IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිරියගේ යතුරුපැදිය යැයි රැවටී වෙනත් කතකගේ යතුරුපැදිය පණගන්වන්න ගිහිං ජංජාලයක්

(තලාතුඔය ටී.එච්. සරත් )

තම බිරියගේ යතුරුපැදිය යයි සිතා වෙනත් කාන්තාවකට අයත් යතුරු පැදියක් පණ ගැන්වීමට තැත් කොට එය අසාර්ථක වීම නිසා එහි යතුරු ස්වීචය කඩා දැමූ පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය.

තම අවශ්‍යතාවක් සඳහා කාන්තාවක් තලාතුඔය නගරයට පැමිණ යතුරුපැදිය මාර්ග යේ පසෙක නවතා ඇත්තේ එම ස්ථානයේ තවත් යතුරුපැදි කිහිපයක් ද නවතා තිබීම නිසාය. අනතුරුව එම ස්ථානයට පැමිණි පුද්ගලයකු තමා පැමිණි යතුරුපැදිය යයි සිතා එකී කාන්තාවට අයත් යතුරුපැදිය පණ ගැන්වීමට යතුර ස්වීචයට දමා කරකවා ඇතත් එය පණ ගැන්වී නැත. කිහිප වාරයක් උත්සාහ කළ ද යතුරුපැදිය පණ ගැන්වීමට නොහැකිවීම නිසා අසල වූ කම්මලකට ගෙනගොස් යතුරු ස්වීචය කඩා තිබේ. මේ අතරවාරයේ තම කාර්ය නිමවා කාන්තාව පැමිණ තම යතුරුපැදිය නැවතූ ස්ථානයේ නොමැති බැවින් පොලිසියට දිවගොස් යතුරුපැදිය කිසියම් කෙනෙකු සොරාගෙන ගොස් ඇතැයි කියා සිටීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් යතුරුපැදිය සොයා නගරය පරීක්ෂා කිරීමේ දී ස්වීචය කඩා යතුරුපැදිය ගෙන එන පුද්ගලයා හමුවී තිබේ.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී යතුරු ස්වීචයේ දෝෂයක් නිසා එය පණ ගැන්වෙන්නේ නැති බවත් එනිසා එය කඩා දමා යතුරුපැදිය පණගන්වා ගත් බව ප්‍රකාශ කර තිබේ. යතුරුපැදිය කාගේ දැයි ප්‍රශ්න කළ විට එය තම බිරියගේ බවත් කියා ඇත. අනතුරුව බිරියගේ යතුරුපැදිය යැයි සිතා එහි හිමිකාරිය ඉදිරිපත් වූ විට තමා වෙනත් යතුරුපැදියකට යතුර දමා පණ ගැන්වීමට උත්සාහ කර ඇති බව ඔහුට වැටහී තිබේ. තම බිරියගේ යතුරුපැදිය යැයි සිතා තමා අතින් වරදක් වූ බව පිළිගත් එම පුද්ගලයා යතුරුපැදියේ ස්වීචය කඩා දැමීම සම්බන්ධයෙන් සමාව අයැද අලුතෙන් ස්වීචයක් සවිකර දෙන බවට පොරොන්දු වී තිබේ.



අදහස් (2)

බිරියගේ යතුරුපැදිය යැයි රැවටී වෙනත් කතකගේ යතුරුපැදිය පණගන්වන්න ගිහිං ජංජාලයක්

Bamunuarachchi Wednesday, 04 December 2019 05:51 AM

ස්කූටර් පිස්සුවේ අලුත් එක.

:       8       60

ශංඛ Thursday, 05 December 2019 04:04 AM

බිරිද කියා සිතා වෙනත් කාන්තාවක් ලගට ගියා වගෙයි

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site