අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග ඇතුළු තවත් පනත් දෙකක් සම්බන්ධ නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සම්මත විය.
ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන ද මෙහිදී සම්මත විණි.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සම්මත කර ගැනීමේ විවාදය අමතමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ස්ථාවර බදුවලින් පීඩාවට පත්වන දේශීය ගොවි, පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා බවයි.
රටේ පවතින වාතාවරණය යටතේ ගොවි සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම සඳහා මාස හයකට වරක් මෙම බදු නියෝග ඉදිරිපත් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.
සතොස ආයතනයේ පාරිභෝගික භාණ්ඩ තිස් අටකින් අටක පමණක් මිල වැඩිවීම් සිදුවී තිබෙන අතර සෙසු භාණ්ඩවල මිල අඩුවී තිබෙන්නේ යැයිද උදාහරණයක් ලෙස ලොකු ලුනු මිල 241කින් අඩුවී තිබෙන බවද සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු නියෝග සම්මතයි