සවස් වරුවක පොලිස් රථයකින් පැමිණ නිලධාරීන් තිදෙනා වාහන පරීක්‍ෂා කරන්නට වූහ. මාර්ග නීති කඩකරන රියදුරන්ට එවලේම දඩකොළ නිකුත් කෙරිණි. නිලධාරීන් තම කටයුතුවල යෙදුනේ රාජකාරිය දේව කාරියටටත් වඩා සලකමිනි.

පැය කිහිපයක් ගතවිය. එක් පොලිස් නිලධාරියෙක් වටපිට බලමින් පාර අයිනේ කොස් විකුණන තරුණයා වෙත පැමිණියේය. කොස් අඩංගු මේසය මත සිගරට්ටුවක් සහ ලයිටරයක් තිබිණි. එය දුටු නිලධාරියා පාරේ ඉඳන් සිගරට් බොන්න තහනම් කියලා දන්නැද්දැයි’ විමසීය. “අනේ සර් මොනවා කරන්නද? උදේ ඉඳන් මෙතනට වෙලා වේළී වේළී කොස් විකුණනවා’ ඔහු පැවසීය.
“ඒ උනාට සිගරට් එක බොන්න නේද හැදුවේ” නිලධාරියා විමසූ විට. “ඔව් සර්” ඔහු කීය. “හරි හරි මට දීපන්කෝ උඹේ ලයිටරේ”යි පැවසූ පොලිස් නිලධාරියා ලයිටරය ගෙන පාර පැන, නිවසක ඉදිරිපස වත්තට ඇතුළු විය.
කොස් වෙළෙන්දා නිලධාරියා කුමක් කරන්නේ දැයි විපරම් කළ විට දුටුවේ ගසකට මුවාවී ඔහු දුම්වැටියක් උරන අයුරුය. කොස් වෙළෙන්දාගේ මුවගට සිනහව නැගිණි. විනාඩි කිහිපයකින් පොලිස් නිලධාරියා පේර දල්ලක් සපමින් පැමිණියේය. ලයිටරය භාරදුන් හෙතෙම, “උඹට මම කොහොමද සිගරට් බොන්න එපා කියන්නේ. මමත් සිගරට් බොනකොට. මට ඕක නතර කරන්න අමාරුයි. මගේ නෝනාගෙන් මම කොච්චර බැනුම් අහනවද, සිගරට් බොනවා කියලා.
මම සිගරට් එක බොන්නේ නෝනටයි ළමයින්ටයි හොරෙන් ගේ පිළිකන්නට ගිහිල්ලා. පිළිකා රෝහලට ගියාම තමයි තේරෙන්නේ සිගරට් වලින් වෙන වින්නැහිය” යනුවෙන් පැවසූ පොලිස් නිලධාරියා පාරේ ඉඳන් සිගරට් බොන්න එපා කීදෙනෙක් පාරේ යනවාද අපි එයාලවත් ලෙ ඩ කරනවා අර වත්ත ඇතුළට ගිහිල්ලා බීලා වරෙන්” යැයි පැවසීය. “හරි සර් යැයි පැවසූ කොස් වෙළෙන්දා පාර අසල වත්තට ඇතුළු විය.
ක්‍රිස්ටෝපර් සීපියන්
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් නිලධාරියාගේ ‘පිළිකන්නේ රහස’ කොස් වෙළෙන්දාටත් දීලා