IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලක්බිම ප්ලාන්ටේෂන් ‘ස්වර්ණසිංහ ජාතික’ සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ලක්බිම ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම විශිෂ්ට කාර්යසාධනය සහ ව්‍යවසායකත්වය සඳහා වන ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. ලක්බිම සමාගම් සමූහයට අයත් එම සමාගම හඳුන්වා දී ඇති තිරසාර සහ නව්‍ය කෘෂිකාර්මික සංකල්ප එහිදී ඇගැයීමට ලක්විය. 

ප්‍රධාන විධායක නිලධාරි, දේශමාන්‍ය උපුල් කුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ලක්බිම ප්ලාන්ටේෂන් ප්‍රධාන කාර්යාලය මහරගහ පිහිටා ඇත. එම සමාගම රත්‍රන් වැනි වටිනා ශාකයක් වන ඇක්විලාරියා හෙවත් අගාවුඩ් වැනි ඉහළ වටිනාකමක් සහිත බෝග වගා කරයි. බොහෝ වැවිලි සමාගම් ඔවුන්ට අයත් ඉඩම්වල අගාවුඩ් ශාක වගා කර ඒවායේ අයෝජනය කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව දෙන නමුත් ලක්බිම ප්ලාන්ටේෂන් සමාගම පාරිභෝගිකයන්ට අයත් ඉඩම්වලද වගා කටයුත සිදු කර දෙයි.

අගාවුඩ්වලට අමතරව කුරුඳු, නයිමිරිස්, ඉඟුරු වැනි බෝග වගා කරන එම සමාගම ඒවා අපනයනය කිරිමෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරිමට දායක වේ. පරිසර හිතකාමී නිෂ්පාදන පුරුදු සහ සදාචාර සම්පන්න ව්‍යාපාර මුලධර්ම අනුගමනය කරන එම සමාගම මෙරට ආර්ථිකයේ සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා දක්වන්නේ කැපී පෙනෙන දායකත්වයකි. එම සමාගමේ ආනයන අංශය මෙරට කර්මාන්ත රැසකට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපැයුම සහතික කරයි. ගෝලීය වශයෙන් පිළිගත් සමාගම් සමග සම්බන්ධ වී ඇති ලක්බිම සමාගම් සමූහය රටවල් පහකට වැඩි සංඛ්‍යාවක මෙහෙයුම් පවත්වාගෙන යන අතර ශාඛා දහයකට වැඩි සංඛ්‍යාවක් හරහා සිය පාරිභෝගිකයන්ට, ව්‍යාපාර සහකරුවන්ට සේවා සපයයි.



අදහස් (0)

ලක්බිම ප්ලාන්ටේෂන් ‘ස්වර්ණසිංහ ජාතික’ සම්මානයෙන් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site