(තලාතුඔය - ටී.එච්. සරත්)
ඉකුත් ජනාධිපතිවරණය සඳහා ඔට්ටු ඇල්ලූ බොහෝ දෙනා මේ දිනවල තමන්ගේ ඡන්ද ඔට්ටු ඉටු කරති. හේවාහැටට නුදුරු නගරයක අවන්හල් හිමියකු හා ඔහුගේ අවන්හලේම කොත්තු බාස් සමග ඇල්ලූ ඔට්ටුවකින් අවන්හල් හිමියා පැරැදී මේ දිනවල සිය අවන්හලේ කුස්සියට වී කොත්තු රොටී ගසනු දක්නට ලැබෙන අතර කොත්තු රොටී බාස් කැෂියර් කූඩුවට වී මුදල් ගනුදෙනු කරනු දැකිය හැකිවිය.
ඡන්ද ඔට්ටුව අල්ලා ඇති අවන්හල් හිමියා කියා ඇත්තේ ජනපතිවරණයෙන් හංසයා ජයගන්නා බවයි. කොත්තු රොටී බාස් කියා ඇත්තේ පොහොට්ටුව ජයගන්නා බවයි. දෙදෙනාගේ ඔට්ටුව වී ඇත්තේ අවන්හල් හිමියා පැරැදුණහොත් සතියක කාලයක් ගතවන තුරු කුස්සියට වී තමා කොත්තු ගසන බවත් කැෂියර් කූඩුව කොත්තු බාස්ට බාර දෙන බවත්ය. කොත්තු බාස් පවසා ඇත්තේ තමා පැරැදුණහොත් සතියක කාලයක් මුදල් නොගෙන කොත්තු රොටී සාදා දෙන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොත්තු බාස් නැතිව කොත්තුවල රසත් පහතට වැටිලද.