IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආර්ථිකයට ශක්තිය දෙන මහනුවර සුළු ව්‍යවසායිකාවෝ

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්


කාන්තාවන් සවි බල ගැන්විමෙන් සමාජයක් සවිබල ගැන්වීම  සිදුවෙයි. එයිනුත් එම කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමෙන් පවුලේ ආර්ථිකයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සුළු පටු නොවේ. 

මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සිය ගණනක් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා කැපව සිටින මහනුවර සුහද කාන්තා කාර්ය සංවිධානය  මේ වන විට දිස්ත්‍රික්කයේ කාන්තාවන් සිය ගණනකට ස්වයං රැකියා පුහුණුව ලබා දී ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගන්වා තිබේ.

එලෙස ආර්ථික වශයෙන් සවිබල ගැන්වූ කාන්තාවන් කිහිප දෙනකුගේ ජීවනෝපාය මාර්ග වන ස්වයං රැකියා සම්බන්ධයෙන් කළ සොයා බැලීමකි මේ.

මහනුවර  මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචි පුෂ්පා විජේසිංහ මහත්මිය ව්‍යවසායිකාවක් වශයෙන්  බෑග් නිෂ්පාදනය සහ  කටරොලු‍ මල්වලින් විශේෂ ෂැම්පු නිෂ්පාදනයේ යෙදී සිටින්නීය. මේ ඇය  අප සමඟ දැක්වූ අදහස්ය.

“මම ව්‍යාවසායිකාවක් වශයෙන් ස්වයං රැකියාවක නිරත වෙලා ඉන්නවා 2017 වසරේදී හොඳම ව්‍යාවසායිකාව හැටියට මට සම්මානත් ලැබුණා. වනිතා කටයුතු අමාත්‍යාංශය මගින් බෑග් නිෂ්පාදන පුහුණුව ලබා ගත්තා. මම පුංචියට කඩයක් පටන් ගත්තා. පොළවලටත් ගෙනගිහින්  විකුණන්න පටන් ගත්තා. දැනට මම සුපර් මාකට්වලට  මගේ භාණ්ඩ  විකුණනවා.එයට  අමතරව කටරොලු‍ මල්වලින් විශේෂිත ෂැම්පු වර්ගයක්ද නිපදවා වෙළෙඳ පොළට ඉදිරිපත් කරනවා. 

සබන් අත් සෝදන ඇතුළු නිෂ්පාදන නිෂ්පාදනය  ස්වයං රැකියාවක් වශයෙන් සිදු කරන මහනුවර පහළ  හන්තානේ පදිංචි ෆාතිමා රිෆායා මහත්මියද සුහද කාන්තා සංවිධානය සමඟ එක්ව ඉදිරියට යන දිරිය කාන්තාවකි. මේ ඇය කියන කතාවයි. 

“මම මේ සබන් හදන්නේ රසායන ද්‍රව්‍ය හුඟක්ම අඩු කරලා. කෝස්ටික් සෝඩා විතරයි දාන්නේ. කෝස්ටික් සොඩා නැත්නම් සබන් හදන්න බෑ. ඊට අමතරව පිරිසුදු පොල්තෙල් පාවිච්චි කරනවා. සුවඳ වර්ගයක් පාවිච්චි කරනවා. පොඩි ළමයින්ට වුණත් පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි  මම මේ සබන් හදන්නේ. 

 බතික් නිර්මාණය ස්වංරැකියාවක් වශයෙන් සිදු කරන  අඹතැන්න ප්‍රදේශයේ පදිංචි රසිකා හපුකොටුව මහත්මිය සිය දඅහස් දැක්වුයේ  මෙසේය.

“අවුරුදු පහකට වැඩි කාලයක ඉඳල මම මේ බතික් නිෂ්පාදනය කර ගෙන යනවා. දේශීය නිෂ්පාදනයට මම හොඳ දායකත්වයක් ලබා දෙනව කියල මම හිතනවා. රෙදිපිළි කර්මාන්තයේ තියෙන දේශිය වශයෙන් කරන්න පුළුවන් ඉතා හොඳ කර්මාන්තයක් තමයි  මේ බතික් කර්මාන්තය. අමුද්‍රව්‍ය කිහිපයක් භාවිත කරමින් සිදු කර ගෙන යන මෙම බතික් කර්මාන්තයෙන් මම මේ වන විට පවුලේ  වියදම් සඳහා  ආදායමක් ලබා ගන්නවා. මේක කලාවක් ඒ නිසා මම ඉතාම සන්තෝසයෙන් මේ කර්මාන්තය කර ගෙන යනවා. කාන්තාවන් විදිහට  පවුලේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න මේ වගේ කර්මාන්ත මගින් අවස්ථාව සැලසෙනවා” 

මෙවැනි කාන්තාවන් සිය ගණනකට  ආර්ථිකමය වශයෙන් බල ගැන්වීම සඳහා මග පෙන්වන සුහද කාන්තා කාර්ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා ප්‍රසංගිකා සුදර්ශණි ධර්මවංශ මහත්මිය අප සමඟ දැක්වූයේ “අපේ ආයතනය වැඩ කරන්නේ කාන්තාවන් ගැහැනු දරුවන් සහ ළමයින් වෙනුවෙන් යනුවෙනි. 



අදහස් (0)

ආර්ථිකයට ශක්තිය දෙන මහනුවර සුළු ව්‍යවසායිකාවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site