(ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර)
මංගල උත්සවයකට සහභාගී වන අයුරින් හොඳට ඇඳ පැළැඳගෙන නගරයක තිබූ පෝස්ටර් ගැලවීමට එක්තරා තරුණ පිරිසකට  වූ සිදුවීමක් පිළිබඳව දකුණේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා විය.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. එක්තරා ගමක තරුණ පිරිසක් පසුගිය ජනාධිපතිවරණයේදී එම දිස්ත්‍රික්කයේ සිටි ප්‍රධාන දේශපාලන බලවතා හා එක්ව ඔහුට සහයෝගය දක්වමින් මැතිවරණ කටයුතු සිදුකළහ. මේ නිසා එම දේශපාලනඥයා හා එම තරුණ පිරිස අතර ලොකු බැඳීමක් ද ඇතිවිය.
ජනාධිපතිවරණයෙන් එම පක්‍ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු මෙම දේශපාලනඥයාට කිසියම් පදවියක් ලැබෙන බවටද ආරංචි පැතිර ගියේය.
මේ අතර එක් දිනක් මෙම දේශපාලනඥයාගෙන් තරුණ පිරිසට පණිවුඩයක් ලැබුණේය. ඒ එතුමාගේ කාර්යාලයට යන ලෙසය.
‘ෂුවර් එකටම පාටියක් වෙන්න ඇති. කාර්යාලයට එන්න කිව්වට ටවුමේ කොහේ හරි හෝටලේක තමයි පාටිය ඇත්තේ, ඒ නිසා අපි හොඳට ඇඳගෙන යමු’ තරුණ පිරිස කතා කර ගත්හ.
ඒ අනුව නියමිත දිනයේ මංගල උත්සවයකට යන අයුරින් හොඳට ඇඳ පැළඳගෙන එක් තරුණයකු සතු වාහනයෙන්ම ඔවුහු දේශපාලනඥයාගේ කාර්යාලයට ගියහ.
ඔවුන්ගේ ගමන ගැන ගමේ තව පිරිසක් විමසූ විට ඔවුන් කියා සිටියේ බොස්ගේ පාටියකට යන බවය.
කාර්යාලයට ගිය තරුණ පිරිස සිනහමුසු මුහුණින් ඉතා සුහදව පිළිගත් අතර තවත් පිරිසක් විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය.
පණිවුඩ ලැබූ සියලුම පිරිස පැමිණීමෙන් පසු දේශපාලනඥයා ඔවුන් අමතා කියා සිටියේ ‘නව නායකයාගේ සංකල්පයකට අනුව නගර සියල්ලම පිරිසුදුව තබාගැනීමට කටයුතු කරන බවය. ඒ නිසා අපද සියල්ලෝම සමඟ නගරයට ගොස් එහි ඇති දැන්වීම් පෝස්ටර් ගලවා දමා නගරය පිරිසුදු කරමු’යැයි ඔහු යෝජනා කළේය.
එම යෝජනාවට අනුව සියලුම දෙනා නගරයට ගොස් නගරයේ පෝස්ටර් ගලවා දමමින් නගරය පිරිසුදු කරද්දී මේ කණ්ඩායමේ එක් තරුණයකු අනෙකාට කීවේ. ‘ගමේ කවුරුවත් අද ටවුමට නාවොත් හොඳයි, ආවොත් එහෙම අපේ කාඞ් කුඩු’ යනුවෙනි.
පසුව මේ ගැන දැනගත් ගමේ කිහිපදෙනෙකු අර තරුණයන්ගෙන් කොහොමද එදා පාටිය කියා විමසන විට ඔවුන්ගේ මුහුණු ඇඹුල් වූ බව කියති.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දේශපාලක බොස්ගේ පාටියට ගිහින් ටවුමම සුද්ද කරන්න වෙලා
Perera Wednesday, 04 December 2019 10:03 PM
තවම පාටිය පටන්ගත්ත විතරයි, "පාටියේ" නියම "සංග්‍රහය" පටන්ගත්තාම පාටිය කොහොමද කියලා එළිපිටම අපිටම පෙනේවි.