නියමිත බර නැතැයි කියා ලේ ගැනීම ප්‍රතික්ෂේප කළ තරුණයකු නිසි ලෙසට බර සකසාගෙන ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයකට දායක වු පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
වාර්ෂිකව සිදු කරන ලද ලේ දන් දීමේ වැඩ සටහනකි.
මේ සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියෝ විශාල වශයෙන් ඒකරාශි වී ලේ දන්දීමට එක් වූහ.
එහිදී එක් තරුණයකු කියා සිටියේ මෙවර මේ අවස්ථාවට තමා ද සහභාගි වෙන බවයි.
ඒ අනුව ඔවුන් එක්ව ලේ පරිත්‍යාග කිරීම සඳහා එතැනට ගොස් අදාළ පත්‍රිකා පුරවා බාර කිරීමේ පෝළිමට පෙළ ගැසුණි.
සියලු දෙනා ඒ සඳහා සුදුසුකම් ලැබුවත් ආශාවෙන් පැමිණි නවකයාට ඒ අවස්ථාව ගිලි හුණි.
“මොකද ප්‍රශ්නය” පැමිණි හිතවත්තු විමසූහ.
“බර මදි කියනවා. මාර වැඩේනේ” ඔහු කීවේය.
ඔහු නැවත වෛද්‍යවරයා හමුවිය.
“සර් ලේ දෙන්න බර කොච්චර ඕනෑද”
“කිලෝ 50 ක් සම්පූර්ණ වී තිබිය යුතුයි. ඊට වඩා අඩු අයට ලේ දෙන්න බැහැ.” දොස්තර පිළිතුරු දුන්නේය.
ඔවුන් එහි රැඳී සිටියදීම ඔහු පිටතට ගියේය. ටික වේලාවකින් ඔහු නැවත එතැනට ආවේය.
“සර් මම කඩේට ගිහින් බර කිරුවා. මගේ නියම බර කිලෝ 50 ක් තියෙනවානේ. ඒ හින්දා මගේ ලේ ගන්න.” ඔහු ආයාචනා කළේය.
“ඔයාගේ බර තිබුණේ කිලෝ 49 ක් නේ. එන්න ආයේ බලන්න” කියු සේවකයෙක් ඔහුගේ බර නැවත කිරුවේය.
“ඔව්, මෙයාගේ බර කිලෝ 49 ක් නොවෙයි කිලෝ 50 ක් තියෙනවා සර්” එහි බර කිරූ කාර්ය මණ්ඩලයේ සේවකයා ද කීවේය.
ඒ අනුව ඔහු ඇද මත දිගා විය. ලේ දන් දුන්නේය.
ඉන් අනතුරුව මාලු බනිස් ගෙඩියක් කාලා, කිරි තේ වීදුරුවක් බීලා යන අතරේ ඔහු අසල තිබු වෙළඳසලකට ගොඩ වුණේය.
“මුදලාලි මෙන්න අරගෙන ගියපු කිලෝ එකේ පඩිය ගෙනාවා” කියා දුන්නේය.
කිලෝ එකක් බර අඩු ඔහු මුදලාලිගෙන් කිලෝවේ පඩිය ඉල්ලාගෙන ගොස් එය සාක්කුවේ දමාගෙන බර කිරා නිසි බර පෙන්නා ලේ දන් දී ඇති බව වැටහුණු ගජ මිතුරු කැල “උඹ නම් මරු බඩුවක් තමා” යනුවෙන් කීවාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර බඩුව තමයි, එකා කලන්තේ දාලා වැටුනා නම් ලේ දෙන්න නෙවෙයි ගන්න තමයි වෙන්නේ