නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු මෙන්ම ස්ත්‍රී පුරුෂ සමභාවිතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වන Centrum Marine Consultancy ආයතනය, පස්වැනි වරටත් පැවැත්වූ වාර්ෂික Maritime SheEO සමුළුවේ දී “Empowering Diversified Maritime Education” ගෞරව සම්මානයට පාත්‍ර විය.
Peter Döhle Schiffahrts-KG සමග එක්ව දියත් කළ ‘She Can Sail the Seas’ කාන්තා සවිබල ගැන්වීමේ මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආරම්භ කළ නාවික කැඩෙට්වරියන් පුහුණු කිරීමේ ප්‍රයත්නය උදෙසා මෙම සම්මානය හිමිවිය. මෙමගින් නාවික ක්ෂේත්‍රයේ ඇති ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාව අවම කිරීම සහ නාවික ක්ෂේත්‍රයේ දී කාන්තාවන්ට ද සමාන අවස්ථා උදාකර දීම වෙනුවෙන් Centrum Marine Consultancy ආයතනයේ කැපවීම පැහැදිලි වෙයි.
“Setting Sail for Equality: Empowering Women Leaders” තේමාව යටතේ Maritime SheEO සමුළුව මුම්බායි නගරයේ TAJ Santacruz හිදී පැවැත්වුණු අතර එහිදී ගෝලීයව සිටින සියලු ප්‍රධාන අත්දැකීම් නිලධාරීන් එකතු කරගනිමින් නාවික ක්ෂේත්‍රයේ විවිධත්වයට අවස්ථාවක් ලබාදීමට සහ එකාත්මිකතාව ඇති කිරීමට අවකාශයක් නිර්මාණය කළේය. එම උළෙලේ දී ස්ත්‍රී පුරුෂ සමභාවී බව ප්‍රවර්ධනය කිරීම සහ එකාත්මිකතාවෙන් පිරි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ සිය නව්‍ය ප්‍රවේශය හරහා Centrum Marine Consultancy ආයතනය අනෙක් ආයතන අතරින් කැපී පෙනිණි.
2023 වසරේ දී දියත් කළ She Can Sail the Seas වැඩසටහන මගින් කැඩෙට් නිලධාරිනියන් 15 දෙනකුට පමණ ඇමරිකානු ඩොලර් 110,000 ට ආසන්න සම්පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී ඇත. මෙම වැඩසටහන වෘත්තීය අධ්‍යාපනය, ප්‍රායෝගික පුහුණුව ඒකාබද්ධ කරමින් නිර්මාණය කර ඇති අතර නිලධාරිනියකට අවශ්‍ය දැනුම වගේම ප්‍රායෝගිකභාවය මෙහිදී වඩාත් හොඳින් අවධාරණය වෙයි. 2029 වසරේ දී මෙම වැඩසටහන හරහා කෙඩෙට් නිලධාරිනියන් 200 ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ සුවිසල් ශක්‍යතාවකින් පිරි කාන්තා වෘත්තිකයන් පිරිසක් ගොඩනැංවීමට පෙරමුණ ගනී.
මෙම වැඩසටහනෙන් පරිපූර්ණ සංවර්ධනයක් දිරිගැන්වෙයි. කැඩෙට්වරියන්ට නායකත්ව පුහුණු කඳවුරු පැවැත්වෙයි. එසේම කථන පුහුණුව, ශාරීරික යෝග්‍යතාව ඉහළ නැංවීම, මානසික පරිපූර්ණත්වය සහ ඉංග්‍රීසි භාෂා දැනුම සංවර්ධනය කිරීම ද සිදුවෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
Centrum Marine විශිෂ්ටතා සම්මානයට පාත්‍රවෙයි