IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොහොමද BUSINESS: භාණ්ඩ මිලේ අඩුවීමක් නෑ මිලදී ගැනීම් තරමක් අඩුයි

විදුලි උපකරණ, ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ඔර්ලෝසු මිලදී ගැනීමට පාරිභෝගිකයන් පියනගන්නේ පළමුවැනි හරස්වීදියට ය. පළමුවැනි හරස් වීදිය මුල් යුගයේ දී පළමුවැනි හරස් වීදිය මාකට් වීදිය නමින් ද හඳුන්වා තිබේ.

මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තත්වය කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී  පළවැනි හරස් වීදියට යෑමට ද අමතක නොකළෙමු. ඒ ගිය ගමනේ දී සෙසු විදීවල මෙන් කාර්ය බහුල බවක් මෙම වීදියේ දක්නට ලැබුණේ ද නැත. සමහර වෙළෙඳසැල්වල  හිමිකරු පමණක් රැඳී සිටිනුද දක්නට ලැබිණ.  

මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් පළමුවැනි හරස්වීදියේ ව්‍යාපාරිකයකුවන මංජුල හේමන්ත මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දිනවල උත්සව සමය පැවතුණ ද බිස්නස්වල වැඩිවීමක් වෙලා නෑ. මේ සීසන් එකේ අපේ ව්‍යාපාරවලට ලොකු පාරිභෝගික පිරිසක් ඒකරාශී වෙන්නේ නැති වුණත් වර්ෂ අවසාන වට්ටම් දුරකථන උපාංග, ඉලෙක්ට්‍රෝනික් උපාංග සඳහා ලබා දී තිබීම නිසා යම් පාරිභෝගික පිරිසක් භාණ්ඩ මිලදී ගන්න යොමු වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව මෙපමණ ප්‍රමාණයක් අඩුයි කියලා කියන්න තරම් අඩුවක් වෙලා නෑ. එහෙත් ගිය වසරට සාපේක්ෂව බිස්නස් අඩුයි. 


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
අද වන කොට පළමුවැනි හරස්විදීයට ඇවිත් දුරකථන උපාංග හෝ ඉලෙක්ට්‍රෝනික් උපංග මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. පාරිභෝගිකයාට අවශ්‍යතාව මත භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. එයත් ව්‍යාපාර අඩුවීමට එක් හේතුවක්. ඩොලරයේ මිල පහත වැටීමත් සමඟ ආනයනික භාණ්ඩවල මිලෙහි යම් අඩුවක් නිර්මාණය වී තිබෙනවා. එහෙත් භාණ්ඩ මිලෙහි ලොකු අඩුවීමක් සිදුව නැති නිසා මිලදී ගැනීම් තරමක් දුරට අඩු වෙලා තියෙනවා.

මනීෂා වීරසිංහ



අදහස් (0)

කොහොමද BUSINESS: භාණ්ඩ මිලේ අඩුවීමක් නෑ මිලදී ගැනීම් තරමක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site