IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සංගණනය අස්සේ රිළවු බත් මුට්ටිත් උස්සන් ගිහින්


ආරච්චිකට්ටුව - ලලිත් නවරත්න



ජාත්‍යන්තර රැම්සා තෙත්බිමට ආසන්න ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තය මත යැපෙන අතර රිළවුන් දඬු ලේනුන්ගෙන් සහ මොනරුන්ගෙන් වන හානි හේතුවෙන් තමන්ට ලැබෙන අස්වැන්න නාස්ති වී කෘෂිකර්මාන්තය පිළිබඳව කලකිරීමෙන් සිටිති. 
එපමණක් නොව තමන් උයා පිහාගත් ආහාරවේල කෑමට ගන්නා තෙක් එය ආරක්ෂා කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව ඔවුහු පවසති. ඇසිපිය හෙලූ පමණට බත් මාලු පිනි මුට්ටි රිළවුන් විසින් කුස්සිවලට පැන උස්සා‍ගෙන යන අතර රිළවුන් සහ දඬුලේනුන් විසින් පොල් සහ එළවළු පලතුරු වගා බලාගෙන සිටියදී විනාශ කරන බවත් මොනරුන් වී වගා එළවළු වගා අස්වැන්නෙන් පංගුවකටත් වඩා විනාශ කරන බවටත් ඔවුහු මැසිවිලි නගති.


පසුගියදා තිබූ සත්ව සංගණනයෙන් පසු තමන්ට සතුන්ගෙන් වන හානියට පිළියමක් ලැබෙයි, යන විශ්වාසය මත එයට සහයෝගය දීමට මෙම පවුලේ පිරිස අධිෂ්ඨාන කරගත් අතර එම හේතුවෙන් අක්කරයක් පමණ වපසරියකින් යුත් ඉඩමට වෙනදා වගේ විනාශයට එන සතුන් එළවා දැමුවේද නැත.
ඉඩම පිටුපසට එන සතුන් සංගණනයට යාම හේතුවෙන් මුළුතැන්ගෙයත් උදේට පිසින ලද ආහාර වේලත් අමතක විය.
ඇත්තේ විනාඩි පහකි. පිටුපසට යන වෙනදා එන සතුන් පැමිණ සිටද නැත. නැවත නිවස ආසන්නයට විනාඩි 5 ට කලින් දිව ආ විට කිසිම සතකු දක්නට සිටියේ ද නැත. උදේට උයාගත්ත බත් මාලු‍ පිනි මතක් විය. මොනවා බලන්නද බත් මුට්ටියත් මාලු‍ පිනි ඇතිලිත් රිළවුන් ගෙන ගොස්ය.
කාටද ඉතින් පැමිණිලි කරන්නේ....
නිවාඩු දිනයක් හේතුවෙන් පාසල් නොගිය දරුවොත් ගෙදර අයත් කුසගින්නේ සිටියහ. සංගණනයට 0 දැමීමට සිදුව ඇත.



අදහස් (1)

සංගණනය අස්සේ රිළවු බත් මුට්ටිත් උස්සන් ගිහින්

P.Walikala Friday, 21 March 2025 06:40 PM

ටොම් පච...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site