IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
එදා උදේ නිවසේ සිටියේ ඔහු පමණි. භාර්යාව රැකියාවට ගොසිනි. දරු දෙදෙනා පාසලේය. ඔහු රැකියාවට නොගොස් සිටියේ නිවසේ අවශ්‍යතාවකටය. එදා උදේම ඔහුගේ නිවසේ දොරට තට්ටු කළේ ලස්සන නෝනා කෙනෙකි. සිය භාර්යාව සමග සංසදනය කරන විට ඇය දෙවඟනකි. ඇය අතේ තිබුණේ භාණ්ඩ වර්ග කිහිපයකි.
 තමා එක්තරා සමාගමක නියෝජිතවරියක බව ඇය කීවාය. පැමිණියේ සිය සමාගමේ භාණ්ඩ වර්ග කිහිපයක් හඳුන්වාදීමට බවද කීවාය. ඔහු බැලු‍වේ ඇයගේ අතේ තියෙන භාණ්ඩ නොව ඇයගේ වත දිහාය. මහත්තයාට ඇය සිය සමාගමේ භාණ්ඩ ගැන හඳුන්වා දුන්නේ කඩා හැලෙන දියඇල්ලකින් වතුර ගලන්නාක් මෙන් මිහිරි වදන් වලිනි. මහත්තයා ඇගේ වතට පමණක් නොව කතාවට ද එකසේ වශී වූවේය.


මහත්තයාත් ඇය සමග දැන් හරි හරියට කදේය. ආගිය විස්තර මෙන්ම ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිතයද දෙදෙනා අතර හුවමාරු විය. මහත්තයා නිවස තුළට ගියේ ඇයට බීමට තේ එකක් රැගෙන ඒමටය. තමා තේ වත් කර ගෙන එන තෙක් ඇයට නිවස තුළට වාඩිවී සිටීමට ආරාධනා කිරීමට තරම් මේ මහත්තයා කාරුණික වූවේය.
තේ එකක් හදාගෙන ඒමට ඔහුට කාලයක් ගතවිය. මහත්තයා තේ එක හදාගෙන එන විට මේ නෝනා අන්තරස්දානවී තිබිණි. සොයා බැලු‍වත් ඇය ගිය තැනක් සොයා ගැනීමට ද නොහැකිවිය. අතට ආ කිරිල්ලිය අල්ලා ගැනීමට තරම්වත් තමා වාසනාවන්ත නොවූ බව සිතමින් ඔහු දුක්වූවේය.
නිවාඩු දැමූ කාරණාවට යන්න මහත්තයා සූදානම් වූවේය. සාලයේ මේසයේ තිබූ මුදල් පසුම්බිය සෙව්වත් සොයා ගැනීමට නොහැකි විය. ඔහුට එවිට සිහියට ආවේ උදේ නිවසට ආ සිරියාවන්ත නෝනාලු‍.

 



අදහස් (0)

දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6121 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 344 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site