IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව මේ වසරේ සිට

තිරසාර මුල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණක්
ගිණුම්වලට අනවසර පිවිසීම්වලට ආරක්ෂාවක්
ගෙවීම් සේවා බලපත්‍ර ලබාදීමේ ක්‍රමය සමාලෝචනයට


රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව (Government Digital Payment Platform - GDPP) සම්බන්ධයෙන් 2024 වසරේදී සිදු කරන ලද සාර්ථක නියමු පරීක්ෂණවලින් පසුව 2025 වසරේදී ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකුව පවසයි.

ඩිජිටල්කරණය වූ දත්ත ගබඩා නොමැති රාජ්‍ය ආයතනවලට අන්තරජාල බැංකුකරණය/ජංගම ගෙවීම් යෙදුම් හරහා මහජනතාවගේ තත්කාලීන ගෙවීම ලබා ගැනීමට සහාය වන ලෙස මෙම වේදිකාව නිර්මාණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මෙම කරුණු සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම මහ බැංකුව 2024 වසර තුළදී කලාපීය සහ වෙනත් රටවල්වල ගෙවීම් ජාල සමග ඒකාබද්ධවීම මගින් ජාතික ගෙවීම් පද්ධති යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සිදු කළ බව ද මහ බැංකුව පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීමේ අරමුණින්, නව තත් කාලීන දළ පියවීම් පද්ධතියක් (Real Time Gross Settlement System RTGS හඳුන්වාදීමටද මහ බැංකුව කටයුතු කර තිබේ.

“අන්තර් බැංකු ගෙවීම් පද්ධති වෙත සාමාජිකයන් සම්බන්ධ කරවීමේ ක්‍රියාපටිපාටිය මෙන්ම ගෙවීම් සේවා සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාපටිපාටිය සමාලෝචනය කිරීමටද මහ බැංකුව මේ වසරේදී අපේක්ෂා කරන බවද පවසයි.

“2025 වසරේ ජනවාරි මාසයේ සිට LANKAQR සඳහා වෙළෙඳ වට්ටම් අනුපාතය සියයට 0.5 සිට සියයට 1ක් දක්වා ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර, එමගින් මූල්‍ය ආයතන සහ මූල්‍යතාක්ෂණ ආයතන (FinTechs) LANKAQR සක්‍රියව ප්‍රවර්ධනය කිරීමට දිරිමත් කරනු ඇත.“ යනුවෙන් මහ බැංකු අධිපතිවරයා මේ පිලිබඳව සඳහන් කළේය.

එපමණක් නොව ඩිජිටල් ගෙවීම් ආශ්‍රිතව මහජනතාවට ඇති ගැටලු‍ හඳුනා ගනිමින්, වංචා සිදුවන ආකාරය නිරීක්ෂණය කිරිම සහ අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් මහජන විශ්වාසය සුරක්ෂිත කිරිමටද මහ බැංකුව කැපවී සිටින බවද අවධාරණය කර සිටියි.

“මෙහි අදියරක් ලෙස ගෙවීම් යෙදුම් හරහා ගනුදෙනුකරුවන්ගේ ජංගම සහ ඉතුරුම් ගිණුම් වෙත අනවසරයෙන් සිදු කරන ප්‍රවේශවලින් ආරක්ෂා කිරීම මහ බැංකුව 2025 වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2024 වසරේදී චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.

විශේෂයෙන්ම වඩාත් විනිවිදභාවයකින් යුතු සහ පාරිභෝගික කේන්ද්‍රීය තිරසාර මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මහ බැංකුවේ අරමුණ බවත්, ඒ සඳහා 2025 වසරේදී සහ ඉන් ඔබ්බට උපාය මාර්ගික මුලපිරීම් මාලාවක් සැලසුම් කර ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.



අදහස් (0)

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව මේ වසරේ සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 52 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 40 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 20 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 40 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 418 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1344 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 344 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site