෝගය ගැන රැකවරණයට ආ මෙහෙකාරිය විපරම් කළාය.
ඇය අත බලා සාස්තර කීවාය. ඔයාට ඇත්තේ මියගිය ඥාතියෙකුගේ බැල්මක්. ඉන්න මම දෙහි කපන්නම්. අවැසි දේවල් ඇය ම සොයා ගෙන ආවාය. දෙහි කැපුවාය. සාත්තුවකුත් කළාය. රෝගී මව සාත්තුව කෙරෙහි දැඩි සේ විශ්වාසය තැබුවාය. සේවය නිමවා තම දුව ගෙට ගොඩ වැදුණාය. ඒ අතරේ රැකවරණයට ආ මෙහෙකාරිය ගියාය. නිවසේ සිදුකර ඇති දේ දුව දුටුවා ය. ඒ ගැන ඇසුවාය. කරපු දේ අම්මා කියා සිටියාය.
තවදුරටත් ඒ ගැන සෙවීමේ දී සාත්තුවකට ගෙනා පූජා භාණ්ඩවලට හා දෙහි කැපිල්ලට රුපියල් දස දහසක පමණ මුදලක් ගතමනාව ලෙසට මෙහෙකාරිය ඉල්ලා ඇති බවත් ඒ මුදල අම්මා ගෙවා ඇති බවත් දුව දැනගත්තාය. මාසිකව රුපියල් 1500 ක දීමනාවක් ගෙවන ලෙසට පොරොන්දු වී රැකවරණයට ගෙනා කත සතියක් යන්නට මත්තෙන් දස දහසක්ම ඩැහැගෙන ඇති බව දැනගත් දියණිය පසුදින නිවාඩු දමා ඇය එනතුරා දත කට මැදගෙන බලා සිටියේ අම්මා රවටා මුදල් ගත්තාට හොඳ ඒවායින් කියා දෙහි කපන්නට ය.
එහෙත් ඇය එදින ගෙදරට පැමිණියේ නැත. ඇය සොයා ගියා ය. රාජ්‍ය සේවාවේ නියැලෙන දියණිය දෙහි කපන්නට මත්තෙන් අසරණ යැයි හිතවතුන් හඳුන්වා දුන් කත සිත් සේ ඔවුනට දෙහි කපා අරගත් මුදලුත් රැගෙන ගමෙන්ද පිටමං වෙලා ගොස් ඇති බවත් ඇය කට්ට වෙට්ට පිත්තල තාලයේ කතක බවත් ගම්මුන්ගෙන් එවිට දැන ගන්නට ලැබුණා ලු
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්