IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙම්වතියගේ සිහියෙන් ලොක්කාගේ උගුලක හිරවෙයි

අගනුවර කාර්යාලයක සුබසාධක වෙළෙඳසලේ තරාදිය කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට දී තිබු ස්ථානයෙන් නැවත කාර්යාලයට රැගෙන ඒමට ගිය එහි සේවකයෙක් තම පෙම්වතිය හමුවීමට තිබු හදිසිය නිසා තරාදිය වෙනුවට එය බහාලන පෙට්ටිය පමණක් කාර්යාලයට රැගෙන ආ පුවතක් අගනුවරින් වාර්තාවේ.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. 


අගනුවර පිහිටි මේ කාර්යාලයේ සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවා ඇති වෙළෙද සැලෙහි විදුලි තරාදිය කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට දී තිබිණි. එය නිමකර ඇති බවට කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව තරාදිය රැගෙන එන ලෙස එම නිලධාරියා තම සේවකයකුට පවසා තිබුණේ කාර්යාලය නිමවන්නට පැය භාගයකට පමණ පෙරය.


සේවකයා එදින සවස 5.00ට කොටුව දුම්රිය ස්ථානයේදී තම පෙම්වතිය මුණගැසීමට  දින වෙන් කර තිබුනේ සතියකටත් පෙර නිසා හදිසියේ සිදුවූ මේ අකර තැබ්බයෙන් ඔහුගේ හිස ගිනි ගත්තේය. ඔහු වහා කාර්යාලයේ වාහනයකින්ම අදාළ ස්ථානයට ගොස් තරාදිය ගෙනවිත් කාර්යාලයේ තබා ඉක්මනින් පෙම්වතිය හමුවට ගියේය.


එදිනම ඉහළ නිලධාරියාට නැවත දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියැවුනේ ඔබගේ සේවකයා පැමිණ තරාදිය මෙහි තිබියදී එය බහාලන පෙට්ටිය පමණක් රැගෙන ගොස් ඇතිබවය.


ඉහළ නිලධාරියාට යකා නැග්ගේය. ඔහු වහාම තම සේවකයාට දුරකථන ඇමතුමක් ගත්තේ සේවකයා දුම්රිය ස්ථානයේ පෙම්වතිය සමග පෙම් සුව විඳිමින් සිටින විට දීය. 


“මේ. හලෝ.. තමුසේ අර තරාදිය ගෙනාවද?” ඉහළ නිලධාරියා විමසීය. 


ආ.. ඔව්. ඕව්. සර් අන්න ඒක එතැන තිබ්බා. සේවකයා කීය. 


ආ.. එහෙමද එහෙනම් තමුසේ හෙට උදේම වැඩට ආපු ගමන් ආපහු  ගිහින් බලනව එතන තව තරාදියක් ඇති ඒ තරාදිය කරතියාගෙන පයින්ම එනවා. ඒක ගෙන්න තමුසෙට වාහන දෙන්නෙත් නැහැ, තරාදිය දාගෙන එන්න පෙට්ටිය දෙන්නෙත් නැහැ යැයි ඉහළ නිලධාරියා තදින් කී විට සේවකයාට සිදුවී ඇති දේ කුමක්ද කියා සිතා ගත නොහැකිව පෙම්වතිය ඉදිරියේ ගොලු වුණාලු.
සුමති කුඩලිගම



අදහස් (0)

පෙම්වතියගේ සිහියෙන් ලොක්කාගේ උගුලක හිරවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site