IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සැමියාට දඩුවම් කළාට බිරිය හොදවැයින් ලොක්කා අමතලා

නොදන්වා සේවයට නොපැමිණීම පුරුද්දක් කරගත් පුද්ගලයකුට ආයතන ප්‍රධානියා විසින් දඬුවම් ලිපියක් නිකුත් කිරීමෙන් කුපිත වූ  ඔහුගේ බිරිය  ආයතන ප්‍රධානියට දුරකතන ඇමතුමක් ලබා දී හොඳවැයින් ඇමතූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
එය පළාතේ සැලකිය යුතු පිරිසක් සේවය කරන ආයතනයකි. ඔහු එහි කම්කරු රැකියාවක නිරත වන්නෙකි. වසර විස්සකට එහා අත්දැකීම් ඇත්තෙකි. එහෙත්  ඔහු නිරන්තරයෙන් ආයතන බිමේ ලෙඩ දාගන්නෙකි.
සතියකට වරක් හෝ නොදන්වා සේවයට නොපැමිණීම ද ඔහුගේ පුරුද්දකි.  ඔහුගේ මේ වැරැද්ද හේතුවෙන් ආයතන ප්‍රධානියා පමණක් නොව සෙසු සේවක පිරිස් ද දැඩි අපහසුතාවන්ට පත් වූ වාර ගානද  කොතෙක් දැයි කිව නොහැකිය.
 දිගින් දිගටම සිදු කරන මේ වැරැද්ද ඔහු පහුගිය දිනක ද සිදු කළේ ආයතනයේ සෙසු නිලධාරීන් සියල්ලම අපහසුතාවට පත් කරමිනි. හේතුව වූවේ එදින එහි විශාල උත්සවයක් ද සංවිධානය  කර තිබූ හෙයිනි.
ඔහුගේ මෙම ක්‍රියාවට තිත තැබිය යුතු යැයි සිතූ ආයතන ප්‍රධානියා ඔහු දිගින් දිගටම සිදුකරන වැරදි සියල්ල මෙන්ම ඊට අවවාදයක්ද සහිත ලිපියක් සකස් කොට ඔහුට ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් තමුන්ට නිදහසට කීමට  ඇති කරුණු දිනක් තුළ ලබා දෙන ලෙසද එහි සඳහන් කරමිනි.


ලිපිය නිකුත් කර පැය 24 ක් යන්නටත් මත්තෙන් ආයතන ප්‍රධානියාගේ පෞද්ගලික දුරකතනයට  තවත් දුරකතනයකින් ඇමතුමක් පැමිණියේ කාන්තාවකගේ හඬිනි. ‘මම අහවලා. මගේ මහත්තයාට තමයි ඔයා ලියුමක් ගහලා තියෙන්නේ. ඒක වැරදි වැඩක්. මිනිහෙකුට නිදහසක් තියෙන්න ඕනි. හැමදාම රස්සා කරන්න බෑ. මගෙයි දරුවන්ගේයි වැඩවලට තමයි එයා ගෙදර නවතින්නේ. ඔයාලට වගේ යාන වාහන සේවකයො අපිට නැහැ.
යනුවෙන් ඇය ආයතන ප්‍රධානියාට ගෝරනාඩු කරන්න වූයේ ඇයගේ සීමාවද ඉක්මවමිනි. කාන්තාවකට බැන වැදීම නොහොබිනා බව දන්නා  ආයතන ප්‍රධානියා දුරකතන ඇමතුම විසන්ධි කළ ද ඔහුට ඇයගෙන් නම් ගැලවීමක් නොවිණි. ඇයගෙන්  දිගින් දිගටම එන ඇමැතුම් නිසා  අවසානයේ දුරකතනය විසන්ධිකර දැමූ හෙතෙම ආයතනයේ වෙනත් සේවිකාවකට එම ඇමතුම ලබා දී ඇය ලවා පෙර කී කාන්තාවට  අවවාද කළේ තවදුරටත් කතා කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියටද දැනුම් දෙන බව පවසමිනි.
තවමත් ඔහුගේ නිදහසට කරුණු ලැබී ඇති බවක් දැනගන්නට නැති අතර  ආයතන ප්‍රධානියාද ලිපිය අමතක කර දමා ඇතැයි ආයතනයේ සේවක සේවිකාවෝ පවසති.

 

 වියලුව වාර්තාකරු



අදහස් (0)

සැමියාට දඩුවම් කළාට බිරිය හොදවැයින් ලොක්කා අමතලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site