IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඕපාදූප හොයන්න හොදි හැන්දත් අරන් ගිහින්


රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි



ඕපාදූප සෙවීම සම්බන්ධයෙන් නම්දරා සිටි කාන්තාවක ගමේ පිරිසක් අතර සිදුවූ රණ්ඩුවක් පිළිබඳව විපරම් කිරීම සඳහා කුස්සියේ ළිප මත තබා තිබූ වෑංජනයක් හැඳිගාමින් සිටි පොල්කටු හැන්ඳ ද අතැතිව දිවයාමේ පුවතක් රුවන්වැල්ලට නුදුරු ගමකින් අසන්නට ලැබිණි.
මැදිවියේ පසුවූ මෙම කාන්තාව ගමේ සිදුවන සෑම දෙයක්ම පාහේ දැන සිටි අතර, ඒවා සොයාබැලීම සඳහා දෛනික කටයුතුවලින් ප්‍රමුඛ තැනක්ද දී තිබිණි. ඒ අනුව ඇයට හොරා කිසිම දෙයක් කළ නොහැකි තැනට ගම පත්වී තිබුණේ උකුසු ඇසින් ඇය ඒ සියලු‍ තොරතුරු දැන සිටි නිසාවෙනි. එසේම ඒ සඳහා අපූරු දක්ෂතාවයක් ද ඇය සතුව තිබූ බැවිනි. ඒ නිසාම රොයිටර් යන අන්වර්ථ නමකින්ද ගම්මුන් විසින් ඇය හඳුන්වනු ලැබුවාය.
මේ අතර පසුගිය දිනෙක හවස්යාමයේ ගම කෙළවර විසූ දෙපිරිසක් අතර රණ්ඩුවක් ඇතිවූයේ පවුල් ආරවුලක් නිසාවෙනි. රණ්ඩුව දිගින් දිගට ඇවිළී යද්දී ගමේ අහල පහළ උදවිය එම ස්ථානයට එක්රොක් වූහ. ඒ අතරේ එහි දිව ආ ඕපාදූප සොයන කාන්තාව අතේ පොල්කටු හැන්ඳක්ද විය. සිදුවන්නේ කුමක්දැයි දැනකියා ගැනීමේ ඇති බලවත් ආශාව හා කුතුහලය නිසාම හොද්ද හැඳිගාමින් සිටි හැන්ඳ ද අමතක වී හදිසියට එයද ඇය විසින් රැගෙනවිත් තිබිණි.


රැස්ව සිටි සෙනඟ අතර සිටිමින් තොරතුරු විමර්ශනය කරමින් සිටි ඇයගෙන් එවෙලෙහි එහි සිටි අයකු ඇසුවේ අතේ පොල්කටු හැන්ඳක් ඇයි දැයි කියාය. එම පැනයෙන් සිහිඑළඹ ගත් ඇය අතින් හිසට ගසාගෙන ඇත්තේ ළිපේ තබා හැඳිගාමින් සිටි පරිප්පු හොද්දට කුමක් සිදුවී ඇතිදැයි සිතාගැනීමට වත් නොහැකි වීමෙනි.
එහිදී කලබල වූ ඇය නිවස දෙසට දිවයනු දුටු සමහරු පවසා සිටියේ තොරතුරු සොයන්නට ඇවිත් මෙදාපාර නම් එයා හොඳ පරිප්පුවක් කන්නට ඇති බවය. ළිපේ තිබ්බ පරිප්පු හොද්දට ගිනි ඇවිළිලාද දන්නෙත් නැහැ යයි එහි සිටි අයකු හඬ ගා කියත්ම, රණ්ඩුවද අහවර වී සිනාසෙන්නට වූ පිරිස, රෑ බෝවීමට පෙර නිවෙස් බලා ගිය බව එහි සිටි 
අෙයක් මෙකී පුවත විස්තර කරමින් පවසන්නට විය.

 



අදහස් (0)

ඕපාදූප හොයන්න හොදි හැන්දත් අරන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1116 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site