(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජනාධිපතිරවණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති කර ගත් ඡන්ද ඔට්ටුවක් පරාද වූ පුද්ගලයෙකු පරාද වූ රුපියල් පන් දහසක මුදල මාසික වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ඉල්ලීමේ පුවතක් මීරිගමට නුදුරු පෙදෙසකින් වාර්තා විය.

දේශපාලනය හිස මුදුණේ තබාගෙන සිටින පුද්ගලෙයකි. තමන් සිත් ගත් අපේක්ෂකයා ජනපති පදවියට පත් නොවුණත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය සම්බන්ධයෙන් ඔට්ටුවක් දමන්නට නොගත් උත්සාහයක් නැත.
ඔහුගේ කරදරය නිසාම හිතවතකු රුපියල් දහසක ඔට්ටුවකට එකඟ වූයේය. බැහැ බැහැ ඔට්ටුව පන් දහසයි ඔහු කීවේ එකහෙලාය. අන්තිමේ දෙදෙනාම පන් දහසට එකඟ වූහ. මැතිවරණය අවසන්ය. පන්දහස ඕනෑමයි. කී අය සඳහන් කළ අපේක්ෂකයා ලබා ගෙන තිබුණේ ඔහු කී ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩුවෙනි.
තමන් පරාජයට පත් වුවත් ගෙවන්නට රුපියල් පන් දහසක් අත නැත. ඇත්තේ දහසක නෝට්ටුවක් පමණි. මේක අද ගන්න. ඉතිරි හාර දහස මාසෙට දාහ ගානේ දෙන්නම්. ඔහු බැගෑපත් වූයේය. බලකිරීම නිසා දැමූ ඔට්ටුවට සල්ලි කවදා ලැබුණත් මොකද යැයි සිතූ හිතවතා ඊට එකඟ වූයේ මාසිකව මුදල් ගෙවන දිනය ස්ථාවරව එකඟ කරවා ගැනීමෙන් පසුවය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඡන්ද ඔට්ටුව පැරදී වාරික ලෙස ගෙවන්න ඉල්ලලා