කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
හොරාගේ ගණ දෙවි නුවණින් ගෙහිමි කතට දවල් තරු පෙණුනු කතාවක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
නගර මධ්‍යයේම පිහිටි නිවසකි. බස් පොළට අඩි කිහිපයකි. දුම්රිය නැවතුම් පොළට ද එය එසේමය. මේ නිසා බොහෝ රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය කරන්නෝ නිවසේ සිට එන යතුරු පැදි මේ නිවසේ මිදුලේ සහ අගුපිලේ දමා යති. හදිසි අවශ්‍යතා සඳහා නගරයට එන ඇතැම් අයද මේ අතරය. මේ නිසා සැමදාම පාහේ මේ නිවසේ මිදුලේ සහ අගුපිලේ අනුන්ගේ යතුරුපැදි ගාල් කර තිබෙනු දක්නට ලැබේ.
සතියේ දිනවල එය වැඩිය. මේ නිවැසියන් සිය මිදුල සහ අගුපිල මේ සඳහා දෙනුයේ කුලියක් මලියක් බලාගෙනම නොවේ. දන්නා හඳුනන අයට කරන උදව්වක් උපකාරයක් ලෙසය. ඒ නිසාම මෙහි දන්නා හඳුනන අය සිය යතුරු පැදි නතර කර දමා යති. එසේ දමා යන යතුරු පැදි කාගේ ඒවාදැයි ඔවුන් නොදන්නේ ඒ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බැවිනි.
එදා සිය අගුපිල පැත්තෙන් ශබ්දයක් ඇසුණු නිසා රැකියාවට නොගොස් නිවසේ සිටි ගෙහිමි කත කුස්සියේ දොර ඇරගෙන ශබ්දය ඇසුණු පැත්තට ගියාය. ඒ සමගම ඇය දුටුවේ හොඳට ඇද පැලඳ ගෙන ගමන් මල්ලක් කරේ දමාසිටි තරුණයෙකි. ඔහු නවතා තිබූ යතුරු පැදියක් පණ ගැන්වීමට උත්සහා දරමින් සිටිනා බව ඇය දුටුවාය. ඒ සමගම ආ අක්කා අද වැඩට ගියේ නැද්ද. ‘‘මට හරි වැඩේනේ වුණේ. මගේ බයිසිකලේ යතුර නැතිවෙලා මම මේ උත්සාහ කරන්නේ එය පණගන්වන්න. අනේ අක්කේ තරහ නැතිව මට පොඩි පිහියක් දෙනවද, පොඩි වැඩක් කරලා ස්ටාට් කර ගන්න පුළුවන්. පිහියක් නැතිවයි හිටියේ.
නිවසට දිව ගිය අක්කා මේ මලයාට පොඩි පිහියක් ගෙන දුන්නේ තමන් දුන් පිහි පොඩිය නිවසේ ඉදිරිපිට තියා යන ලෙසද ඉල්ලමිනි. අනේ අක්කේ ඕක මොකක්ද? එක පිහියට පිහි දෙකක් දෙන්නම් කියා මලයා යතුරු පැදියේ වයර් කිහිපයක් කපා යතුරු පැදිය පණ ගන්වාගෙන ගියේය.
එදින හවස් භාගයේ රාජකාරිය අහවර කර පැමිණි තවත් මල්ලි කෙනෙක් මේ නිවසේ අගුපිලේ නතර කර ගිය යතුරු පැදිය නැතැයි කියමින් නිවෙස් හිමි අක්කාට කීවේය. මොකක් මල්ලී මම අද ගෙදරම නේ හිටියේ. කොහෝමද මම ඉන්දැද්දි ඔයාගේ බයිසිකලේ හොරකම් කරන්නේ යයි අක්කා කීවාය. යමුකෝ බලන්න කොයිහරියෙද බයිසිකලේ නතර කරලා තිබුණේයි අක්කා ඇසුවාය. මල්ලී තමන් යතුරු පැදිය නතර කර තිබූ තැන අක්කාට පෙන්නුවේය.
‘‘හරි වැඩේනේ මල්ලී, ඔතන තියෙන බයිසිකලේ කොල්ලෙක් ඇවිල්ලා එයාගේ බයිසිකලේ යතුර නැතිවෙලයි කියලා මගෙන් පොඩි පිහියකුත් ඉල්ලගෙන ඔතන තිබුණු බයිසිකලයක් ස්ටාට් කර ගෙන ගියානේ. කවුද දන්නේ ඔයාගෙද කියලා. දැන් ඉතිං පොලිසියට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් දාන්න’’ යයි අක්කා කීවේ වෙන කරන්න දෙයක් නැති තැනය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගණදෙවි නුවණින් දවල් තරු පෙනිලා