(මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
රාත්‍රි කාලයේ තම නිවස අවට සැරි සරමින් හිඳ පැන ගිය හොරා ලුහුබැඳ රැගෙන යමින් තිබූ පොට්ටනිය ලිහා බැලූ ගෙහිමියකුට අත්විඳින්නට සිදුවූ අපූරු සිදුවීමක් මෙසේ අසන්නට දකින්නට ලැබිණි.

සත්‍ය සිදුවීම මෙසේය.
තම නිවස පිටුපස සැරිසරන සොරකු පිළිබඳ බිරිඳ සැමියාගේ කනට කෙඳිරුවේ රාත්‍රී ජනේලයෙන් දකින්නට ලැබුණ දර්ශනයකට අනුවය. ගෙහිමියා ඉදිරිපස දොර හැර හෙමින් සීරුවේ තම නිවස පිටුපස සිටින සොරා අල්ලා ගැනීමට දිවගියේ දොර පොල්ලකුත් රැගෙනය.
අත තිබුණ යම් පොට්ටනියක්ද ඔලුවේ තබාගෙන දිව යන සොරා දිවයන වේගය වැඩිකරත්ම ගෙහිමියා ද වේගයෙන් දිවගොස් හොරා සමග පොරබැද ඔහු සතුව තිබූ පොට්ටනිය උදුරා ගත්තේ මහත් වෙහෙසකිනි.
හොරාට පා පහරක් එල්ල කර වීරයකු සේ තම නිවසින් ගත් වස්තුව ආපසු උදුරාගත් බව බිරිඳට ප්‍රකාශ කරමින් ආ ගෙහිමියා ගෙන ආ පාර්සලය සාලය මත තැබුවේය. හොරෙක් හොරෙක් යන ශබ්දය කන වැකුණු ගම්මුන් ඒවන විටත් තම නිවස අසල පිරී සිටියේ අවි ආයුධත් රැගෙනය.
සියල්ලන් එක්වී සොරාගෙන් උදුරාගත් පොට්ටනිය ලිහා බලන්නට විය. ගෙහිමියාට දැනුණේ දැඩි අසීරුවකි. එහි තිබුණේ කාන්තාවන්ගේ යට ඇඳුම් හා තම බිරිඳගේ යට ඇඳුම් තොගයකි. රැස්වී සිටි ගමේ කාන්තාවන් හිමින් හිමින් පල්ලම් බහිනු පෙනුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd