කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා සිය වැඩට පැමිණි කාන්තාවක් යැයි සිතා පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත් වූ මුදලාලී කෙනකු පිළිබඳව උතුරු මැද පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය, එම මුදලාලී වෙත විශාල වී ගබඩාවක් තිබේ. ඔහු ගමේ ගොවීන්ගෙන් වී ලබාගෙන ඔහුට අයත් මෝල් වලින් වී කොටා සහල් බවට පත්කර අලෙවි කරයි. මහා පරිමාණයෙන් වී කොටන බැවින් ඔහු ධනවත් ව්‍යාපාරිකයකි. ඔහුට දරුවන් නොමැති අතර ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවකි. ඇය උපන් ගෙයි ධනවත් අතර ඇයගේ මුදලින් ඔහු මෙම 15 June 2024
කුඩු අල්ලන්න ගිහින් පොලිසිය ඉල්ලන් කාලා මිරිස් කුඩු පැකට්ටුවකින් පොලිස් නිලධාරීන්ගේ ඉහමොළ රත් කළ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. ඔහුට පොලිස් නිලධාරීන් ඇලජික්ය. පොලිස් නිලධාරීන්ට ද ඔහු ඇලජික්ය. මේ දෙගොල්ලන්ම සිටියේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් වාඩුවක් ගැනීමටය. මෙහෙම ඉන්නා අතරවාරයේ දී එදා රෑ ඔහු සිය නිවස ඉදිරිපිට මාර්ගය අයිනේ සිටියේය. ඔහු සිටියේ නිකම්ම නිකං නොවේ ඇඟ රත් කරගෙනමය. ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් ඔහුට කිට්ටු වූහ. ‘‘මොකද තමුසේ ඔතන කරන්නේ’’ 15 June 2024
සොරාගත් මාලය ගෑනු ගැටයෙන් එළියට අසල්වැසි කාන්තාවක් විසින් සොරා ගන්නා ලද සිය රන්මාලය පොලිසියට නොගොස් උපක්‍රමයකින් ලබාගත් කාන්තාවක පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තාවේ. පාසල් යන සිය වැඩිමහල් දරුවාගේ පාසලට පැමිණෙන ලෙස කරනු ලැබූ දැනුම් දීමකට අනුව හොඳින් හැඳ පැලඳ ගෙන කුඩා දරුවකුද වඩාගෙන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් වෙත යමින් සිටින කාන්තාවකට මගදී එම පාසලටම යන අසල්වැසි කාන්තාවක් ද හමුවිය. එම හමුවෙන් මහත් සතුටට පත් ඔවුන් දෙදෙනා එතැන් සිට එකතුව ගමන් කරන්නට වූහ. 15 June 2024
යෙහෙළියගේ ගෙදරදී පැරණි පෙම්වතා දැක තරු පෙනිලා පැරණි පෙම්වතා සිය හොඳම යෙහෙළිය විවාහ කර ගැනීමට පැමිණි අවස්ථාවේ තරු පෙනුණු තරුණියක පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය , ඇය රූමත් තරමක් පොහොසත් පවුලක තරුණියකි. ඇයගේ හොඳම මිතුරියද ඇයට වඩා රූමත් තරුණියක වන අතර බොරු සෝබන ආටෝප නැති නිරහංකාර තරුණියකි. ඇය ඇයගේ රූමත්කම නිසා ආඩම්බර ලෙස හැසිරෙන අතර වැඩිය පිරිස් සමග කතා බහට නොයයි. මේ අතර කඩවසම් තරුණයකු ඇයගේ ආදරය පතා ඇය පසු පස ආවේ ඇගේ ඇනුම් බැනුම් අපහාස මැදය. ඔහු කඩවසම් 15 June 2024
කුණුහරුපයෙන් බනින අනංගයාගේ රෙදි ගලවයි කාර්යාලයේ සේවය කරන නිලධාරිනියන්ට දුරකතන ඇමතුම් ලබා දී පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කරන විධායක ශ්‍රේණියේ නිලධාරියකුට සේවකයන් ලබාදුන් දඬුවමක් පිළිබඳව අපුරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. විධායක ශ්‍රේණියේ නිලධාරියකු වුවත් ඔහුට ඉහළින් සිටින තවත් නිලධාරිහු සහ නිලධාරිනියෝ කිහිප දෙනෙක් ද එම කාර්යාලයේ සේවය කරති. කාර්යාලයේ පවත්වන ලබන සේවක රැස්වීම්වල දී ඔහුට කතාවක් ලබා දෙන්නේ වෙනත් අයකු නොසිටියොත් පමණි. මන්දයත් කොතනින් කතාව පටන් ගත්ත ද අව 15 June 2024
මුදලාලිගේ පුරුද්ද නැති කරන්න කස කසා යන්න බේතක් දකින දකින ඕනෑම දෙයක් ඉල්ලීම පුරුද්දක් කරගත් පුද්ගලයකුට සිදු වූ කරදරයක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. එම සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසක වනාන්තරයක් ආසන්නයේ කුඩා තේ කඩයක් පවත්වාගෙන යන විවාහක පුද්ගලයෙකි. ඒ ආසන්නයේ වෙනත් කඩයක් නොවූයෙන් හා ඔහුගේ සුහදශීලිත්වය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශයෙන් පැමිණෙන අය මෙන්ම ගමෙහි අය ද මෙම තේ කඩයෙන් කහට කෝප්පයක් නොබී යාමට අමතක නොකළහ. එහෙත් ඔහු තුළ ද විවිධ දුර්වලතා ද නැතිවා නොවේ. ඔහ 15 June 2024
තමන්ගේම තෙල් තමන්ටම විකුණලා වැල්ලේ වැටකෙයියා පඳුරක් අස්සේ පෙම් කෙළින්නට ගොස් සිය යතුරු පැදියේම ඉන්ධන තමාට දෙගුණ තෙගුණ මිලකට මිලදී ගැනීමට සිදු වූ පෙම්වතකු පිළිබඳව පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. ප්‍රදේශය අම්බලන්ගොඩ පටබැඳිමුල්ලය. තැන එම ප්‍රදේශයේ පිහිටා ඇති ආදාහනාගාරය පිටුපස වැල්ලේ වැටකෙයියා පඳුරක්ය. මෙතනට ජෝඩු එන්නේ කලක පටන්. ඒ පෙම් සුවඳ විඳීමටයි කියමිනි. මෙලෙස එතැනට කොල්ලන්, කෙල්ලන් එන්නට පටන් ගත්තේ එහි ස්ථාපිත කෙරුණු වෙරළ උද්‍යානයත් සමගමය. සමහර ජෝඩු මෙතනට එන 14 June 2024
ෆොටෝ හුටපටයකට පෙම්වතාට මළ පැනලා ඡායාරූප ශාලා හිමියකුගේ වැරැද්දක් නිසා තරුණියකට සිදුවෙන්නට ගිය ඇබැද්දියක් පිළිබඳ කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. මෙම සිද්ධියට සම්බන්ධ තරුණිය පෞද්ගලික ආයතනයක සේවය කළාය. ආයතනයේ හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා ආයතනයේ පාලනාධිකාරිය විසින් දින දෙකක් සේවකයන්ට දන්වා තිබිණි. කෙසේ හෝ මෙම සිද්ධියට සම්බන්ධ තරුණියට එම දින දෙකේම සේවයට යාමට නොහැකි විය. ඊළඟ සතියේ මෙම තරුණිය සේවයට ගිය අවස්ථාවේදී පාලනාධිකාරිය විසින් දන්වා සිටියේ ඇයගේ 13 June 2024
කාඩ් එකෙන් ජොලි කරලා පියාට තරු පෙනිලා පියාට නොදන්වා මව දුන් පියාගේ බැංකු ගිණුමේ කාඩ් පතත් රැගෙන කොළඹට පැමිණි පුතා, පියාගේ කාර්යාලයට පැමිණ පියාවත් එක්කරගෙන ත්‍රිරෝද රථයක නැගී කොළඹ පිටකොටුවේ රවුමක් ගිය නිසා පුතා දැන් හරි දියුණු වෙලායැයි කියා, ආඩම්බරයෙන් තම කාර්යාලයීය මිතුරන්ට පවසා සවස ගෙදර ගියවිට තම පුතා සියල්ල කර ඇත්තේ තමාගේ කාඩ්පතින් මුදල් රැගෙන බව දැනගත් පසු පියාට දවල් තරු පෙනුණු පුවතක් අගනුවර රජයේ ආයතනයක කාර්යාලයකින් වාර්තාවේ. දකුණු පළාතට කිට්ටුව පිටිසර ගමක පදිංචිව සිට අගනුවර රජයේ 12 June 2024
සහකාරියගේ අමුතු සුදුසුකමක් ඉල්ලලා ජාති කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක් සියනෑවට නුදුරු ගම්මානයකින් වාර්තා විය. ඉහළ තනතුරක් දරන තරුණ පුත්‍රයා වෙනුවෙන් මනාලියක සෙවීමේ කටයුත්ත පියා පැවරුවේ කපු මහතකුටය. තමන් බලාපොරොත්තු වන ලේලියගේ තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් පියා කපු මහතා දැනුවත් කරමින් සිටිය දී තරුණ පුත්‍රයා ද ඊට මැදිහත් වූයේ ය. කපු මහතා ඇමැතූ තරුණ පුත්‍රයා ප්‍රකාශ කළේ කපු මහත්තයා තාත්ත 11 June 2024
පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරු වී ජංජාලයක් අකුරැස්ස මලිද්දුව ප්‍රදේශයේ වෙළෙඳසලකින් පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරුකර දීමෙන් සිදුවන්නට ගිය විශාල විනාශයක් අනූනවයෙන් බේරීමේ පුවතක් අකුරැස්ස දියලපේ ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. අකුරැස්ස ප්‍රදේශයේ නිවසක පසුගිය වෙසක් පොහොය දිනයට පසුදින නිවසේ පොල්තෙල් පහන් වැටක් දල්වන්නට පොල්තෙල් නොමැති නිසා නිවසේ භාර්යාවගේ ඉල්ලීම අනුව ස්වාමිපුරුෂයා විසින් යතුරුපැදියකින් පොල්තෙල් සමග ගෑස් සිලින්ඩරයක් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වෙළඳසලකට ගොස් ඇත. එම වෙළඳසලේ ගෑ 10 June 2024
පින්කමට යනවා කියා තහනම් ගහට නැග්ග මුදලාලිට ඇබැද්දියක් මිතුරකුගේ නිවෙසේ පැවැත්වෙන පින්කමක් සඳහා සහභාගිවීමට යන බව පවසා අනියම් බිරියගේ නිවෙසට ගොස් පෙම්සුව විඳිමින් සිටියදී යතුරුපැදිය ගංවතුරේ ගසාගෙන යාම නිසා අකරතැබ්යකට මුහුණ දුන් පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. ව්‍යාපාරිකයකු සිය බිරිය සමග නගරයේ නිවෙසක ජීවත්ව සිට ඇති අතර බිරිය රජයේ රැකියාවක නිරත වන ප්‍රියමනාප තැනැත්තියක් වූවාය. එහෙත් සැමියා නිතර කෙළිලොල් ජීවිතයකට ප්‍රිය කළ දඩබ්බරයෙක් විය. දෙදෙනා ඉතා සතුටින් සමාදා 08 June 2024
මධුසමයදා මනාලිය යකෙක් වෙලා මධුසමය ගත කළ රාත්‍රියේ මනාලයා හෝටල් කාමරයෙන් අතුරුදන් වී ඇතැයි කියමින් මනාලිය නැටූ ජවුසමක් පිළිබඳව අපූරු කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 07 June 2024
ඩ්‍රැයිවර්ගේ ‘‘බ්රේක්’’ සාත්තුවෙන් ගොළු තරුණයා කතා කරලා යාචකයෙකුගේ උපන්ගෙයි ගොළු බව නිට්ටාවටම සුව කළ බස් රථ රියැදුරකු පිළිබඳව බස්නාහිර පළාතෙන් අසන්නට ලැබුණි. බස් රථය කොළඹ බලා ධාවනය වෙමින් පැවති අතර එම බස් රථය වෙත ගල්කිස්ස ප්‍රදේශයේදී සිඟමන් යදින යුවළක ගොඩව ඇත. එම බස් රථයේ එතරම් සෙනඟ නොමැති අතර සිඟමන් යැදීමට පැමිණි යුවළ සිය කාර්ය පටන්ගෙන ඇත. මව සහ පුතා ලෙස හඳුන්වා දුන් ඔවුන්ගේ, මවගේ වයස හැටක් පමණ වන අතර තරුණයා වයස විසි පහත් තිහත් අතර පසුවිය. බස් රථයේ සිටි පිරිස දෙස විමසිල්ලෙන් බැලු එම කාන්තාව හඬ අවද 06 June 2024
නිවේදකයාට උපදෙස් දෙන්න ගිහින් හූ හඬින් ලිස්සලා උත්සව සභාවක් මෙහෙයවමින් සිටි අයෙකුට නිතර නිතර උපදෙස් දෙමින් ඔහුගේ කාර්යයට බාධා කළ පුද්ගලයෙකුට එම සභාව මෙහෙයවීමේ වගකීම පවරා නිවේදකයා වේදිකාවෙන් බැසගිය අපූරු පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. මෙම ප්‍රදේශයේ ජනප්‍රිය ලේඛකයෙකු විසින් ලියන ලද අලුත්ම නව කතාව එළිදැක්වීමේ උත්සවය පසුගියදා එම ප්‍රදේශයේ නගර ශාලාවේදී පැවැත්වුණි. මෙම කටයුත්තේ ප්‍රධානම වගකීම වන සභාව මෙහෙයවීම පවරා තිබුණේ එම ප්‍රදේශයේම ජනප්‍රිය තරුණ නිවේදක 05 June 2024
පරෙස්සමට දුන් මැණික් කළුගල් වෙලා කඳු මුදුනක ගල් පර්වතයක තිබී ගොඩගත් නිධානයක තිබූ මැණික් ගල් කීපයක් ඊට සම්බන්ධ පුද්ගලයෙකුගේ නිවසක පරෙස්සමට තැබීමෙන් පසු කළුගල් කැබැලි බවට පත්වීමේ පුදුම පුවතක් අඟුරුවැල්ල නගරයට නුදුරින් පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි. නිධානය ගැනීමට තීරණය කළ ගම්වැසි තරුණයෝ පිරිසක් හිතවතෙකුගේ මාර්ගයෙන් මාතර ප්‍රදේශයේ යකැදුරෙකු ද මෙකී කාර්යයට සම්බන්ධ කර ගත්හ. අනතුරුව කතිකා කරගත් පරිදි රාත්‍රී කාලයේ කඳු මුදුනට ගොස් අවශ්‍ය පුදපූජා කිරීමෙන් පසු නිධානය ගොඩගෙන තිබේ. එහි 04 June 2024
කෑම බහිරවයා ගිලලා නුගේගොඩ ප්‍රදේශයේ කාර්යාලයක සේවකයකු උදෑසන ආහාරයට නිවෙසින් රැගෙන ආ කෑම ආහාරයට ගැනීමට සුදානම් වී බලන විට කෑම පෙට්ටියේ කිසිවක් තිබි නොමැති සිද්ධියක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. එම සේවකයා නුගේගොඩ ප්‍රදේශයේ කාර්යාලයක සේවය කරන අතර ඔහු පසුගිය දිනක උදෑසන සුපුරුදු පරිදි තම රාජකාරී ස්ථානයට ඒමට සුදානම් වී ඇත. එම අවස්ථාවේ ඔහුගේ බිරිය අද කඩෙන් කෑම කන්නෙ නැතුව මේ බත් එක කන්න යැයි පවසා ගෙදර පිසින ලද බත් සහ එළවළු සහිත කෑම පෙට්ටියක් උණු උණු 03 June 2024
සූර් වී තහනම් ගෙඩි කඩන්න ගිහින් පොලිස් කූඩුවෙත් ලැගලා සූර්පිට අනියම් බිරියගේ නිවසට රිංගා පොලිස් කූඩුවේ ලගින්නට වූ පුද්ගලයකු පිළිබඳව පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය, ඔහු ජීවත් වන ගමට අල්ලපු ගමෙහි විවාහක කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. ඇය විවාහක දෙදරු මවක වූවත් ඇය ලාබල එකියක මෙන් රූමත්ය. මොහු ද විවාහ වී සිටින අතර ඔහුට ද ළමයි තිදෙනෙක් සිටිති. ඔහු වඩු බාස් කෙනෙකු ලෙස රැකියාව කරන අතර ඒ නිසා මුදල් යහමින් ගැවසේ. ඔහු සිය අනියම් බිරියගේ සැමියා ගෙදර නොමැත 31 May 2024
අනග රැගුම අතේ පත්තු වෙලා දරුවන්ගේ උපදෙස්වලට අනුව කටයුතු කළ මවක නිසා පියාගේ අනඟ රැඟුම අතටම අහුවුණු පුවතක් ගොකරැල්ලෙන් වාර්තා වේ. පවුලේ දියණියක හා පුතකු පාසල් අධ්‍යාපනය හදාරන අතර මවුපිය දෙපළම රාජ්‍ය සේවාවේ නියැළෙති. නිවසේ සිටින විට මවගේ හා පියාගේ ජංගම දුරකථනයන් ගැනීම දරු දෙදෙනාගේ විනෝදාංශයකි. ඔවුහු වයසින් බාල වුවත් මව හා පියාට වඩා දුරකථන පිළිබඳව මනා දැනුමක් ඇති අය වෙති. රැකියාවට යන පියා අනියම් පෙමක පැටලෙන බව දරු දෙදෙනාට වැටහුණි. ඒ දෙදෙනා යවා ඇති කෙටි පණිවිඩ සංවාද දෙස බැලී 30 May 2024
කවි පද හරහට ගිහින් කුඩ මිටෙන් ගුටිකාලා වෙසක් සතියේ ප්‍රදර්ශනය කළ තොරණක කවි ගායනා කළ කවියකුට එම තොරණ සංවිධාන කටයුතු කළ කාන්තාවක විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධ පුවතක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ. පොලිස් පැමිණිල්ලට අනුව සිද්ධිය මෙසේය. මෙම වෙසක් තොරණ ඉදිකරනු ලබන්නේ ප්‍රදේශයේ වෙළෙඳ සංගමය මගිනි. වාර්ෂිකව ඉදිකරන මෙම තොරණට ආධාර ලබා ගැනීම සඳහා මුද්‍රිත ටිකට් පත් විකුණන අතර රුපියල් 200 ටිකට් පත් හා ඊට වැඩි මුදල් සඳහා ආශිර්වාද කවියකින් ද පින්දීම සිදු කෙරේ. 29 May 2024
කකුල් පණ නැති යාචකයා පිම්මේ දුවලා දෙපා පණ නැති යාචකයකුට සිය නිවස වෙත යාමට ඇති අන්තිම බස් රථය දැක දෙපා පණ ආ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 28 May 2024
භාවනා මුවාවෙන් සූර් වී රස්සාවටත් තට්ටු වෙලා නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක පැවැත්වෙන විශේෂ භාවනා වැඩසටහනකට යනවා යැයි රාජකාරී දිනක කාර්යාලයෙන් බැහැරව ගොස් මිතුරන් පිරිසක් සමග ප්‍රසිද්ධ ස්ථානයක තබාගෙන මධුවිතෙන් සප්පායම් වී පුද්ගලයකු සමග ආරවුලක් ඇති කරගත් සේවකයෙකුට ආයතන ප්‍රධානියා විසින් විනය ක්‍රියාමාර්ග ගත් කතා පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. මහජනතාවට සේවය නිරන්තරයෙන් සිදුකරන ජනතාව අතර දැඩි ප්‍රසාදයට පත් රජයේ කාර්යාලයක්, ග්‍රාමීය කඳුකර ප්‍රදේශයක විය. වසර කිහිපයකට පෙර ස්ථාන මාරුවීමක් ලැබ සේවකයෙක් එම 27 May 2024
කොටු පැනිල්ලෙන් පුත්‍රයාගේ කෙරුවාව හෙළිවෙලා යුක්තියේ මෙහෙයුමෙන් දහහත් හැවිරිදි සිය පුත්‍රයාගේ තරම මවුපියන්ට දැනගන්නට හැකි වූ අපූරු කතාවක් අම්බලන්ගොඩ පොලිසියෙන් අසන්නට ලැබේ. එදා මධ්‍යම රාත්‍රියේ අම්බලන්ගොඩ පොලිසියට අයත් ත්‍රිරෝද රථය පොලිස් කණ්ඩායමක් සමග අම්බලන්ගොඩ කන්ද මාවතේ සංචාරය කළේ, යුක්තිය මෙහෙයුමට සම්බන්ධයෙන් අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෙවීමේ ඒකායන අරමුණින්ය. එසේ යන අතරතුර තාප්පයකින් පැන කොල්ලෙක් දිව්වේය. එසේ 22 May 2024
කසිප්පු පෙව්වැයි ගනුන්ගෙන් අම්බානට ගුටි කාලා මළ ගෙදරක් ආසන්නයේ ගලක් උඩ සිට ගමේ පිරිමින්ට කසිප්පු අලෙවි කළැයි කාන්තාවන් පිරිසක් එකතු වී පුද්ගලයකුට පහරදී ගල පල්ලට තල්ලු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. පසු ගිය දිනක කෑගල්ලේ ගම් බද ප්‍රදේශයේ නිවසක තරමක් තරුණ පුද්ගලයෙකු මිය ගොස් තිබුණි. මෙම අවමංගල්‍ය නිවසකට රාත්‍රි කාලයේ බොහෝ පිරිසක් ආවා ගියහ. මළ ගෙදරට එන යන පිරිසට ගමේ පුද්ගලයෙක් මළ ගෙදර ආසන්නයේ ඇති ගලක 21 May 2024
තරු හෝටලේ සාදයට ගමේ බඩු දී හතර අතේ වැටිලා අත දිගහැර වියදම් කොට මෙරට ප්රමුඛ පෙළේ හෝටලයක පැවැත්වූ සිය වැඩිමල් දරුවාගේ මංගල උත්සවයට පැමිණි හිතවතුන්ට විදේශීය රටක නිෂ්පාදනය කරන ලද උසස් තත්වයේ මත්පැන් බෝතල්වලට ගමේ නිෂ්පාදන පුරවා සංග්‍රහ කොට ඔවුන්ගෙන් අඩක් පමණ හාන්සිකර වූ පුද්ගලයකු පිළිබද පුවතකි. සිද්ධිය මෙසේය. ඔහු එක්තරා රාජ්‍ය ආයතනයක සැලකිය යුතු නිලයක් දරන පුද්ගලයෙකි. සිය වැඩිමල් දරුවාගේ මංගල උත්සවයේ සෑම අංගයක් සඳහාම විශාල මුදලක් වැය කළ හෙතෙම ඒ සඳහා තෝරාගෙන තිබුණේද මහනුවර ප්‍රදේශයේ පිහිට 20 May 2024
තහනම් ගහේ ගෙඩි කඩන්න ගිහින් පෙම්වතියගේ අම්මාගේ උගුලට අහුවෙලා අනියම් පෙමක සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට ගිය අයකු පෙම්වතිය කියා ඇයගේ මව හමුවීමට යාමෙන් පෙම්වතාට සිදු වූ අකරතැබ්බයක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. පාසල් වියේ සිට ඇසුරු කළ පෙම් යුවළකි. එහෙත් දෙපාර්ශවයේ මව් පිය විරසකවීමෙන් ඇති වූ අඩ දබර නිසා පෙම්වතියට පාසල හැර ගමෙන් ද ඉවත්ව යාමට සිදු විය. ඇය පිටස්තර ප්‍රදේශයක සිට ඉගෙනීම් කටයුතු නිමාකර එම ප්‍රදේශයෙන්ම විවාහ දිවියට පත් වූවාය. කෙසේ හෝ ඇය තම දරුවා රැගෙන කුරුණෑගල රෝහලේ සායනයකට පැමිණි විට පෙර පෙම්වතා 18 May 2024
නෑගම් යද්දී පාර්සලය මාරුවී දෙලෝ රත්වෙලා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී සීනි වෙනුවට සිමෙන්ති කිලෝ දෙකක් රැගෙන ගිය අපූරු කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ලස්සන ගම්මානයකින් වාර්තා වේ. කාන්තාවගේ සැමියා වඩු මහතෙකු වන අතර ප්‍රදේශයේ ජනතාව අතරත් ජනප්‍රිය තරුණයෙක් ද වේ. වඩු කර්මාන්තයට අමතරව පෙදරේරු කර්මාන්තය පිළිබඳව ද හසල දැනුමකින් සමන්විත ඔහු විවාහ වී සිටින්නේ රජයේ සාම රාජකාරියක යෙදෙන කඩිසර කාන්තාවක සමග වන අතර ඇය ද රාජකාරිය දේවකාරියක් ලෙස ඉටු කළාය. නිවසේ නාන කාමරයේ ඇති අලුත් වැඩියාවක් 18 May 2024
පන්දහසක් පෙන්වා ත්‍රිරෝද රියැදුරාගේ 4500ට විදලා රුපියල් 5000ක් පෙන්වා රුපියල් 4500ක් ත්‍රීරෝද රථ රියදුරකුගෙන් ගත් අපූරු හාදයන් දෙදෙනකු ගැන පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. ත්‍රීරෝද රථ ගාලේ ඒ අවස්ථාවේ ඔහු සිටියේ තමාට ලැබුණු ආදායම ගැන ගැනය. ලැබුණු මොනර කොළ හතර පිළිවෙළකට නව නවාය. අවුරුද්දට වියදම් වූ මුදල පියවා ගැනීමට වෙනදාට වඩා මහන්සිවී කුලී ගමන් යා යුතු යයි කීවේ ඔහුගේ සිත පමණක් නොව ගෙදර ප්‍රියම්භිකාව ද ඒ ගැන නිතර නිතර සිහි කළාය. මේ අල්ලපනල්ලේ මැදියම් වයසේ පිරිමි දෙදෙනකු ඔහු සොයා ගෙන ආවේය. 18 May 2024
ලෙඩා මැරුණැයි සිතා අනුන්ගේ මළගේකට ගිහින් මියගිය අයකුගේ මළ ගෙදරට සහභාගි වූ නඩයක් මැරුණු අය ජීවමානව දැක ආපසු ගිය පුවතක් ගල්නෑව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. මෙම ගම්මානයේ උපන් අයකු කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගම් පෙදෙසක වාසය කරන්නේය. ඔහු දුරස්ව සිටියත් මෙම ගම් සීමාවේ සිදුවෙන මළ ගෙවල් කිසිවක් අතපසු කරන්නේ නැත. මේ නිසා ගමේම උදවිය ඔහු සමග මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරති. ඔහු හිටි හැටියේ අසනීප විය. ඔහු ගමේ රෝහලටත්, එතැනින් කුරුණෑගල රෝහලටත් මාරු කර යැව්වේ රෝගි තත්වය උත්සන්න වීමෙනි. ඔහු 18 May 2024
මාගල් දෙක කෑවාට පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා තල් කොළ මාගල් දෙක අපූරුවට කා නිවසේ මුදුන් යට ලීයේ සිට පහළ බලා සිටිනවා යැයි වයෝවෘද්ධ සැමියා ලවා මීයෙකුට ගහපු ලී කැබැල්ලක් නළල් තලයේ ගැටී තුවාල ලබා ඇතැයි කියන වියපත් කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ල ප්‍රදේශයේ ගමක වියපත් යුවළක් නිවසක පදිංචිව සිටිති. මෙම යුවළගේ දරුවෝ සිව් දෙනාම විවාහ වී වෙන වෙනම පදිංචිව සිටිති. වියපත් කාන්තාවගේ තල් කොළ වලින් වියන ලද මාගල් දෙකක් එකට ඔතා කුස්සියේ පස 18 May 2024
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026