ව්‍යාපාරිකයකු වූ තම පියා මුලා කරගෙන විවිධ දේවල් කඩාවඩා ගන්නවායැයි සැක සිතූ දරුවන් තම පියාගේ ක්‍රියාකලාපය සොයා බැලීමට කථිකා කරගත්හ. ඒ අනුව දිනක් පියා පසුපස ගිය එක් දියණියක් තම පියාගේ උතුම් සද්කාර්ය සියැසින් දැක ඇය අත තිබූ මුදල් ද පරිත්‍යාග කිරීමටත් පසුව පියාගේ පුණ්‍ය ක්‍රියාවට පවුලේ සැවොම උදව් කළ පුවතක් සියනෑවේ ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.

සිද්ධිය මෙසේය.
ව්‍යාපාරිකයෙකු වූ ඔහුට දරුවන් සිවුදෙනකු සිටින අතර ඔහු දනට පිනටද කැමැත්තක් දැක්වීය.
මාස කීපයකට පෙර පැවති ධර්ම දේශනාවකදී අසරණ රෝගීන්ට බෙහෙත් හේත් පරිත්‍යාග කරන පුද්ගලයකු වේද ඔහුට නිරෝගී සම්පත් ලැබෙන බව කියවිණි. එම ධර්ම දේශනාවට සවන්දුන් ඔහුගේ සිත ඒ කෙරෙහි ඇදී ගියේය.
ඊට සතියකට පමණ පසු ගමේ විහාරස්ථානයට ගිය ඔහු විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමකට තම අදහස පළකළේය. ඒ අනුව හිමියන්ගේ උපදෙස් පරිදි අසරණ රෝගීන් කීපදෙනෙකුගේ අවශ්‍යතාව අනුව ඔවුන්ට අවශ්‍ය කරන බෙහෙත් ලබාදීමට කටයුතු කළේය. රෝගී වැඩිහිටියන් කීපදෙනෙකුගේ බෙහෙත් තුන්ඩු ලබාගත් ඔහු පුර පසළොස්වක පොහෝදින එම බෙහෙත් වර්ග ද රැගෙන විහාරස්ථානයට ගොස් උපාසක උපාසිකාවන්ට බෙහෙත් වර්ග ලබාදුන්නේය.
බෙහෙත් වර්ග ලබාගත් උපාසක උපාසිකාවෝ ව්‍යාපාරික මහත්මාට ආශිර්වාද කළහ.
ඒ අනුව ව්‍යාපාරික මහත්මා සෑම පුරපසළොස්වක පොහෝදිනකම මෙම පුණ්‍ය කර්මය සිදුකළේය.
මේ පිළිබඳව කිසිම ප්‍රචාරයක් බලාපොරොත්තු නොවූ ව්‍යාපාරිකයා මෙය කිසිවකුටත් කීවේ නැත.
සෑම පොහෝදිනකම පාර්සල් කීපයක් රැගෙන යන දුටු ව්‍යාපාරිකයාගේ බිරිඳත් දරුවනුත් ඒ පිළිබඳව සොයන්නට වූහ.
දිනක් එක් දියණියක් තම පියා පාර්සල් රැගෙන යන අතරතුර පසුපසින් ගමන් කළේය.
තම පියා විහාරස්ථානයට ගොස් ධර්ම ශාලාව වෙත පිය නැගුවේය.
ව්‍යාපාරික මහතා දුටු උපාසක උපාසිකාවෝ කීප දෙනෙක් ඒ මහතා ඉදිරියට පැමිණෙත්ම ඔහු පාර්සල් කීපය ඔවුන්ට ලබා දුන්නේය. එය ලබාගත් උපාසිකාවෝ මහත්තයාට නිරෝගී සම්පත් දීර්ඝායු ලැබෙන්න ඕනෑ මහත්තයාගේ ගෙදර ඇත්තන්ටත් දරුවන්ටත් සතුට සාමය ඇතිවෙලා නිරෝගී සම්පත් දීර්ඝායු ලැබෙන්න ඕනෑ යැයි දීර්ඝ ලෙස ආශිර්වාද කළහ. පිටුපසින් ගිය ව්‍යාපාරිකයාගේ දියණිය මෙය අසා තම පියා පිළිබඳ ඇති වූ සැකය දුරු වූවා පමණක් නොව තම අත තිබූ මුදල්ද උපාසිකාවන් වෙත පරිත්‍යාග කළාය.
(කැලණිය ලාල් එස්. කුමාර)
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පියා වැරැදි මගක යනවාට හරස් කැපූ දරුවන්ට වැරැදිලා