මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙක් ද සිටියහ.
ටිකක් කපටි කයිරාටකයෙකි. සවස් යාමයේ මත්පැන් පොදක් තොල ගෑමට අමතක නොකරන්නේය. මත්පැන් මිල ඉහළ යෑමත් සමඟ එය ටිකක් අසීරු කරුණක් විය.
මොහු මත්පැන් පානය කළ සමහර දිනවල දී ගෙදර බිරිය සමඟ අඬ දබර කර ගන්නේය. මත්පැන් මිල ඉහළයාමේ ප්‍රශ්නයට විසඳුම වශයෙන් ඔහු වත්ත ආසන්නයේ තිබුණු කිතුල් ගසක මලක් කපා රා ටිකක් පානය කිරීමට පුරුදුව සිටියේය.
ඔහුගේ බිරියද ටිකක් සැර පරුෂ කාන්තාවකි. නිතර නිතර සිදුවන අඩ දබර ඉවසා සිටීමට නොහැකි කමින්, හිටපන් මම උඹට හොඳ වැඩක් කරන්නම් කියා දිනක් කීවාය.
පසු දින ඔහු කුලි රැකියාව අවසන් කර නිවසට පැමිණි කිතුල් මල කැපීමට පිහිය මදින්න පටන් ගත්තේය. ඔය පිහිය මදින්න දඟලන්න ඕනි නැහැ. ඔන්න මම කිතුල් මල මුලින්ම කපලා ගෙයි මුල්ලට ගෙනත් දැම්මා.
‘‘දෙයියෝ සාක්කි,, මේ ගෑනි ගහේ නැගලා කිතුල් මල මුලින්ම කපලනෙ..
ඔහුට කර කියා ගැනීමට කිසිවක් නොමැතිව දස අතේ කල්පනා කළේය.
බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd