(තිහගොඩ උපසේන ලියනගම)
වැඩි පණ්ඩිතකම් කිරීමට ගොස් තමාට හිමි කුඹුරු වගා හානි වන්දිය අහිමි කර ගත් ගොවි මහතකු පිළිබඳව පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක් ආශ්රිත ගොවි ජන සේවා කාර්යාලයකිනි.

පසුගියදා සිදුවූ ගංවතුර නිසා හානියට පත් කුඹුරු සඳහා ගොවීන්ට වන්දි ගෙවීම් පිළිබඳව වූ ගොවි හමුවක් පසුගියදා මෙම කාර්යාලයේ පැවැති අතර වන්දිහිමි ගොවීන්ගේ අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගොවි ජනසේවා නිලධාරී තුමා ගොවීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ වන්දි සහනයක් දීමට තීරණය කර ඇතත් මෙහිදී ගොවීන් බුද්ධිමත්ව කටයුතු කළා නම් මේ හානිය වළක්වා ගත හැකිව තිබූ බවය.
මෙය ඇසූ එක් ගොවි මහතකු ඒක නම් සහතික ඇත්ත සර්. ඔය ගංවතුරට කලින් ගොයම් කපලා පාග ගන්න හොඳටම ඉඩ තිබුණා. මම නං කළේ ඒකයි කීවේ ආඩම්බරයෙනි.
එහෙනම් ඔයාට හානියක් නෑනෙ වන්දි ඉල්ලුවේ ඇයි. නිලධාරියා ප්‍රශ්න කළෙන් ඔහුට තරු පෙණින.
නෑ ඉතිං ඔය දන්නෙ නැද්ද සර් ඔහු කපටි සිනාවක් පෑවත් නිලධාරියා කීවේ ඔහුගේ අයදුම්පත්‍රය ගැන නැවතත් සලකා බැලිය යුතු බවය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
කටගහන්න ගිය ගොවිරාළ වගා හානි වන්දිය කපාගෙන