නව ණය ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ වෙන්නේ නැතැයි මහබැංකුවෙන් නිවේදනයක් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවල නව ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 05 December 2018
ලංකාවේ විදේශ මූල්‍ය අංශය පීඩනයක මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ මූල්‍ය අංශය පීඩනයකට ලක්වූයේ යැයි මහ බැංකුව සඳහන් කරයි. 04 December 2018
ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වුණා වැඩියි කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත තත්ත්ව පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. 04 December 2018
යාපනයේ රතුලූනූ මිල අඩුවෙයි පසුගිය දිනවල උතුරට ඇදහැලෙන වර්ෂාවත් සමඟ යාපනයේ රතුලූනූ අස්වැන්න සාර්ථක වීමත් සමඟ වෙළඳපොළට යාපනයෙන් රතුලූනූ තොග පිටින් ලැබීම හේතුවෙන් මිල ගණන් සීඝ්රයෙන් අඩු වී ඇති බවට උතුරේ වෙළෙන්දෝ කියා සිටිති. 04 December 2018
ඇමෙරිකාව හා චීනය අතර එකඟතාවයක් වෙළඳ යුද්ධය සමනය කිරිමේ දින 90 ක එකඟත්වයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා චීන ජනපති ෂී ජින්පින් මහතා අතර ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 December 2018
’’ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’’ නිවාස සංකීර්ණය විවෘත කරයි මෙරට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් වන ‘ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’ සුපිරි නිවාස සංකීර්ණය අද (30) මාධ්‍යට අනාවරණය කළේය. 30 November 2018
රුපියලේ අගය අවප්‍රමාණය දේශපාලන ඝෝෂාවකි මහින්ද ගේ ආර්ථික විශේෂඥයන්ට ද රුපියල අවප්‍රමාණය පාලනය කළ නොහැකි වී තිබේ. රනිල් ගේ ආණ්ඩුව රුපියල පාලනයට අසමත් බවට තර්ක ඉදිරිපත් කළ දේශපාලනඥයෝ නිහඬ වී ඇත. 30 November 2018
‘‘සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති නැවත වරක් විමසා බැලිය යුතුයි‘‘ මෙරට සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති නැවත වරක් විමසා බැලිය යුතු යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (28) පැවැසීය. 28 November 2018
‘‘රටක ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට ‘සයිබර් ආරක්ෂාව’ වැදගත්‘‘ නූතන ලෝකයේදී ඕනෑම රටක ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා ‘සයිබර් ආරක්ෂාව’ ඉතා වැදගත් යැයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (28) පැවැසීය. 28 November 2018
බදුල්ලේ තේ වතු රැසකට කළු පුල්ලි අංගමාරය අධික වර්ෂාව හා මීදුම හේතුවෙන් තේ වගාවට වැළඳී ඇති කළු පුල්ලි අංගමාරය හෙවත් බ්ලිස්ටර් බ්ලයිට් නැමැති දලු අව පැහැගැන්වී කඩා වැටීමේ රෝගී තත්වයක් හේතුවෙන් පිටමාරුව එළමාන, මඩොල්සිම , කොකාගල ආදී ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන්ගේ දෛනික ආදායම 50% -75 % ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි කුඩා තේ වතු හිමියෝ පවසති. 27 November 2018
මහජන බැංකුවට නව සභාපතිනියක් මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය පත්කරනු ලැබ තිබේ. 27 November 2018
සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය කියා සිටී. 19 November 2018
ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ චීනය - එක්සත් ජනපද වෙළදාම මත ඇති වූ බෙදීම නිසා නායකයන්ගේ විධිමත් ප්‍රකාශයකින් තොරව පළමු වතාවට ආසියානු ආර්ථික සමුළුව අවසන් වී ඇත. 18 November 2018
‘ආණ්ඩුව ස්ථාවර නැති නිසා රටේ ව්‍යාපාර කඩා වැටිලා‘ වර්තමානයේ ස්ථාවර ආණ්ඩුවක් නොමැති වීම නිසා රටේ ව්‍යාපාර ගණනාවක් කඩා වැටී ඇති බවත් , කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැංවීමට ඉක්මනින් මැතිවරණයක් කැඳවන්නැයි කොළඹ ව්‍යාපාරික සංගමය අධිකරණය ,ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා අද (18) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 18 November 2018
විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට යයි මේ වසර අවසන් වනවිට විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ. 15 November 2018
බිස්නස් ටුඩේ ටොප් 30 ප්‍රථම ස්ථානය ජෝන් කීල්ස් සමාගමට ‘බිස්නස් ටුඩේ ටොප් 30’ සහ ‘බිස්නස් ටුඬේ විශේෂ පිළිගැනීම’ යන සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද (12) පැවැත්විණි. 12 November 2018
දඬු ලේනුන්ගෙන් වඳුරන්ගෙන් පුත්තලමේ පොල් වගාවට හානි පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දඬු ලේනුන් සහ වඳුරන් හානි සිදුකිරීම හේතුවෙන් වසරකට පොල් ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විනාශ වන බව පුත්තලම පොල් වගාකරුවෝ පවසති. 06 November 2018
‘‘රටේ තත්ත්වය සංචාරක ව්‍යාපාරයට බලපාන්නේ නැහැ‘‘ රටේ පවතින තත්ත්වය කිසිසේත්ම සංචාරක ව්‍යාපාරයට බලනොපාන බව විදේශ කටයුතු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. 05 November 2018
ව්‍යාපාර වලට හිතකර රටවල් 100 අතරට ලංකාවත් ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර ප්‍රධාන රටවල් 100 අතරට ශ්‍රී ලංකාවද තේරී පත් ව ඇතැයි ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක දැක්වේ. 04 November 2018
සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නෑ - සරත් අමුණුගම සුගියදා ඇතිවූ සිද්ධීන්වලින් අනතුරුව රටේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා හට නොගත් බැවින්, සංචාරක ක්ෂේත්රය ද කිසිදු අපහසුතාවකට ලක් වී නොමැති බව විදේශ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය . 03 November 2018
කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (2) ඒකක 21.92කින් ද ‘එස් ඇන්ඞ් පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 12.64කින් ද පහත වැටිණි. 02 November 2018
‘ආයෝජන මණ්ඩලයට නඟන චෝදනා පදනම් විරහිතයි’ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සම්බන්ධයෙන් නඟන චෝදනා පදනම් විරහිත වන අතර මේ වසරේදී පමණක් ඇමෙරිකා ඩොලර් බිලියන 32 ක ආයෝජන ව්‍යාපෘති ලැබී ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 26 October 2018
සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට අගෝස්තු මාසය හා සැසඳීමේදී සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 0.9කින් පහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 24 October 2018
ශ්‍රී ලංකාව ඉලෙක්ට්‍රොනික අපනයනයට අත තියයි විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි වී ඇත. 23 October 2018
චීන ණයට පොළී අනුපාතයක් සඳහන් කර නැහැ - හිටපු මහ බැංකු අධිපති චීන සංවර්ධන බැංකුවෙන් පසුගිය සතියේදී මෙරටට ලැබුණු ණය මුදලට අදාළ පොළී අනුපාත නිශ්චිතව සඳහන් කර නැතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 22 October 2018
මුද්‍රණ දෙපාර්තමේන්තුවට කෝටි 120 ක ආදායමක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ගිය වසරේදී රුපියල් කෝටි 120 ක පමණ ආදායමක් උපයා ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව පාරලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි. 21 October 2018
ධීවර ක්ෂේත්රයේ එදිනෙදා තොරතුරු දැනගන්න මෘදුකාංගයක් ධීවර ක්ෂේත්රයේ දෛනික තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ මෘදුකාංගයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය. 19 October 2018
වැව් මාළුවාත් ටින්කර යුරෝපයට යවයි ටින් මාළු කී සැනින් සිහිපත් වන්නේ සැමන්, ටූනා, මැකරල් වැනි මසුන්ය. එසේ නැතිනම් ආනයනය කරන ලද ටින් කළ මසුන්ය. එහෙත් වැව් මාළු ටින් කරන බව ඔබ දන්නවාද? 18 October 2018
විදෙස් දූත මණ්ඩල නැගී එන වෙළෙඳපොල සොයයි නැගී එන වෙළෙඳපොළ සහිත රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 10 ක් මගින් මෙරටට ආර්ථීක වාසි ලබාගැනීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 18 October 2018
ලක් විදුලි උත්පාදන නිපැයුම් ඉතියෝපියාවට හඳුන්වා දෙයි ඉතියෝපියාව තුළ ලාංකික විදුලි උත්පාදන නිෂ්පාදන හඳුන්වා දීමට ශ්‍රී ලාංකික සමාගමක් පියවර ගෙන ඇතැයි ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 16 October 2018
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026