මොරගොල්ලාගම සිසිර කැලේගම
අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.
සැමියා හා බිරිය පමණක් වෙසෙන නිවසකි. යුවළට දාව දරුවන් ඇතත් ඔවුහු විවාහ වී සිටිති. ඉන් දරුවන් දෙදෙනෙකු පිට පළාත්වලය. එක් දියණියක මුල් නිවසට යාබදව වෙනම පදිංචිව වාසය කරනවාය. මවුපියන්ගේ දුක සැප නිරතුරුවම ඔවුහු සොයා බැලුහ.
එම දියණියගේ නිවසේ සිදුකළ යුතු ශාන්ති කර්මයකි. නමුත් එහි ඉඩ පහසුකම් නැත. ඒ නිසා එය සිදුකරන්නට මුල් නිවසට ඔවුහු පැමිණියහ. අම්මා ඊට නොමසුරු සහයෝගය දුන්නාය. පියාගෙන් එවැනිම කැමැත්තක් දක්නට ලැබුණේ නැත. කෙසේ හෝ සවස් යාමයේ සිටම ශාන්ති කර්මය කිරීමට අවැසි කණ්ඩායම එම නිවසට පැමිණ සිටිති.
නිවසේ බඩු මුට්ටු සියල්ලම අස්පස් කර කාමර හිස් කළේය. ඒ නිවසේ කාමරයක් පාසා කාමරයක් පාසා වස් දොස් යාමට දුම්මල ගැසීමේ පහසුව සඳහාය.
ඒ අනුව නිවසේ තිබු බොහොමයක් බඩු ගබඩා කාමරයට ගොඩ ගැසිනි.
ශාන්ති කර්මය සවස සිටම සිදු වී පසුදා අලුයම් කාලයේදි අවසන් කෙරුණි. නිවසේ සියලු දෙනාටම දෙහි කැපීමේ වාරය උදාවිය.
මුල් නිවසේ මවට දෙහි කපා පියාට අඬ ගැසුවත් ඔහු නිවසේ හතර මායිමක පෙනෙන්නට නැත.
“සාත්තුවට අකමැති නිසා ඔහු ගෙදරින් ගොස්ය.“එකෙකු පවසන්නට විය. තවත් අය කීවේ “සියදිවි නසා ගන්නටවත් ඇති බවයි.“
ශාන්ති කර්මයේ අවසානයේ බිරිය විලාප දුන්නේ සැමියා නැති නිසාය. යාබද නිවසේ දුව පියා කොයි කියා කෑ ගසනවාය. ඇයගේ දරුවන් “අනේ සීයේ ඔයා කොහේද කියා’’ විලාප නැගුහ.
අවට නිවෙස්වල අය මෙන්ම ශාන්ති කර්මයට පැමිණි නඩයත්, එය දැක බලා ගැනීමට ආ පිරිස් ද එකතුව අලුයම දෙකේ සිට උදේ හය පමණ වන තෙක්ම අවට ළිංවලට රිටි දමා පරික්ෂා කෙරුවේ ශාන්තියට අකමැති නිසා ඔහු ළිඳට පැන සියදිවි නසාගෙන දැයි මතු වු සැකය මතය.
අවට ලදු කැලෑ ගල් පර්වත මෙන්ම වෙල් යායවල් පවා පීරා සෙවුවත් ඔහුගේ හාන් කාන්සියක් නැත. මුලින් බැලු ගබඩා කාමරය නැවත නැවතත් එබිකම් කර බැලුහ. එවිට එළි වී තිබු නිසා ගබඩාව ඇතුළත අලුයමට වඩා පැහැදිලිව දිස්වෙයි.
මෙම ශාන්තිකර්මයට අකැමැතිව සිටි මොහු පෙරදා රාත්රි අධික බීමතින් සිට කාමරයකින් ගලවා එහි තිබූ ඇඳයට නින්දගොස් සිටියදී ඇඳ යටින් මතුවුයේ විලාප දුන් බොහොමයක් සිනාසෙන අතරේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙහිකපන්න හොයද්දී පදමට ගහලා ඇඳයට බුදි