IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හීනෙන් සුලෝචනා සෙවූ සැමියා දමා බිරිඳ මහ රෑ ගෙදරින් ගිහින්

විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් මත්පැන් පානය කර පැමිණ නිදාගෙන සිටියදී අනියම් පෙම්වතිය පිළිබඳ හීනෙන් දොඩවමින් සිටි සැමියාගේ  බිරිඳ දරුවන් සමග මහ රෑ මහ ගෙදර බලා යාමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


මව්පියන් ළඟ ආපසු ගොස් ඇතැයි කියන 23 හැවිරිදි එක් දරු මව අවිස්සාවේල්ල ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වෙමින් සිටි තරුණියකි. දෙහිඕවිට ප්‍රදේශයට ආගිය අවස්ථාවක කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක කෝදොස්තරවරයකු ලෙස සේවය කරමින් සිටි තරුණයකු හඳුනාගෙන තිබුණි. පසුව තරුණිය මවුපියන්ට හොර රහසේම මීට වසර පහකට පමණ ඉහතදී කෑගල්ල පදිංචි කොන්දොස්තරවරයාගේ නිවසට  කැන්දාගෙන පැමිණියාය. කොන්දොස්තරවරයාගේ මහගෙදර මාසයක් පමණ දිවි ගෙවා ඇති මෙම තරුණ යුවළ කොන්දොස්තරවරයාගේ පියාට අයත් පොල් ඉඩමක කටු මැටි පැලක් තනාගෙන එම නිවසේ පදිංචියට ගියාය. ඔහු උපයාගෙන එන සුළු මුදලින් ජීවත් වෙමින් සිටින මෙම යුවළගේ කැදැල්ලට පිරිමි දරුවෙක් මීට වසර තුනකට පමණ ඉහතදී එක්විය.


ආදරයෙන් තම  බිරිඳ හා දරුවා බලාගෙන ජීවත් වෙමින් සිටි කොන්දොස්තරවරයා ඔවුන්ට කිසිම අඩුපාඩුවක් ද කළේ නැත කොන්දොස්තරවරයා මත්පැන් පානය කළේ ද නැත. මෙම යුවළට දෙපාර්ශවයේ මව්පියන්ගෙන් හව්හරණක් ලැබුණේ ද නැත. කොන්දොස්තරවරයාගේ මව්පියන්ට යමක් තිබුණද හදිසියේ සිය එකම පිරිමි දරුවා සිදුකර ගත් විවාහය සම්න්ධයෙන් ඔවුන් ද එදා සිට කොන්දොස්තර පුතා පවුලෙන් අතහැර දමා තිබුණි. ඇතැම් දිනවලදී බිරිඳගේ හා දරුවාගේ ඇඳුම් පැලඳුම් පවා සෝදා පිරිසිදු කර වැලක වනා දී උයා පිහා තබන කොන්දොස්තරවරයා රැකියාවට ගිය අවස්ථා ද තිබුණි.


මාස කිහිපයක සිට කොස්දොස්තර සැමියා තමාට මුලදී තිබූ ආදරය රැකවරණය අඩු බවක් දක්වන බව ඈට සිතුණ වාර ගණන අපමණය. එහෙත් සැමියාගෙන් වෙනත් සම්බන්ධතාවක් පිළිබඳ ඇයට දැන ගන්නට ලැබුණේ නැත.


මීට සති දෙකකට පමණ ඉහතදී හිතවත් කොන්දොස්තරවරයකුගේ විවාහ මංගල්‍යයකට ආරාධනා කර තිබුණි. මොහු එදින වැඩ නිමකර පැමිණ සවස හිතවතාගේ විවාහ මංගල්‍යය උත්සවයට ගියේය. මත්පැන් පානය නොකරන කොන්දොස්තරවරයා එදින සෙසු කොන්දොස්තරවරුන්ගෙන් බේරීමට බැරි විය. පසුව හිතවත් කොන්දොස්තරවරු සමග වීදුරු කිහිපයක් තොලකට හා ගත් මෙම කොන්දොස්තරවරයාට අන්තිමේදී වැඩි විය. මනමාල කොන්දොස්තරවරයාටද දීමට රැගෙන ගිය මුදල් ද දීමට තරම් සිහි කල්පනාවක් නොතිබුණු කොන්දොස්තරවරයා පසුව සෙසු කොන්දොස්තරවරුන් දෙදෙනකු විසින් ත්‍රීරෝද රථයකින් නිවසට ගෙනත් දමා බිරිඳට බාර දී ගියේය.


පසුව අධික බීමත්ව සිටි කොන්දොස්තර සැමියාට රෙද්දක් ද පෙරවූ බිරිඳ ඇයද එදින නින්දට වැටුණාය. ටික වේලාවක් ගිය පසු කොන්දොස්තරවරයා නින්දෙන් “සුලෝචනා ඔයා මට දවස් තුන හතරකින් හම්බ වුණේ නෑ. ඇයි මං වැඩකරන බස් එකේ දැන් එන්නේ නැත්තේ. ඔයා දකින්නේ නැතිව මට ඉන්න බැහැ” යනුවෙන් විවිධ දේවල් පවසන්නට විය.


සිය සැමියාගේ ප්‍රකාශ හේතුවෙන් බිරිඳට පැය කිහිපයක් නින්ද ගියේ නැත. පසුව එක් දරු මව අසල්වැසි ත්‍රීරෝද රථකරුවකු නිවසට ගෙන්වාගෙන අවිස්සාවේල්ල මහගෙදරට දරුවා සමග ගොස් ඇතැයි වාර්තා වෙයි.


පසුදා කොන්දොස්තරවරයා බිරිඳ නිවසේ නොමැති බව දැන ගැනීමෙන් පසුව බිරිඳගේ මහගෙදරට පසුවදාම ගියේය. “අනේ සුදු මැණිකේ එහෙම කරන්න එපා ඔයා මෙහෙ හිටියොත් මට ලැජ්ජයි. මම අසරණ වෙයි. මට සමාවෙන්න. මම අද ඉඳලා ඒ සම්බන්ධය අනිවාර්යෙන්ම නතර කරනවා  ඔයාට වැන්දා ආයේ කවදාවත් ඔයාට දුකක් දැනෙන්න මම ඉඩ තියන්නෙ නෑ” යනුවෙන් කොන්දොස්තරවරයා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි. එහෙත් තරුණ එක්දරු මව තවමත් කොන්දොස්තරවරයා ළඟට පැමිණ නැති බවද වාර්තා වෙයි.
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)



අදහස් (0)

හීනෙන් සුලෝචනා සෙවූ සැමියා දමා බිරිඳ මහ රෑ ගෙදරින් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site