IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අපූරු උපායෙන් අන්දමන්ද වෙලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



තමාට එරෙහිව පෙත්සම් ගැසූ සේවකයින් අල්ලා ගැනීමට අපූරු උපක්‍රමයක් අනුගමනය කළ ආයතන ප්‍රධානියකු පිළිබඳව ගාලු‍ දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
ආයතන ප්‍රධානියාගේ රාජකාරියට එරෙහිව අදාළ ආයතනවලට පෙත්සම් ගියේ දිනපතාය. තොග පිටිනි. මේ පෙත්සම් ගසනුයේ තමාගේ ම ආයතනයේ සේවකයන් යැයි ආයතන ප්‍රධානියා සැක කළේය. 
තමා ළඟින් ඇසුරු කරන සේවකයන් රහස් පොලීසිය මෙන් යෙදෙව්වත් පෙත්සම් ගහන අය අල්ලා ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවීය. අන්තිමේදී තමාට පෙත්සම් ගසන අය අල්ලාදීමට දෙවියන්ට භාර කෙරිණි.
මේ ළඟදී ආයතනයේ කම්කරුවෙක් ආයතනයට රැගෙන ආ පිඟන් ගඩොල් කැට බාමින් සිටියේය. එහිදී ඔහුට කොන්දේ අමාරුවක් සැදුණේය. මෙය කන වැකුනු ආයතන ප්‍රධානියා සෙසු සේවකයන් සමග පවසා තිබුණේ එම සේවකයාට කොන්දෙ අමාරුව හැදුනේ තමාට පෙත්සම් ගැසූ නිසා බවය. තමාට පෙත්සම් ගැසූ අය පෙන්වා දෙන්න යයි දෙවියන්ගෙන් කළ ඉල්ලීම අනුව බවය.


ඔය ආකාරයට තව සේවකයකුගේ අතක් කැපුනේය. එයද මේ ආයතන ප්‍රධානියාට දැන ගන්නට ලැබුණේය. ඔහු ද පෙත්සම් ගැසූවෙකු යයි හංවඩු ගැසිනි. මෙලෙස සේවකයන් දෙදෙනෙකුම තමාට පෙත්සම් ගැසුවේ යයි කියමින් කිසිදු පදනමක් නොමැතිව ඔවුන් වැරදිකරුවන් කර හමාරය.
මේ මිනුම් දණ්ඩ නිසාම දැන් එම ආයතනයේ සේවය කරන සේවකයන් හා සේවිකාවන් රාජකාරි කරනුයේ හරි පරිස්සමටය. අනතුරක් සිදු නොවන ආකාරයටය. පාරේ තොටේදීත් නිවසේදීත් ඔවුන් කල්ගෙවනුයේද පරිස්සමටය. අනතුරක් සිදු නොවන ආකාරයටය. කිසිදු අයුරකින් හෝ අනතුරක් සිදුවුණොත් තමන් සිය ආයතනයේ ප්‍රධානියාට පෙත්සම් ගැසූවේ යයි හංවඩු ගැසීම නිසා ඔවුන් එසේ පරිස්සම් වෙනවාලු‍.

 



අදහස් (0)

අපූරු උපායෙන් අන්දමන්ද වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site