IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අඹුවගෙ ඡන්දෙ නවත්වන්න සැමියා ගහපු ගැටේ අතේ පත්තු වෙලා

සිය බිරිඳගේ ඡන්දය තමන් කැමති අපේක්ෂකයාට හරවා ගැනීමට අපොහොසත් වූ සැමියෙක් උපක්‍රමශීලීව ඇය ඡන්දය දීමෙන් වළක්වාලීමට  ගත් උත්සාහයක් ව්‍යවර්ථ වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


එකම වහලක් යට දිවි ගෙවූවත් මෙම අඹු සැමියන් දැරුවේ දේශපාලන මතවාද දෙකකි. එනිසා සෑම මැතිවරණ කාලයකදීම එම නිවස දේශපාලන වාද විවාද  අඬ දබරවලින් උණුසුම් වෙයි.
මෙවරද තත්ත්වය එසේම විය. කොතරම් කරුණු කාරණා කීවත් බලපෑම් කළත් ඇයගේ ඡන්දය තමන් කැමති අපේක්ෂකයා වෙත හරවා ගැනීමට ඔහු අසමත් විය.


මෙයට උපක්‍රමයක් කල්පනා කළ ඔහු මැතිවරණයට ආසන්න සති දෙක තුළ බිරිඳ සමඟ වාද විවාද නොකර දෙදෙනා එක්ව තම ප්‍රධාන ජීවනෝපාය වන තේ ඉඩමේ දලු_ කඩමින් වල් නෙළමින් කාලය ගත කිරීමට තීරණය කළේය. 


මැතිවරණ දිනයේද ඔහු බිරිඳ කැටුව තේ ඉඩමට ගියේය. දහවල් කෑම කා ඡන්දය දැමීමට යමු යැයි බිරිඳ යෝජනා කළාය. නෑ එච්චර කලින් යන්න අවශ්‍ය නෑ, දලු_ටික කඩල දාල තුනට විතර ගියාම ඇති යැයි ඔහු පැවසුවේ කපටිකම සිත තුළ සඟවාගෙනය.


කෙසේ වෙතත් සූදානම් වී දෙදෙනා යතුරුපැදියට නගින විට සවස තුනහමාරට ආසන්න විය.


ඡන්ද පොළට කිලෝමීටර් දෙකක් පමණ තිබියදී යතුරුපැදිය ක්‍රියා විරහිත විය. මාර වැඬේ ස්ටාට් වෙන්නෙ නෑ කියූ ඔහු කීප වාරයක් යතුරුපැදිය පණ ගැන්වීමට ව්‍යාජ උත්සාහයක් කළේය.
තෙල් වසා ඇති බැවින් ක්‍රියාත්මක නොවන බව දන්නේ ඔහු පමණි.


බිරිඳ යතුරුපැදියෙන් බැස පොඩි තල්ලුවක් දැමීමට ඉදිරිපත්වූයේ ඇයගේම කැමැත්තෙනි. ඒ සැණින් තම උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඉටා ගත් සැමියා බිරිඳ මඟ දමා මිටෙන් හළ කුරුල්ලෙකු මෙන් ඡන්ද පොළ කරා ඉගිල ගියේ  මෙවර ඡන්දය දැමීමේ කාලය සවස පහ දක්වා දීර්ඝ කර තිබෙන බවක් නොදැන සිටි නිසාය. 


 බලාපොරොත්තු කඩ කර නොගත් බිරිඳ ත්‍රිරෝද රථයක් නතර කරවාගෙන ඡන්ද පොළ කරා ළඟාවන විට සවස හතර පසුවී තිබුණත් ඡන්දය දමා නිවෙසට පැමිණියේ දුම්මල වරම අතට ගෙනලු.
(උණවටුන ඩී.ජී. සුගතපාල)



අදහස් (0)

අඹුවගෙ ඡන්දෙ නවත්වන්න සැමියා ගහපු ගැටේ අතේ පත්තු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site