IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මියගිය අය ගමට ඇවිත්

මීට වසර විස්සකට පමණ ඉහත දී සිය කසාද බිරිය හා දරුවන් අතහැර දුර පළාතකට ගොස් වෙනත් ළඳක් හා එක වහලක් යට අලු‍ත් ජීවිතයක් ගතකරමින් සිටියදී හදිසියේ මිය ගියේ යැයි සිතා සිටි පුද්ගලයකු ඊයේ පෙරේදා දවසක ආපසු ගමට විත් සිය ඥාති හිතෛෂීන් හමුවී සුහදව කතාබහකොට සතුටු සිතින් ආපසු ගිය බව කියන පුවතක් පුත්තලම ප්‍රදේශයේ ගමකින් වාර්තා විය.
මේ වනවිට වයස අවුරුදු හැත්තෑවකට ආසන්න වන බව කියන අදාළ පුද්ගලයා ගම ඇතහැර ගියාට පසු අවස්ථාවක් දෙකක් මේ ආකාරයටම ගමට පැමිණ සිය ඥාති හිතවතුන් හමුවී ආපසු ගොස් ඇති නමුත් ඔහු ඉන්නා තැනක් ගැන හරි හැටි දැන ගැනීමට හෝ ඔහුගේ විස්තර සොයා බැලීමට හෝ කිසිවකුත් ඔහු ජීවත්වන ප්‍රදේශයට ගොස් තිබී නැති බව ද කියයි.
 මාස කිහිපයකට පසුව ඔහු මියගිය බවට ඥාතීන්ට කිසියම් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇති බවත් කියයි. 


එසේ වුවද ඔවුන් කිසිවකුත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමට උත්සාහකර නැති අතර ඒ වෙනුවට ලද ආරංචිය සත්‍යයක් යැයි සිතා මියගියැයි කී තම ඥාතියා වෙනුවෙන් පසුව කිසිදු අඩුපාඩුවක් නැතිව දානමානාදී පින්කම් සිදුකර ඔහුට පින් පමුණුවා ඇති බවත් පවසයි.
මේ අතර මිය ගියැයි කී පුද්ගලයා වැහීමෙන්  එම පුද්ගලයාගේ වැඩිහිටි ඥාතිවරියක් රෝගීවී ඊට අදාළව ද ස්තෝත්‍ර හා ආගමික වතාවත් පවා සිදුකර ඇති අතර අදාළ පුද්ගලයා පසුගිය දා ගමට ආ ගමනේ දී එම ඥාතිවරිය ද හමුවී ඇති බවත් එහිදී ඇයව මදක් වික්ෂිප්තව ඔහු දෙසම බලා සිට පසුව ඔහුව වැළඳගෙන සංවේ දී වූ බව ද කියයි.
එසේම මිය ගියැයි කී පුද්ගලයා නැවත ජීවග්‍රහනයෙන් ගමට විත් සුපුරුදු පරිදි සිය ඥාති හිතවතුන් කිහිප දෙනකු හමුවට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී ඇතමුන් විශ්මයට පත්ව අසල්වාසීන්ට ද ඒ බව දැනුම් දී ඇති බවත් ඇතැමුන් සංවේදීව සතුටට පත්ව ඔහුට ආහාරපානාදියෙන් සංග්‍රහකර ඇති බවත් පැවසෙයි. ඒ අනුව ඔහු අවසන් වරට එසේ තමන් මුලින් ජීවත් වූ ගමට පැමිණි ඔහුගේ හිතුවතුන් කිහිප දෙනකුම ඔහුට මතක් කර ඇති බවත් එහිදී ඔහු ‘‘උන්ට පිස්සුනෙ. මේ මං හොඳට ඉන්නෙ’’ යනුවෙන් පවසා ඇති බවත් කියයි.

 

 කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (0)

මියගිය අය ගමට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site