IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


Hela ඇපරල් ශිෂ්‍යත්වලාභීහු NIBM සහතික ලබති

කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේ දී, Hela Apparel Holdings ආයතනය මගින් අනුග්‍රහය දැක්වූ සිසුන් 100 කට අධික පිරිසක් තම සහතික පත් ලබා ගත්හ. මෙහි දී ‘Hela දිරි දරුවෝ‘ වැඩසටහන යටතේ IT හා ඉංග්‍රීසි පාඨමාලා සහ Hela දිරි ලිය‘ වැඩසටහන යටතේ Techno ව්‍යවසායකත්ව පාඨමාලාව හැදෑරූ සිසුන්ට සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරුණි. මෙම පාඨමාලා සියල්ල NIBM ආයතනය සහ RISE වැඩසටහන ඔස්සේ පුහුණු විශේෂඥ යන සහතිකය ලබා ගත් පුහුණුකරුවන් විසින් මෙහෙයවන ලදි. 

Hela ආයතනයේ සමාජ ප්‍රාග්ධන ව්‍යාපෘතිවල එක් කොටසක් වන මෙම සුවිශේෂි ශිෂ්‍යත්ව වැඩසටහනෙන්, තිරසාර සමාජ සංවර්ධනයකට අවශ්‍ය තනි පුද්ගලයන්ගේ දියුණුව වැඩි කිරීම ආයතනයේ අරමුණ විය. 
 දිරි දරුවෝ වැඩසටහන මගින් සුවිශේෂි ශිෂ්‍යත්ව, වෘත්තීය පුහුණු සහ නිපුණතා ගොඩ නැංවීම වැනි ව්‍යාපෘති හරහා Hela ආයතනයේ සේවය කරන සේවා නියුක්තිකයන්ගේ දරුවන් 800 කට අධික පිරිසකගේ අධ්‍යාපනයට සහය දක්වයි. ඒ වගේම දිරි ලිය වැඩසටහන යනු Hela ආයතනයේ සේවය කරන සේවා නියුක්තිකයන් අතරින්ම ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන සුවිශේෂි වැඩසටහනකි. මේ හරහා සේවා නියුක්තිකයන්ට නිෂ්පාදනය හා අලෙවිකරණය වැනි අංශ ඔස්සේ පැය 15,000 කට අධික කාලයක පුහුණුවක් ලබා දෙන අතරම, RISE වැඩසටහන හරහා ඔවුන්ගේ මෘදු කුසලතා වැඩි දියුණු කිරීම ද සිදු කරයි. 

මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා Tesco, Berendina, NIBM සහ Hela යන ආයතනවල ඉහළ කළමනාකාරිත්වය ද සමගින්, වැඩසටහනේ සාමාජිකයන් සහ පුහුණුකරුවන් ද සහභාගි විය. සහභාගි වූ විශේෂිත අමුත්තන් අතර, Tesco Sri Lanka ආයතනයේ සම්පත් අංශයේ ප්‍රධානී අස්මිනා කරීම්, සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ සම්පත් විජේපාල, ජ්‍යෙෂ්ඨ තාක්ෂණික කළමනාකරු ප්‍රසන්න ප්‍රනාන්දු සහ Berendina ආයතනයේ සේවා සංවර්ධන අංශයේ සාමාන්‍යාධිකාරී දයන්ත ප්‍රනාන්දු, ව්‍යාපෘති සම්බන්ධීකාරක ගිත්මි ගුණසේකර NIBM කුරුණෑගල ශාඛාවේ ප්‍රධානි සිරිල් ගුණරත්න සහ ප්‍රධාන උපදේශක ආචාර්ය හිමේන්ද්‍ර බලල්ලේ යන මහත්ම මහත්මීහු වූහ.

 



අදහස් (0)

Hela ඇපරල් ශිෂ්‍යත්වලාභීහු NIBM සහතික ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site