IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ෆෝන් එකට ඩබල් හයර් ගෙවන්න වෙලා

බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතක වීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය, ඇය මුහුණු පොත වෙත  බොහෝ ලෙස ඇබ්බැහි වී සිටින්නියකි. ඇබ්බැහි වීම කෙසේද යැයි කිව්වොත් උයන පිහන කටයුතු වලදී මෙන්ම වැසිකිළිය තුළදී පවා ජංගම දුරකතනය රැගෙන ගොස් මුහුණු පොතේ සැරිසැරීමට කටයුතු කරන්නියකි.
කෙසේ වෙතත් ඇයගේ සැමියා මේ සැම ඉවසා දරා සිටින්නේ බැඳගත් බෙරය කෙසේ හෝ ගැසිය යුතු බැවිනි. ඇයගේ දුරකථන වෙත ඉතා විශාල වියදමක් දුරකථන බිල් ලෙස ගෙවා දැමීමට ද ඔහුට සිදු වන අතර ඔහුගේ වැටුපට අමතරව හිත මිතුරන්ගෙන් ණය පවා ගැනීමට සිදුව තිබේ . 


සිදුවීම වූ දිනයේ ඔහු ඇයත් සමග නගරයට ගොස් ඇත්තේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. ඇයද මුහුණු පොතෙහි පළවන විවිධ කෑම වර්ග සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඇත්තේ දුරකතනය පරීක්ෂා කරමිනි. 
මාසයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා බැවින් ඔවුන් ත්‍රීරෝද රථයක් කුලියට ගෙන නිවස බලා පිටත්ව ගොස් ඇත. ත්‍රීරෝද රථය තුළ  දුරකතනය රඳවමින් එම දුර ගෙවා දැමු ඇය නිවසට පැමිණ සැමියා හා එක්ව බඩු බා ත්‍රීරෝද රථය පිටත් කර ඇත. බඩු ටික මුළුතැන්ගෙය වෙත රැගෙන ගිය වහාම සිය ජංගම දුරකථනය නොමැති බව දැනගත් ඇය කලබලයට පත්ව සිය සැමියා අමතා සිද්ධිය පවසා ඇත.
හඳුනන ත්‍රීරෝද රථයක් හෙයින් ත්‍රීරෝද රථ රියදුරු අමතා විස්තරය පවසා ඇති අතර  දුරකථනය ත්‍රීරෝද රථය තුළ තිබෙන බව එම රියදුරු  පවසා ඇත. ඒක ගෙනත් දෙන්න පුළුවන් දැයි විමසු විට ත්‍රීරෝද රථ රියදුරු‘‘ගෙනත් දෙන්න නම් පුළුවන් ඒත් මහත්මයා මට හයර් එක ඕනි ”‍  යැයි පවසා ඇත. 
මේ දිනවල පවතින ඉන්ධන මිල අනුව විශාල මුදලක් ත්‍රීරෝද රථයට ගෙවීමට සිදු වූවත් එක විනාඩියකට පවා දුරකථනය නොමැතිව සිටීමට නොහැකි බිරිඳගේ කන්දෝස්කිරියාවෙන් මිදීමට ඔහු ඩබල් හයර් ගෙවා දුරකතනය ගෙන්වා ගෙන ඇත. 

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

ෆෝන් එකට ඩබල් හයර් ගෙවන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site