කඹුරුපිටිය විශේෂ – කේ. අජිත්
එක්තරා ආයතනයක ප්‍රධානියකු ගමකට ගොස් කිතුල් ගසකට නැග කිතුල් රා බී ගසෙන් බැසීමට යාමේ දී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
දකුණු පළාතේ පිහිටි කාර්යාලයකි. එහි කාර්ය සහායක ග්‍රාමීය පෙදෙසක සිට රැකියාවට පැමිණි හිත හොඳ තැනැත්තෙකි. ඔහු බොහෝ දිනවල කාර්යාලයේ හිතවතුන් සඳහා කිතුල් පැණි, කිතුල් හකුරු රැගෙන ආ අතර එය ඔහුගේ ආර්ථිකයට ද මහඟු පිටුවහලක් විය.
පසුගිය දිනෙක ස්ථාන මාරු ලැබ එහි පැමිණි ප්‍රධානියාට කිතුල් පැණි බෝතලයක් ලබා දුන් අවස්ථාවේ “පැණි විතරද, කිතුල් රා නැද්ද” යනුවෙන් මද සිනහවක් පාමින් ඔහුගෙන් විමසීය. ප්‍රධානියා සමග හිතවත්වීමට මෙය කදිම අවස්ථාවක් ලෙස සිතූ ඔහු “සර් අපේ ගෙදර එන්න. හොඳ කිතුල් රා බොන්න පුළුවන්. ගමේ දොළෙන් නාන්නත් පුළුවන්” යනුවෙන් ආඩම්බරයෙන් පැවැසීය.
කලකින් උදාවන අවස්ථාව ගැන ප්‍රධානියා ඉතා සතුටට පත් වූ අතර කිතුල් රා මතක් වී තලු මරන ඔහු දුටු සේවකයාට සිනා පහළ විය. ආරාධනාව ඉතාම සතුටින් පිළිගත් ආයතන ප්‍රධානියා ප්‍රමාද නොකරම ඊළඟ සති අන්තයේ දිනෙක උදෑසනින් ගමනට පිටත් විය. නිවසට ළඟාවත්ම දුරතියා දුටුවේ සේවක මහතා කිතුල් මල මැදීමට සූදානම්ව සිටින බවයි. ආයතන ප්‍රධානියා සුහඳව පිළිගත් සහායක නිවස තුළට පැමිණෙන ලෙස පැවසීය. එහෙත් තමාට ද කිතුල් ගස අසලට යෑමට අවශ්‍ය බව පවසා දෙදෙනාම පිටත් වූහ.
හැරපට ඔස්සේ ගසට නඟින ඔහු දෙස නොඉවසිල්ලෙන් බලා සිටී ප්‍රධානියා බාධා කිරීම් නොතකා ගසට ගොඩවූයේ එය උස අඩු කිතුල් ගසක් වීම හේතුවෙනි. “සර් බහින්න මම මුට්ටිය බිමට ගන්නම්. ගහේදි බොන්න හොඳ නැහැ. මුදුන් මලේ රා සැර වැඩියි”. යනුවෙන් පැවසුව ද ඔහු පොල් කටුව ගෙන රා බොන්නට විය. එහෙත් නොසිතූ ලෙස ඉතා ඉක්මනින් මත් වී කැරකෙන්නට වූයෙන් ඔහුට දෙවියන් සිහිවිය. බලාපොරොත්තු නොවූ මෙම සිද්ධියත් සමග සේවක මහතාද මහත් බියට පත් වී ප්‍රධානියාට වැටෙන්නට නොදී ගසට තබා අල්ලා ගෙන ඊට නුදුරින් පිහිටි නිවසට කතා කොට කඹයක් ගෙන්නා ප්‍රධානියා ගසට තබා බැඳ තැබිය. ඔහුගේ වෙරි හිදෙන තුරු පැය ගණනක් බලා සිටීමට සේවකයාට සිදු වූ අතර ගමේ කිහිප දෙනකු කැඳවා ඔවුන්ගේ ද උදව් ඇතිව ප්‍රධානියා බිමට බස්ස වනවිට ගස මුල බොහෝ දෙනෙක් රැස්ව සිටියහ. එය දුටු ප්‍රධානියාට හීන් දාඩිය දමන්නට වූ අතර ලැජ්ජාවෙන් මුහුණ රතු විය.
කඩිනමින් සේවකයාගේ නිවසට පැමිණි ඔහු දිවා ආහාරය ද නොගෙන තම නිවස කරා ගියේ තම ජීවිතයට අමතක නොවන පාඩමක් ද ඉගෙන ගනිමිනි.
2025 නොවැම්බර් මස 21
314
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
344
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රා බොන්න ගිහින් අලි අමාරුවක වැටිලා