පියා වැරැදි මගක යනවාට හරස් කැපූ දරුවන්ට වැරැදිලා ව්‍යාපාරිකයකු වූ තම පියා මුලා කරගෙන විවිධ දේවල් කඩාවඩා ගන්නවායැයි සැක සිතූ දරුවන් තම පියාගේ ක්‍රියාකලාපය සොයා බැලීමට කථිකා කරගත්හ. ඒ අනුව දිනක් පියා පසුපස ගිය එක් දියණියක් තම පියාගේ උතුම් සද්කාර්ය සියැසින් දැක ඇය අත තිබූ මුදල් ද පරිත්‍යාග කිරීමටත් පසුව පියාගේ පුණ්‍ය ක්‍රියාවට පවුලේ සැවොම උදව් කළ පුවතක් සියනෑවේ ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. 07 December 2019
පොලිස් නිලධාරියාගේ ‘පිළිකන්නේ රහස’ කොස් වෙළෙන්දාටත් දීලා සවස් වරුවක පොලිස් රථයකින් පැමිණ නිලධාරීන් තිදෙනා වාහන පරීක්ෂා කරන්නට වූහ. මාර්ග නීති කඩකරන රියදුරන්ට එවලේම දඩකොළ නිකුත් කෙරිණි. නිලධාරීන් තම කටයුතුවල යෙදුනේ රාජකාරිය දේව කාරියටටත් වඩා සලකමිනි. 07 December 2019
මසකට දහස බැගින් ගෙවන්න පොරොන්දු වූ ඡන්ද ඔට්ටු සීයට බැහැලා ඡන්ද ඔට්ටුවක් අල්ලා රුපියල් පන්දහසක් පරාද වූ පුද්ගලයෙක් එම මුදල රු. දහසක මාසික වාරික වශයෙන් ගෙවීමට කල් ඉල්ලා දැන් මසකට රුපියල් සියය බැගින් ගෙවන බව කියන පුවතක් මීරි 06 December 2019
ළිඳට වැටුණු දැරිය නිවෙසක සිට ඇවිත් නිවස අසලම පිහිටි ළිඳකට වැටුණු බව කියන නව හැවිරිදි දැරියක සොයන්නට කිහිප දෙනකුම ළිඳට බැස ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු විදුලි මෝටර් දෙකක් යොදවා ළිඳ හිස් කර බැලුවත් දරුවා සොයා ගැනීමට නොහැකි වූ පුවතක් මීරිගම බෝතලේ ප්‍රදේශයෙන් වාර්තා විය. 05 December 2019
බිරියගේ යතුරුපැදිය යැයි රැවටී වෙනත් කතකගේ යතුරුපැදිය පණගන්වන්න ගිහිං ජංජාලයක් තම බිරියගේ යතුරුපැදිය යයි සිතා වෙනත් කාන්තාවකට අයත් යතුරු පැදියක් පණ ගැන්වීමට තැත් කොට එය අසාර්ථක වීම නිසා එහි යතුරු ස්වීචය කඩා දැමූ පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය. තම අවශ්‍යතාවක් සඳහා කාන්තාවක් තලාතුඔය නගරයට පැමිණ යතුරුපැදිය මාර්ග යේ පසෙක නවතා ඇත්තේ එම ස්ථානයේ තවත් යතුරුපැදි කිහිප 04 December 2019
දේශපාලක බොස්ගේ පාටියට ගිහින් ටවුමම සුද්ද කරන්න වෙලා මංගල උත්සවයකට සහභාගී වන අයුරින් හොඳට ඇඳ පැළැඳගෙන නගරයක තිබූ පෝස්ටර් ගැලවීමට එක්තරා තරුණ පිරිසකට වූ සිදුවීමක් පිළිබඳව දකුණේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා විය. 03 December 2019
ගෙදර යන්න සල්ලි නැතිව ජනතාව ගොනාට අන්දවලා වන්දනාවේ ගොස් මුදල් පසුම්බිය නැති වී නැවත ගම්රට බලා ඒමට අපූරු උපක්‍රමයක් යෙදූ පුද්ගලයකු පිළිබඳව ගම්බඳ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 02 December 2019
හේත්තුව දාන්න ආ නාකි මනමාලයා කතගේ උපායෙන් බසයෙන් එළියට මගී ප්‍රවාහන බස් රථයක් තුළදී තරුණ කාන්තාවකට හේත්තුව දමා පෙම්සුව විඳීමට ගිය වයස්ගත මහත්මයෙකුට එම තරුණ කාන්තාව විසින් සිදුකළ අපූරු ක්‍රියාවෙන් වයස්ගත මහත්මයා අතර මගදී බසයෙන් බැසයෑමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තාවේ. 30 November 2019
මිතුරාගේ උපත් පාලන පටලැවිල්ලෙන් මැදිවියේ බිරිඳට යකා නැගලා මැදි වයස ඉක්මවූ රාජ්‍ය සේවකයෙකු වන ඔහු විනෝදකාමියෙකි. ඉඩ ලද සෑම අවස්ථාවකම මිතුරන් සමග සෙට් වීම ඔහුගේ සිරිතය. එසේ වූ සමහර දිනවල ඔහුට නිවසේදී අමුතු අමුතු සිදුවීම්වලටද මුහුණපෑමට සිදුවේ. 30 November 2019
ඇද පොල් ගස් අදින ගමන් කතගේ අතත් අතගාලා නිවෙස්වල ඇති ඇලවූ පොල් ගස් අවදානමක් නොවන පරිදි ඇදීමේ කටයුතු සිදුකරන පිරිස් ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් සොයා ගත හැකිය. 30 November 2019
අඹුවගෙ ඡන්දෙ නවත්වන්න සැමියා ගහපු ගැටේ අතේ පත්තු වෙලා සිය බිරිඳගේ ඡන්දය තමන් කැමති අපේක්ෂකයාට හරවා ගැනීමට අපොහොසත් වූ සැමියෙක් උපක්රමශීලීව ඇය ඡන්දය දීමෙන් වළක්වාලීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 30 November 2019
සැමියා ඇල්ලූ හොරාගේ පොට්ටනියේ බිරියගේ යට ඇඳුම් රාත්‍රි කාලයේ තම නිවස අවට සැරි සරමින් හිඳ පැන ගිය හොරා ලුහුබැඳ රැගෙන යමින් තිබූ පොට්ටනිය ලිහා බැලූ ගෙහිමියකුට අත්විඳින්නට සිදුවූ අපූරු සිදුවීමක් මෙසේ අසන්නට දකින්නට ලැබිණි. 30 November 2019
සූර්පිට ගෙදර ඇවිත් පූසත් එක්ක එකම පිඟානේ ‘ලන්ච් එක’ අරගෙන ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කර සිටි පුද්ගලයකු කෑම කමින් සිටියදී ඔහුගේ කෑම පිඟානෙන් නිවසේ සිටි බළලෙකු කෑම කෑ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 30 November 2019
ඡන්ද ඔට්ටුව ඉටු කරන්න පොල්ගසේ කරටියෙන් පැනලා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ තමන් කැමැති අපේක්ෂකයා පැරදුණොත් පොල් ගසක කරටියෙන් පනිනවා යැයි ඡන්ද ඔට්ටුවක් ඇල්ලූ පොල් කඩන්නකු ඔහු පැරදුණු පසු පොල් ගසකින් පනින ලෙස පොහොට්ටුකරුවන් බල කිරීම හේතුවෙන් කවුරුත් බලා සිටියදීම අඩි 8ක් උස පොල් ගසකින් පැන ඡන්ද පොරොන්දුව ඉටු කිරීමේ අපූරු පුවතක් දකුණේ රතුපාටට හුරු පොල් වැඩිපුර ඇති ගමකින් වාර්තාවේ. 29 November 2019
ආරක්ෂක නිලධාරියාගේ ඡන්ද ගැටේ එම පුද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලය හතර දෙනකුගෙන් යුක්ත විය. ආරක්ෂාවට සිටියේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකි. දේශපාලනික වශයෙන් ආයතනයේ කාර්ය මණ්ඩලය එක් දේශපාලන පක්ෂයකට සහයෝගය දැක්වූ අතර ආරක්ෂක නිලධාරියාගේ සහාය හිමි වුණේ තවත් පක්ෂයකටය. ඔහුගේ ඡන්ද බලප්‍රදේශය අනුරාධපුර බව දන්නා කාර්ය මණ්ඩ 28 November 2019
සැමියා විදුලි පහන දල්වද්දී මිතුරා බිරිය ළඟ සිට පැන ගිහින් ස්වාමිපුරුෂාත් බිරියත් නිදියහනේ නිදන අවස්ථාවේ දී නුහුරු නුපුරුදු සිරුරක් බිරියගේ ඇඟේ ස්පර්ෂවීමෙන් කලබලයට පත් බිරිය මහ හයියෙන් කෑගසද්දී ස්වාමිපුරුෂයා කාමරයේ විදුලි ලාම්පුව දල්වනවාත් සමඟම තමාගේ යහළුවා නිදියහනේ සිට පැන යෑමේ සිද්ධියක් අම්බලන්තොට නගරයට නුදුරු ගමකින් අම්බලන්තොට පොලිසියට වාර්තා විය. 27 November 2019
ඡන්ද ඔට්ටුව පැරදී වාරික ලෙස ගෙවන්න ඉල්ලලා ජනාධිපතිරවණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති කර ගත් ඡන්ද ඔට්ටුවක් පරාද වූ පුද්ගලයෙකු පරාද වූ රුපියල් පන් දහසක මුදල මාසික වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ඉල්ලීමේ පුවතක් මීරිගමට නුදුරු පෙදෙසකින් වාර්තා විය. 26 November 2019
ඡන්ද ඔට්ටුව පැරදී අවන්හල් හිමියා කොත්තු බාස්වෙලා කොත්තු බාස් කැෂියර් වෙලා ඉකුත් ජනාධිපතිවරණය සඳහා ඔට්ටු ඇල්ලූ බොහෝ දෙනා මේ දිනවල තමන්ගේ ඡන්ද ඔට්ටු ඉටු කරති. හේවාහැටට නුදුරු නගරයක අවන්හල් හිමියකු හා ඔහුගේ අවන්හලේම කොත්තු බාස් සමග ඇල්ලූ ඔට්ටුවකින් අවන්හල් හිමියා පැරැදී මේ දිනවල සිය අවන්හලේ කුස්සියට වී කොත්තු රොටී ගසනු දක්නට ලැබෙන අතර කොත්තු රොටී බාස් කැෂියර් කූඩුවට වී මුදල් ගනුදෙනු කරනු දැකිය හැකිවිය. 25 November 2019
තොවිලය නටද්දී කට්ටඬියාගේ ඉනේ තිබූ කොඩිවිනේ එළියට පැනලා තොවිල් නැටීමට කොඩිවින කැපීමට දක්ෂයකු බවට රටතොට පතල ඇදුරකු මෑත කාලයේ කළ හපන්කමක් පිළිබඳව බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයෙන් වාර්තාවෙයි. ඕනෑම තොවිලයක දිස්ටි මන්තර කියා පරලවන්නේද ඔහුය. යම් කෙනෙකුට කොඩිවිනයක් කර වත්තේ කොතනක හෝ වළ දමා තිබුණත් පරල වී දිවගොස් ඔහු එය රැගෙන එන්නේ බලා සිටිනවුන් මවිත කරවමිණි. 23 November 2019
පලතුරු මුදලාලිගේ පතල කරුණාවෙන් පාපැදිකරුවන්ට පොළොව පලාගෙන යන්න හිතිලා පලතුරු කඩය පිහිටියේ ප්‍රධාන මාර්ගයේය. දිනපතා පුහුණුවීම් කටයුතුවල යෙදුණ පාපැදිකරුවෝ පලතුරු කඩෙන් පලතුරු මිලදී ගත්හ. අතේ තිබෙන මුදලට ඒවා මිලදී ගන්නා ඔවුහු කඩය අයිනේ වාඩිවී පළතුරු අනුභව කර නැවත පුහුණුවීම් වල යෙදෙති. පාපැදිකරුවන්ට මුදලට අමතරව නොමිලේ ආනමාලු කෝලිකුට්ටු කෑමට දීම මුදලාලිගේ සිරිතය. නොමිලේ දෙන සෑම කෙසෙල් ගෙඩියක්ම මුදුන කපා දමා ඇති අතර ඔහු පවසන්නේ ඉදිලා වැඩි උනාම උඩ කලුපාට වෙනවානේ ඒ නිසයි කපලා තියෙන්නේ යනුවෙනි. මුදලාලි හොඳ මනුස්සයා ඒකනේ අපි 23 November 2019
කටගහන්න ගිය ගොවිරාළ වගා හානි වන්දිය කපාගෙන වැඩි පණ්ඩිතකම් කිරීමට ගොස් තමාට හිමි කුඹුරු වගා හානි වන්දිය අහිමි කර ගත් ගොවි මහතකු පිළිබඳව පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක් ආශ්රිත ගොවි ජන සේවා කාර්යාලයකිනි. 23 November 2019
මිනිහ ගෑනිගේ ඡන්දය කැලේ යවන්න ‘අන්දකයිප්පු’ කවලා තමා ඡන්දය දීමට අපේක්ෂාවෙන් සිටින ජනපතිවරණ අපේක්ෂකයාට බිරිඳ ඡන්දය නොදෙන බව දැනගත් සැමියකු ඇගේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍රයට සාවද්‍ය තොරතුරු ඇතුළත් කොට තැපැල් ඡන්දය හිමිකම ප්‍රතික්ෂේප කරවූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණි. 23 November 2019
මැතිවරණ ජය සමරා කෙසෙල් කැන් කඩයකටත් රිංගලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සනිටුහන් වීමත් සමගම දකුණේ තැන් තැන්වල පාර අයිනේ තිබූ අයිතිකරුවකු නොසිටි තාවකාලික කෙසෙල් කැන් කඩයක් දුටු කොලු රැලක් ජය සැමරුම් පොළක් යැයි සිතා කෙසෙල් ගෙඩි ඇති පදම් කඩාගෙන ගිල දමා අමාරුවේ වැටුණු පුවතක් දකුණේ දොඩම්වලට සම්බන්ධ ප්‍රදේශයකින් වාර්තා විය. 22 November 2019
උත්සවයකට ගිහින් බීලා යතුරුපැදිය හොරකුට දන්දීලා මීරිගම නගරයේ දංඕවිට හන්දියේ පසුගියදා (18) පැවැති උත්සව අවස්ථාවට එක් වූ පුද්ගලයෙකු හොඳ හැටි සප්පායම් වීමෙන් පසු ඔහු පැමිණි යතුරුපැදිය එතැන දමා කුලී ත්‍රිරෝද රියකින් නිවසට ගොස් පෙරේදා (19) උදේ පැමිණ බලද්දී යතුරුපැදිය අතුරුදන් වී තිබීමේ පුවතක් මීරිගම පොලිසියෙන් වාර්තා වෙයි. 21 November 2019
ලූනු ඉල්ලා වඬේ මුදලාලිට යකා නැගලා වඩෙත් එක්ක ලූනු ඉල්ලුවාට මුදලාලිට යකා නැග පාරිභෝගිකයකුට බැණ වැදුණ කතා පුවතක් පඬුවස්නුවර ප්‍රදේශයේ පොළකින් වාර්තා විය. 20 November 2019
හෝටලයේ තේ බොන්න කෝප්ප හිස්වන තුරු පෝලිමේ ඉන්න වෙලා ප්‍රධාන පෙළේ යයි කියන හෝටලයකට තේ බීමට ගිය පුද්ගලයකුට විනාඩි 20ක් පමණ කෝප්ප හිස් වනතුරු බලා සිටීමට සිදුවූ බව කියන පුවතක් වාරියපොළ ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය. 19 November 2019
පෙම්වතියගේ සිහියෙන් ලොක්කාගේ උගුලක හිරවෙයි අගනුවර කාර්යාලයක සුබසාධක වෙළෙඳසලේ තරාදිය කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට දී තිබු ස්ථානයෙන් නැවත කාර්යාලයට රැගෙන ඒමට ගිය එහි සේවකයෙක් තම පෙම්වතිය හමුවීමට තිබු හදිසිය නිසා තරාදිය වෙනුවට එය බහාලන පෙට්ටිය පමණක් කාර්යාලයට රැගෙන ආ පුවතක් අගනුවරින් වාර්තාවේ. 16 November 2019
හීනෙන් සුලෝචනා සෙවූ සැමියා දමා බිරිඳ මහ රෑ ගෙදරින් ගිහින් විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් මත්පැන් පානය කර පැමිණ නිදාගෙන සිටියදී අනියම් පෙම්වතිය පිළිබඳ හීනෙන් දොඩවමින් සිටි සැමියාගේ බිරිඳ දරුවන් සමග මහ රෑ මහ ගෙදර බලා යාමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වේ. 16 November 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026