කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
අලුත විවාහ වූ මනාලියට කලකට ඉහත දී පියා මිලට ගත් කාර් රථය දියණියගේ විවාහ මංගල්‍යයේ දෙවැනි දවසේ දී දෑවැද්දට ප්‍රදානය කර තිබුණි. මනාලියට කාර් රථය පැදවීමට රියදුරු බලපත්‍රයක් ඇතත් මනාලයාට වාහන පැදවීමට හැකියාව තිබුණ ද රියදුරු බලපත්‍රයක් ගෙන නොමැත.
ඉකුත් දිනක අලුත විවාහ වුණ මනාල යුවළ නිවසට අවශ්‍ය බඩු මුට්ටු තොගයක් ගැනීමට නගරයට යාමට කතිකා කර ගත්හ. රියදුරු බලපත්‍රයක් නොමැති මනාලයා කාර් රථය පණ ගන්වා ඉදිරි අසුනේ මනාලිය ද හිදුවාගෙන කෑගල්ල බලා යාමට නිවසින් පිටත් විය.
පොලිසිය මඟ හිඳීද යැයි කියන සැකයට මනාලයා නගරයට කිලෝ මීටර් තුනක් පමණ ඈත තිබිය දී කාර් රථය මනාලියට බාර දුන්නේය.
මනාලිය කාර් රථය නගරය දක්වා රැගෙන ගොස් වෙළඳසල් කිහිපයකින් අවශ්‍යව තිබුණු බඩු මුට්ටු ටික දෙදෙනාම කාර් රථයේ පිටුපස අසුනට දමා ගත්හ.
ආපසු මනාල යුවළ නිවස දක්වා පැමිණිමට කතිකා කර ගත්හ. රියදුරු අසුනේ හිඳ ගත් මනාලිය යළි කාර් රථය පදවාගෙන නිවස බලා ගමන් කිරීමට පටන් ගැනිණි.
පොලිසියෙන් පාරේ හිදින එකක් නැතැයි පවසා යළි මනාලයා මනාලියගේ කාර් රථය ඉල්ලාගෙන පදවාගෙන නිවස කරා ගමන් කරමින් තිබුණි.
මඳ දුරක් පැමිණෙන විට පොලිස් නිලධාරිහු දෙදෙනෙක් මාර්ගයේ සිට කාර් රථය නතර කරන ලෙස සංඥාවක් නිකුත් කළහ.
මනාලයාගේ පපුව පිච්චී ගොස් තිබුණි. පොලිස් නිලධාරින් දෙදෙනා පසුකර මීටර් 100 ක් පමණ ඈතින් කාර් රථය නවතා මනාල යුවළ ක්ෂණිකව කාර් රථයේ අසුන් දෙකෙන් මාරු වූහ.
අසුන් දෙක මාරු කර ගත් මනාල යුවළ මනාලිය රියදුරු බලපත්‍රය හා කාර් රථයේ ලියකියවිලි රැගෙන රියදුරු අසුන පැත්තේ දොර විවෘත කර පිටතට පැමිණ පොලිස් නිලධාරින් දෙදෙනා අසලට ගියාය. පොලිස් නිලධාරියෙක් ලියකියවිලි පරීක්ෂා කර බැලුවේය.
“නෝනා නෙමේ මහත්තයා නේද කාර් එක පදවාගෙන ආවේ කෝ එයාගේ රියදුරු බලපත්‍රය. නෑ සර් පදවාගෙන ආවේ මම මනාලිය පොලිස් නිලධාරියා හමුවේ පැවසුවාය. නෑ නෑ වෙන්න බෑ මම දැක්කේ මහත්තයා වගේ පොලිස් නිලධාරියා පැවසීය. නෑ සර් මම පදවාගෙන ආවේ ඒ සර්ට පෙනිලා තියෙන හැටි.
සර්ලාට බොරු කියන්නේ මොකට ද මමත් විවාහ වෙලා මෙහාට ඇවිල්ලා තාම සති දෙකයි. තරුණිය බේගල් කිහිපයක් පොලිස් නිලධාරින් දෙදෙනා හමුවේ ඇද බෑවේය.
කාර් එක ඇතුළත දී දෙන්නා අසුන් දෙක ක්ෂණිකව මාරු කර ගත්තාවද්ද? නෑ සර් අපි කළේ නෑ. තරුණියගේ කීම පොලිස් නිලධාරින් දෙදෙනාට ඇත්ත විය. පසුව පොලිස් නිලධාරියා අත තිබුණු කාර් රථයේ ලියකියවිලි ටික ආපසු මනාලියට දීමෙන් පසුව මනාල යුවළ නිවස බලා ගොස් ඇතැයි වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැටහතර මායමෙන් දඩ නොකා බේරිලා
Janindu Perera Friday, 28 March 2025 01:30 PM
හොඳට ගැලපෙන දෙන්නෙක් හැබැයි...
ගුණරත්න Friday, 28 March 2025 01:45 PM
අලුත ගෙනා මනමාලි නීතිඥ නෝනා කෙනෙක් වෙන්න ඇති
pakeer Saturday, 29 March 2025 05:02 PM
වාසනාවන්ත මිනිහෙක්... ගෑනියි, කාර් එකයි දෙකම එකපාර...