පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ ඒවා පුච්චා නළලේ අළු හා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවසූ අපේක්ෂා භංගත්වයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ කෙළවරක පිහිටි නගරයකින් වාර්තා විය.
මැතිවරණය සඳහා ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයකින් නාම යෝජනා ලැබෙන බව කී කණ්ඩායම් නායකයා ලිපි ලේඛනවල අස්සන් ද ලබා ගත්තේය. නගරයේ නමේ මුල් අකුරින්ම කියවෙන ගමේ අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ලැබෙන බව දැනගත් ඔහු නගරයේ මුද්‍රණාලයකට ගියේ අත් පත්‍රිකා මුද්‍රණය කර ගැනීම සඳහා සඳහාය. කලක් තිස්සේ ගම නියෝජනය කළ දේශපාලකයකුගේ සහතිකය දුරකතන පණිවඩයක් මගින් ලබාදීමට ඔහු කටයුතු කරනු ලැබුවේ විශ්වාසය ඇති කර ගනු පිණිසය. රුපියල් දහසය දහසක ඇණුමක් ලබාදුන් ඔහු සුළු මුදලක් අත්තිකාරම් ලෙස ගෙවීය.
අත් පත්‍රිකා ඉක්මනින් අවශ්‍ය බව කී හෙතෙම ඉතිරි මුදල ඉක්මනින් ගෙවන බවට පොරොන්දු වූයේය. පත්‍රිකා මුද්‍රණය කරනු ලැබීය. නාම යෝජනා ලබාදීමෙන් පසුව ඔහු පත්‍රිකා ගෙන යාමට ආවේ නැත. ඒ නිසා මුද්‍රණාලයෙන් ඔහුට ඇමතුම් පිට ඇමතුම් දෙමින් ගනුදෙනුව අවසන් කරන ලෙසට ඉල්ලීය.
මගේ නම අපේක්ෂක නාම ලේඛනයට දාලා නැහැ. දැන් මට කරන්න දෙයක් නැහැ. බලාපොරොත්තු සුන් වූ ඔහු කීය. සම්පූර්ණ මුදල වෙනුවට ගිය වියදම පමණක් පියවන ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වූයේ සාධාරණයක් කරන්නටය. විවිධ පිළිතුරු දෙමින් කල් ගත කළ ඔහු අන්තිමේ මුද්‍රණාල හිමිකරුට ගෝරනාඩු කළේය.
ඡන්දෙකුත් නැතිව ඕවා මම අරගෙන ඇවිත් මොනවා කරන්නද?. පුච්චලා නළලේ අළු ගා ගනින්, ඔහු පැවසීමත් සමඟ හොඳ දෙක තුනක් ඔහුට ද අසා ගන්නට ලැබිණි.
මීරිගම විෙශ්ෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
2025 නොවැම්බර් මස 04
304
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාම යොජනා නොලැබී මළ පැනලා