IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


SLIM ‘වසරේ හරිත සන්නාමය’ රන් සම්මානය කොමර්ෂල් බැංකුවට

 

  • ලංකාවේ පළමු හරිත නිවාස ණය යෝජනා ක්‍රමය
  • ලොව හොඳම බැංකු දහස අතරට පත් පළමු දේශීය බැංකුව

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය‘

තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට ජාතික වශයෙන් වැදගත් මුලපිරීම් සිදු කිරීමට සහ එම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට බැංකුව කර ඇති සැලකිය යුතු ආයෝජන මෙම සම්මානය සඳහා හඳුනාගනු ලැබීය.

මෙහිදී 2023 වසරේ දී බැංකුව විසින් දියත් කරන ලදි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන යටතේ පාරිසරික වශයෙන් වැදගත් ස්ථානවල ගස් 100,000ක් සිටුවීම මාස 12ක් ඇතුළත සම්පූර්ණ කිරීමත් සහ තවත් එවැනිම ගස් 100,000ක් සිටුවීම සඳහා බැංකුවේ ඇති කැපවීමත් මෙම මුලපිරිම් අතර ප්‍රමුඛ විය‘

2021 වසරේදී පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව යන ජයග්‍රහණය ලබා ගත් කොමර්ෂල් බැංකුවේ තිරසාරත්ව ගමන් මග වසර 25 කට පෙර ආරම්භ වූ අතර පසුගිය වසර හතර තුළ එය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එය බැංකුවට මෙන්ම රටට ද තිරසාරත්වයට සම්බන්ධ අවස්ථා කිහිපයක් ජනනය කර ඇත‘

SLIM හි වසරේ හරිත සන්නාමය’ සඳහා තක්සේරු කරන ලද වසරේදී කොමර්ෂල් බැංකුව සිය CO2 විමෝචනය තවත් ටොන් 233,918 කින් අඩු කරමින්”‍ කඩදාසි භාවිතය සියයට 47,57 කින් අඩු කර කිලෝග්‍රෑම් 286,240 ක කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කර සූර්ය ශක්තියෙන් බලගැන්වෙන ශාඛා සංඛ්‍යාව 82 දක්වාත් වැඩි කරන ලදී‘.

මෙම වසරේ අනෙකුත් වැදගත් ජයග්‍රහණ අතර”‍ ශ්‍රී ලංකාවේ පළමු හරිත නිවාස ණය යෝජනා ක්‍රමය දියත් කිරීම සහ කොම්බැන්ක් ඩිජිටල් යෙදුම සඳහා පරිශීලකයන් සංඛ්‍යාව මිලියනයක් පසු කරමින් තිරසාර බැංකු කටයුතු ප්‍රවර්ධනය කිරීම වන්නේය‘

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙදපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ‘ ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුණු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි”‍ ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ‘ බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඞ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි‘

 



අදහස් (0)

SLIM ‘වසරේ හරිත සන්නාමය’ රන් සම්මානය කොමර්ෂල් බැංකුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 51 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 40 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 20 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 40 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 405 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1342 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 344 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site