IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තොවිලය නටද්දී කට්ටඬියාගේ ඉනේ තිබූ කොඩිවිනේ එළියට පැනලා

තොවිල් නැටීමට කොඩිවින කැපීමට දක්ෂයකු බවට රටතොට පතල ඇදුරකු මෑත කාලයේ කළ හපන්කමක් පිළිබඳව බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයෙන් වාර්තාවෙයි. ඕනෑම තොවිලයක දිස්ටි මන්තර කියා පරලවන්නේද ඔහුය. යම් කෙනෙකුට කොඩිවිනයක් කර වත්තේ කොතනක හෝ වළ දමා තිබුණත් පරල වී දිවගොස් ඔහු එය රැගෙන එන්නේ බලා සිටිනවුන් මවිත කරවමිණි.


එක් ගෙදරක තරුණියකට නිතර වැළඳෙන රෝගයක් නිසා ඇයට කොඩිවිනයක් කර ඇති බව ගෙහිමියන්ගේ විස්වාසය විය. එම නිසා මේ ඇදුරාට ඒ තොවිලය කරදීමට බාරදී තිබිණි. ඇදුරාගේ ගෝල බාලයෝ කල්තියාම පැමිණ පෙරේත තටුව, මල්යහන් අලංකාරව නිම කරති. ඇදුරා තොවිල් පොළට එන්නේ හවස් වරුවේය. අහල පහළ ගෙදරක පැවැති තොවිලයක් නිසා ඇදුරාගේ නිවසේ සිටි සේවක කොලුවාද එදින තොවිලය නැරඹීමට ඇදුරා සමග යාමට කැමති වූයේය. ඒ අනුව දෙදෙනා කෙටි මාර්ගයක් ඔස්සේ වෙල්යාය මැද්දෙන් ඕවිට හරහා තොවිල් ගෙදරට ළඟා වූයේය.


තොවිලය ආරම්භ වී මධ්‍යම රාත්‍රිය වන්නට විය. සුදුවතින් සැරසුණු ආතුරයා මල්යහන අසල පැදුරකය. කොලුවා හොඳට බත් ගිලදමා පිටුපස මඩුවක මර නින්දේය. ඇදුරා පරලවී කිලි ගසා දිස්ටිය අගුලවාගෙන ගෙතුලත් ගෙයින් පිටත වත්ත පුරාත් පිම්මේ දුවයි. හැඩි දැඩි තරුණ පිරිසක් දුම්මලද 
රැගෙන ඔහු පසු පසම දුවති.


වත්තේ එක තැනක නතර වු යකදුරා දුම්මල ගසා තදින් නටන්නට විය. බෙර කරුවාද ආවේශ පදයට වයයි. ඒ අසලින් යමක් අතට ගත් ඇදුරා හූ හඬක් නංවා අති බිහිසුණු ලීලාවෙන් දිවවිත් නිවසට ඇතුළුවන උලුවස්ස ළඟ සිහිසුන්ව ඇද වැටිණි. තරුණයෝ ක්ෂණිකවම ඔහු ඔසවා මල්යහන අසල එලූ පැදුර මත තැබීය. එකෙක් ඔහුගේ නර්තන ඇඳුම බුරුල් කරයි. අනෙකා අතින් කටින් ගෙන සිටි පන්දම් ඉවත් කරයි. තවකෙක් කහදියර පොවයි. ඇදුරාට පියවි සිහිය එයි. කහ නූලක් ගැට ගැසූ මැරුණු කටුස්සෙකු ඇදුරාගේ පැදුර අසලය. කටුස්සෙක්, කටුස්සෙක් මහා කලබලයකි. දැක්කද කොඩිවිනය ජීවම් කරපු කටුස්සෙක්. ඔන්න කෙල්ලේ දැන් ලෙඬේ නිවාරණයි.

කොඩිවිනය නිවාරණය තීන්දුයි. කැපයි වයසක උන්දැ කෙනෙක් කියයි. කොඩිවිනය කරපු එකානම් දවස් තුනක් යන්න කලින් ඉවරයි. ගුරුන්නාන්සේ ඒවටත් වැඩක් කරන්න ඇති තවකෙක් කීය. මෙතෙක් වෙලා මඩුවේ නිදා සිටි කොලුවා නැගිට යකදුරා වට කරගත් පිරිස අතරින් රිංගා ගොස් තම ස්වාමියා දෙසත් මැරුණු කටුස්සා දෙසත් විපරමින් බැලීය. මහත්තයා මේ අර අපි දෙන්නා එනකොට මහත්තයා ඕවිටේදි අල්ලාගත් කටුස්සා නේද කවුද මූව මෙහාට ගෙනාවේ යැයි ඇසූ විට කරුණු අවබෝධ කරගැනීමට පිරිසට වැඩි වෙලාවක් ගතනොවීය කොලුවාට අතින් පයින් පහර දෙකක් එල්ල කළ ඇදුරා පණ බේරා ගැනීමට දිව ගියත් තොවිලයේ හපන්කම ගැන ගම පුරා පැතිර යන්නට වැඩි වේලාවක් ගත නොවීය.
සුමති කුඩලිගම



අදහස් (0)

තොවිලය නටද්දී කට්ටඬියාගේ ඉනේ තිබූ කොඩිවිනේ එළියට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site