IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැවුම් කසිප්පු වී කූඩුවේ ලැගලා

අවුරුද්දට කැවුම් කොකිස් සහ රස කැවිලි හදාගෙන  ත්‍රිරෝද රථය පොලිසිය නතර කර බලද්දී  ත්‍රී රෝද රථය තුළින්  මත්පැන් ගඳක් වහනය වීම නිසා පොලිස් නිලධාරීන් ත්‍රී රෝද රථය තුළ තිබූ  කැවිලි පෙට්ට් ඇරලා බලද්දි එම පෙට්ටි තුළ සූක්ෂම ආකාරයට අසුරා තිබූ මත්පැන් තොගය පොලිසිය විසින් සොයා ගැනීමත් සමග ත්‍රිරෝද රථ රියදුරා උඩ ගොස් බිම වැටුණ සිද්ධියක් පසුගිය අවුරුදු සමයේ මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය.
මාදම්පේ පොලිස් වසමට අයත් එක්තරා ප්‍රදේශයක පසුගිය අවුරුදු සමයේ දිනෙක රාත්‍රියේ හදිසියේ ක්‍රියාත්මක කරන ලද පොලිස් මාර්ග බාධකයකදී  මෙම  සිදුවීම වී ඇත.
එදින රාත්‍රියේ මෙම පොලිස් මාර්ග බාධකය පසුකර යාමට පැමිණි ත්‍රී රෝද රථයක් නවත්වා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී හමු වූ මෙම නීති විරෝධී මත්පැන් තොගය සහ එම මත්පැන් තොගය ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයත් එම ත්‍රිරෝද රථය පදවාගෙන  ආ පුද්ගලයාත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිද්ධිය වාර්තා වන අන්දමට ඉතා වේගයෙන් මාර්ග බාධකය පසුකර යාමට පැමිණි ත්‍රිරෝද රථයක් පිළිබඳව සැක සිතූ  මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් එසේ පැමිණි ත්‍රිරෝද රථය නවත්වා ඇත.
එසේ නැවැත් වූ ත්‍රිරෝද රථය තුළ කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් තිබෙනූ පොලිස් නිලධාරීන් දැක  එම පෙට්ටි තුළ තිබෙන්නේ මොනවාදැයි රියැදුරාගෙන් විමසා ඇත.
එවිට අවුරුද්දට නෑදෑගම් ගෙනියන්න අවශ්‍ය කැවුම් කොකිස් සහ  රස කැවිලි  හදාගෙන එන ගමන් යැයි ත්‍රිරෝද රථයේ රියදුරා විසින් පොලිසියට පවසා ඇත.
මෙහිදී ත්‍රිරෝද රථයට එබිකම් කළ පොලිස් නිලධාරියකුට ත්‍රිරෝද රථය තුළින් මත් පැන් ගඳක් වහනය වීම නිසා මත්පැන් ගඳක් එන්නේ කොහෙන්දැයි එම නිලධාරියා රියදුරුගෙන් විමසා ඇත.
මහත්තයෝ මමත් පොඩි අඩියක් ගහලයි ඉන්නේ යැයි රියැදුරා පොලීස් නිලධාරියාට ප්‍රකාශයක් කර ඇතත් ඔහුගේ කියමන අවිශ්වාස කළ පොලිස් නිලධාරියා ත්‍රිරෝද රථය තුළ තිබූ පෙට්ටි විවෘත කර බලද්දී එම පෙට්ටි තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ නීති විරෝධී මත්පැන් තොගයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබේ.
පොලිස් නිලධාරීන් විසින් මත්පැන් තොගය සොයා ගැනීමත් සමඟ නිරුත්තර වූ රියදුරා පොලිස් නිලධාරීන්ට පිණ්සෙන්ඩු වීමට පටන් ගෙන ඇතත් පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මාදම්පේ පොලීසියට ගෙන ගොස් ඇත.
කොණ්ඩ කැවුම් තොගය අන්තිමට හොර අරක්කු වුණා නේදැයි පොලිස් නිලධාරීන් විසින් රියදුරාගෙන් විමසා ඇති අතර ඒවාට ඔහු විසින් කිසිදු පිළිතුරක් සපයා නැති බවද පවසයි.

 මාදම්පේ එස්. හේරත්



අදහස් (0)

කැවුම් කසිප්පු වී කූඩුවේ ලැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site