කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.
වගාවෙන්ම ජීවිතය ගැටගහගත් අයෙකි. කුඹුරු කෑල්ලෙන් හා කුරුඳු ඉඩමෙන් ලැබූ ආදායමෙන් යාන්තමට ජීවිකාව කරගෙන ගියේ වෙනත් විකල්පයක් නැති නිසාය.
මෑතක සිට එන වන සතුන් නිසා ඔහුගේ වගාවටද දැඩි බලපෑම් එල්ලවිය. ඔහුගේ කුඹුරට හා කුරුඳු ඉඩමට එන වන සතුන්ට ඕනෑම දෙයක් කරන්නට යයි ගමේ කොල්ලන්ට කීවේ එක්තරා ඇමැතිවරයකු වගා බිම්වලට එන වන සතුන් සම්බන්ධයෙන් කළ එක්තරා ප්‍රකාශයක් නිසාමය.
ඔහුගේ කුඹුරට මොනරු එති. ඒ ගොයම් ගස්වල වී උරා බීමටය. ඒ මදිවට විල් මුවෝද එති. ඒ ළපටි ගොයම භුක්ති විදීමටය. මොනරුන් කෙසේවෙතත් කුඹුරට එන විල් මුවන් සම්බන්ධයෙන් කොල්ලන් සිටියේ දැඩි සෝදිසියෙනි.
කතානායකයා පෙරේදා (15) උදේ පාන්දරම කුඹුරට ගියේ සත්ව සංගණනයටය. ඒ කුඹුරට එන මොනරුන් ගණන බලා කොළයක සටහන් කරන්නය. පුදුමය කියන්නේ වෙනදා උදේ කුඹුරට ආ මොනරු රැළෙන් එක මොනරෙකුවත් මෙදා ඇවිත් සිටියේ නැත. ඔහුට එය හරි පුදුමය. ඒ නිසා ඔහු කුඹුරේ කෙළවරටම ගියේ අඩු තරමෙන් එක මොනරෙකුවත් ඒදෝයි මාන බැලීමටය.
ඔහුට වැඩි දුරක් කුඹුරේ නියරේ යාමට නොලැබුණේය. කොල්ලන් කුඹුරට එන විල් මුවන්ට ඇටවූ කම්බි උගුලකට අසුවුණේය. කකුල කම්බියට තදවනවාත් එක්කම ඔහු කුඹුරට වැටුණේය. ඔහු නියරින් කුඹුරට වැටුණේ දුරින් සිටි භාර්යාවද බලා සිටියදීමය.
මවගේ විලාපය අසා පැමිණි දූදරුවෝ කකුලේ පැටලී තිබූ කම්බි පොට ගලවා මඩ සෝදා ඔහු ගොඩට ගත්තෝය. ඔහුගේ තත්ත්වය ටිකක් බරපතළ හෙයින් මඩෙන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමට දරුවන් පියවර ගත්තේ ඔහුගේ රුධිර පීඩනය වැඩි බව අවබෝධ වීමත් සමගය.
එදා උදේ ඔහු රුධිර පීඩනයට බොන බෙහෙත් පෙති නොගෙන උදේම සත්ව සංගණනයට යාමත් කම්බියට පැටලී කුඹුරේ වැටීමෙන් ඇතිවූ කම්පනයත් නිසාම ඔහුගේ රුධිර පීඩනයද වැඩිවීමට හේතුව බව වෛද්‍යවරු කීහ. දූ දරුවන් එම අවස්ථාවේදීම ඔහු රෝහල් ගත නොකළේ නම් සත්ව සංගණනයට ගිය ඔහුට ගණනය කරන්න වෙන්නේ තමන්ගේ ලෝකයට එන මළවුන් බවද වෛද්‍යවරු සිනාසී කීහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සංගණනයට ගිහින් උගුලකට අහුවෙලා
ගුණරත්න Monday, 17 March 2025 01:16 PM
ඔය විල් මුවා කියන්නේ කුඩා බල්ලෙක්ටත් වඩා පුංචි මුවෙක්, වඳවීයාමේ තර්ජනයට ලක්වෙලා ඉන්න සත්වයෙක්.