IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හොරෙන් කැපු කැන වහල්ලෙන් හොයාගෙන

සොරකු රාත්‍රී කාලයේ තම ගෙවත්තේ පැසී තිබූ කෝලිකුට්ටු කෙසෙල් කැන කපාගෙන යාමේ දී ගසේ ඉතිරි වී තිබූ වහල්ලේ කොටසින් නැති වූ කෙසෙල් කැන සොයාගත් කාන්තාවක පිළිබඳව ලංකාදීපයට වාර්තා වෙයි.
මෙම සිද්ධිය වී තිබුණේ වයඹ   ප්‍රදේශයේ ගම්මානයක් ආසන්න ප්‍රදේශයකය. වාර්තාවන අන්දමට අදාළ ප්‍රදේශයේ එක්තරා නිවසක ගෙවත්තේ තිබූ කෙසෙල් වගාවේ එක් කෝලිකුට්ටු පඳුරක පිරිපුන් ගෙඩිවලින් යුත් කෝලිකුට්ටු කෙසෙල් කැනක් වැටී තිබී ඇත. 
හොඳින් පැසී තිබූ කැන තව ටිකක් පැසුණ පසු කැපීමේ අරමුණින් කෙසෙල් පඳුරේම තැබීමට  ගෙවත්තේ  අයිතිකරුවන් තීරණය කර ඇත.
මේ අතරතුර එක්තරා උදෑසනක පුරුදු පරිදි කෙසෙල් කොටුවේ හිමිකරු කොටුව වෙත ගිය අවස්ථාවේ පෙරදින කෝලිකුට්ටු පඳුරේ තිබූ කෙසෙල් කැන අතුරුදන් වී ඇති බව දැක ඇත.
පසුව නිවසට පැමිණි කෙසෙල් කොටුවේ හිමිකරු කෝලිකුට්ටු කැන සොරුන් විසින් කපා ගෙන ගොස් ඇති බව තම බිරියට ප්‍රකාශ කර ඇත.


එම කෝලිකුට්ටු කැන අලෙවි කිරීමෙන් සැලකිය යුතු මුදලක් තමන්ට ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී යාම පිළිබඳව මහත් සේ කම්පාවටත් කෝපයටත් පත්ව දෙස් දෙවොල් තියමින් සිටි කාන්තාව කාන්තාව එක්වරම තම දෙස් දෙවොල් තැබීම මඳකට නවත්වා නිවසේ කුස්සියට ගොස් මන්නා පිහියක් ගෙන ඉක්මන් ගමනින් කෙසෙල් කොටුව වෙතට යනු ඇගේ සැමියා දැක ඇත.
කිසිත් වටහා ගත නොහැකි වී අන්ඳ මන්දව බලා සිටි ඇයගේ සැමියා ද තම බිරිය යන පසුපසම කෙසෙල් කොටුව වෙත ගොස් ඇත.
පිහියත් රැගෙන කුමක් කරන්න යනවාදැයි කීප අවස්ථාවක් සැමියා බිරිඳගෙන් අසා ඇතත් ඊට පිළිතුරක් නොදුන් බිරිඳ කෝලිකුට්ටු කෙසෙල් පඳුර අසලට ගොස් සොරුන් විසින් කපාගෙන ගොස් ඉතිරි වී තිබූ කෙසෙල් ගස කපා බිම හෙළා එම ගසේ ඉතිරි වී තිබූ කෙසෙල් කැනේ වහල්ලේ කොටස කපාගෙන ඇත.
තම බිරිය  මේ කුමක් කරන්නේ දැයි කුතුහලයෙන් බලා සිටි කෙසෙල් කොටුවේ හිමිකරු මොකක්ද ඔය කරන්න සූදානම් වන්නේ යනුවෙන් බිරිඳගෙන් විමසා ඇත.
එවිට හොරෙන් කපපු කෙසෙල් කැන මම සොයා ගන්නම්, යනුවෙන් පවසමින් කාන්තාව ලහි ලහියේ ගම පුරා යමින් ගමේ ඇති වෙළඳ සැල්වල එල්ලා තිබූ කෝලිකුට්ටු කැන්වලට තම අතේ ඇති කෝලිකුට්ටු වහල්ලේ ඉතිරි කොටස තබමින් පරීක්ෂා කිරීමට පටන් ගෙන ඇත.
එයින් නොනැවතුණ කාන්තාව ගමට එහා ගමට ද ගොස් එම ගමේ ඇති වෙළඳ සල්වල එල්ලා තිබූ කෙසෙල් කැන්වල නැටිවලට තම අතේ තිබූ කෙසෙල් වහල්ලේ කැපුම තබා පරීක්ෂා කරමින් යන අතරතුර එක්තරා වෙළඳ සලක එල්ලා තිබූ කෙසෙල් කැනක නැට්ටේ කැපුම ඇයගේ අතේ තිබූ වහල්ලේ කැපුමට සමාන වූ බැවින් එය තමන්ගේ වත්තේ තිබූ කෝලිකුට්ටු කෙසෙල් කැන බවට හඳුනාගෙන ඇත.
කාන්තාව වෙළඳසල් හිමියාගෙන් කෙසෙල් කැන පිළිබඳව විස්තර විමසද්දී තමා දන්නා හඳුනන තම වෙළඳසලට නිතිපතා කෙසෙල් කැන් ලබාදෙන අයකු විසින් එදින උදේ මෙම කෙසෙල් කැන ගෙනැවිත් දුන් බවත් කෙසෙල්  කැනේ මුදල් ලබා ගැනීම සඳහා ඔහු සවස පැමිණෙන බවට පවසා ගිය බවත් වෙළඳ සල්  හිමියා විසින් කාන්තාවට පවසා ඇත.
එවිට කාන්තාව වෙළඳ සල් හිමියාට ප්‍රකාශ කර ඇත්තේ මෙම කෙසෙල් කැන තමාගේ ස්වාමිපුරුෂයාට අයත් කෙසෙල් කොටුවේ තිබී ඊයේ රාත්‍රියේ සොරාගෙන තිබූ එක බවත් තම අතේ තිබෙන්නේ එසේ සොරා විසින් කෙසෙල් කැන කපාගෙන යාමෙන් පසු ගසේ ඉතිරි වූ වහල්ලේ කොටස බවත් තමන් ප්‍රදේශය පුරා යමින් කඩවල්වල එල්ලා තිබූ කෙසෙල් කැන්වලට මෙම වහලු‍ කොටස තබමින් පරීක්ෂා කරද්දි මේ කඩේදී එය හම්බ වූ බවය. 
මෙම සිද්ධියෙන් බියට පත්වූ වෙළඳසල් හිමියා දැන් මෙම කෙසෙල් කැනට කුමක් කරන්නේ දැයි කාන්තාවගෙන් විමසා ඇත.
එවිට කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ පොලීසි ගියොත් මුදලාලිත් අමාරුවේ වැටෙන බැවින් කෙසෙල් කැනේ නියම වටිනාකම තමාට ලබා දෙන ලෙසය.
ඒ අනුව මෙම ගනුදෙනුව ගොඩින් බේරා ගැනීමේ අදහසින් වෙළඳසල් හිමියා විසින් කෝලිකුට්ටු කෙසෙල් කැනේ නියම වටිනාකම කාන්තාවට ලබා දී ගනුදෙනුව බේරාගෙන ඇත.
පසුව ජයග්‍රාහී ලීලාවෙන් නිවසට පැමිණෙන කාන්තාවගෙන් කෙසෙල් කැන් වහල්ලත් අරගෙන කොහේද ගියේ, යැයි ඇගේ සැමියා විමසා ඇති අතර ‘කොහොමද මගේ මොළේ හොරෙන් කපා ගෙන ගොස් තිබූ කෙසෙල් කැන නම් සොයාගත්තා, මම අතාරින්නෙ නෑ හොරාවත් හොයාගන්නවා, යැයි ජයග්‍රාහී ලීලාවෙන් සිය ස්වාමි පුරුෂයාට පවසා ඇති බව ද වාර්තා වෙයි.

 මාදම්පේ එස්. හේරත්

 

 



අදහස් (0)

හොරෙන් කැපු කැන වහල්ලෙන් හොයාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site