(තලාතුඔය - ටී.එච්. සරත්)
ඉකුත් ජනාධිපතිවරණය සඳහා ඔට්ටු ඇල්ලූ බොහෝ දෙනා මේ දිනවල තමන්ගේ ඡන්ද ඔට්ටු ඉටු කරති. හේවාහැටට නුදුරු නගරයක අවන්හල් හිමියකු හා ඔහුගේ අවන්හලේම කොත්තු බාස් සමග ඇල්ලූ ඔට්ටුවකින් අවන්හල් හිමියා පැරැදී මේ දිනවල සිය අවන්හලේ කුස්සියට වී කොත්තු රොටී ගසනු දක්නට ලැබෙන අතර කොත්තු රොටී බාස් කැෂියර් කූඩුවට වී මුදල් ගනුදෙනු කරනු දැකිය හැකිවිය.
ඡන්ද ඔට්ටුව අල්ලා ඇති අවන්හල් හිමියා කියා ඇත්තේ ජනපතිවරණයෙන් හංසයා ජයගන්නා බවයි. කොත්තු රොටී බාස් කියා ඇත්තේ පොහොට්ටුව ජයගන්නා බවයි. දෙදෙනාගේ ඔට්ටුව වී ඇත්තේ අවන්හල් හිමියා පැරැදුණහොත් සතියක කාලයක් ගතවන තුරු කුස්සියට වී තමා කොත්තු ගසන බවත් කැෂියර් කූඩුව කොත්තු බාස්ට බාර දෙන බවත්ය. කොත්තු බාස් පවසා ඇත්තේ තමා පැරැදුණහොත් සතියක කාලයක් මුදල් නොගෙන කොත්තු රොටී සාදා දෙන බවත්ය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්ද ඔට්ටුව පැරදී අවන්හල් හිමියා කොත්තු බාස්වෙලා කොත්තු බාස් කැෂියර් වෙලා
Kumar Tuesday, 26 November 2019 06:52 PM
කොත්තු බාස් නැතිව කොත්තුවල රසත් පහතට වැටිලද.