IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇඳුම මාරු වී රෙදි ගැලවිලා


කඹුරුපිටිය විශේෂ කේ. අජිත්



කලබලය හා වෙරිමත නිසා තම ඇඳුම මාරුවී සභාවක් ඉදිරියේ ලජ්ජාවට පත් වූ පුද්ගලයකු පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
දකුණු පළාතේ ප්‍රධාන නගරයක් ආසන්නයේ පිහිටි ප්‍රධාන ආයතනයක ප්‍රධානියාගේ දියණියගේ විවාහ මංගල්‍යය උත්සවය සඳහා ඔහු තම ආයතනනයේ සියලු‍ දෙනාටම ආරාධනා කළේය. ඔහුගේ නිවසද නගරය සමීපයෙහි පිහිටා තිබූ බැවින් බොහෝ දෙනකු එහි පැමිණියේ යතුරුපැදි වලිනි.
නිවසට පැමිණි තම කාර්ය මණ්ඩලය සතුටින් පිළිගත් ඔහු සංග්‍රහ කටයුතු සිදු කරන්නට විය. ඒ අනුව පිරිමි පාර්ශවය නිවසේ පිටුපස පිහිටි කාමරයක් වෙත කැඳවන ලද්දේ ඔවුන්ට විශේෂ සංග්‍රහයක් කිරීම සඳහා ය. මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය නිසාවෙන් බොහෝ දෙනෙක් තම තමන් පැලඳ සිටි ජැකට් සහ කෝට් ගලවා එහි තිබූ ඇඳුම් රඳවනයේ එල්ලා තබා සංහ්‍රහය භුක්ති විඳින්නට වූහ. මධුවිතෙන් සප්පායම් වූ පිරිස දහවල් ආහාරයද ගෙන නටමින්, ගී ගයමින් විනෝද වූහ.
මංගල සභාවේ කටයුතු ඇරඹීමත් සමඟ බොහෝ දෙනෙක් පතිකුලයට පිවිසි නව යුවළට සුභාශිංෂණ එක් කරන්නට වූහ. ඒ අතරතුර මංගල සභාව මෙහෙයවමින් සිටි තැනැත්තා කාර්යාලයෙන් පැමිණි පිරිසෙන් එක් අයකුට මංගල සභාව අමතන ලෙස පවසා පසුව එක් පුද්ගලයකුගේ නම ප්‍රකාශ කළේය. තම නම ඇසෙත්ම කලබලයට පත්වූ එම පුද්ගලයා කාමරයට දිවගොස් රඳවනයේ එල්ලා තිබූ තම කෝට් එක පැලඳ ගනිමින්ම මංගල සභාවට පිවිස තම කතාව ආරම්භ කළේය. සුළු වේලාවක් යත්ම උත්සව සභාවේ සිටි සමහර දෙනකු ඔහු දෙස විමතියෙන් බලා සිටින්නට වූ අතර, කිහිපදෙනෙක් සිනාමුසුව එකිනෙකා සමඟ මුමුණන්නට වූහ. තම කථාවේ රසවත් බව නිසා පිරිස මෙලෙස හැසිරෙනු ඇතැයි සිතූ මොහුද සිනාසෙමින් උස් හඩින් කතාව දිගටම කරගෙන යන්නට විය.
මේ අවස්ථාවේ ඔහුගේ යහළුවකු පැමිණ කනට කර යමක් පවසා යන්නට විය. එසැණින් කලබලයට පත් වූ මොහු තම කෝට් එක වෙත නෙත් යොමු කරත් ම තමා ජැකට්ටුවක් ඇඳසිටි බව දැක තරු පෙනිණි. මහත් ලැජ්ජාවට පත් වූ මොහු ඉක්මනින් කතාව අවසන් කර මංගල සභාවෙන් ඉවත් වන විට මෙතෙක් පැවති වෙරි මතද හිදී ගොස් තිබිණි.

 



අදහස් (1)

ඇඳුම මාරු වී රෙදි ගැලවිලා

Lalla Thursday, 27 February 2025 09:35 AM

බේබද්දෙකුට මංගල සභාව අමතන්න දුන්න එවුන්ට ගහන්න ඕන නැතිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site