මොරගොල්ලාගම සිසිර කැලේගම
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ.
සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
විවාහක අඹු සැමියන්ය. කිරි එළදෙනක ඇති කිරීමට දෙදෙනාට ආශාවක් ඇති විය. ඒ අනුව ඔවුහු කිරි එළදෙනක් මිලදි ගත්හ. අවශ්‍ය තණ කොළ ටික සැමියා කපාගෙන එන විට ඊට බිරිඳගෙන්ද නොමසුරු සහයෝගය ලැබුණේය.
කාලය කෙමෙන් කෙමෙන් ගත වෙනවිට ගැබ්බර එළදෙන පැටවෙකු බිහි කළාය. කිරි ගැනීමේ වාරය උදා විය. එහෙත් ඒ පිළිබදව පළපුරුද්දක් දෙදෙනාටම නැත. එළදෙන කණුවක ගැට ගසා පැටවා අසල තියාගෙන කිරි ගැනීමට කොතෙක් උත්සහා කළත් එළදෙන දැඟලීම නිසා මෙන්ම පයින් ගැසීම හේතුවෙන් දිනෙන් දින කිරි ගැනීම අතපසු විය. පසු දිනක අද නම් කොහොම හරි කිරි ගන්නවා යැයි සිතු සැමියා බිරිඳත් එක්ක ගාලට ගියේය
“ඔයා කිරි ගන්නවකෝ, මං බලා ගන්නම්“ සැමියා අතට පොල්ලක් ගත්තේය.
බිරිය එළදෙන අසල ඉඳ ගත්තාය. ඇය උණු වතුර ගෙන තණ බුරුල සේදුවාය. ඒ සැනින් කිරි දොවන්නට සැරසුණාය.
එළදෙන පයින් ගැසීමට පිටුපස කකුල උස්සනවාත් සමගම සැමියා අත තිබූ පොල්ලෙන් දෑත බදා එළදෙනගේ කකුලට ගැසුවේය.
“බුදු අම්මෝ, මගේ ඔළුව පැලුණා, තමුසේ මොකද මේ කෙරුවේ“ ඇය විලාප දුන්නාය.
සැමියා එළදෙනට ගැසුවේය. එය බිරියගේ හිසට වැදුණේය. කිරි ගැනීම පසෙක තබා “අනේ හිතලා නෙමෙයි ගැහුවේ“ යනුවෙන් පශ්චත්තාප වු සැමියා වහ වහා බිරිය රෝහල් කරා රැගෙන ගියාලු.
COMMENTS
කතාවටත් වඩා අඳින කාටුන් එක තමයි මරු එළදෙනටත් හිනාගිහින් ඉන්නේ...