IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෙලාන් අනුග්‍රහය දැක්වූ ‘‘COLOMBO MOTOR SHOW 2024’’ සාර්ථකව නිමාව දකී

 සෙලාන් බැංකුව නිල බැංකු හා ලීසිං හවුල්කරු ලෙස කටයුතු කළ Colombo Motor Show 2024’ ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගත් 7 වැනි අවස්ථාව මෙයයි. 

 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීමට 60,000 කට අධික පිරිසක් පැමිණියහ. රථවාහන ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව සලසා දුන් එම ප්‍රදර්ශනයේදී විදුලි වාහන කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබුණු අතර එය රථවාහන කර්මාන්තයේ අනාගත දිශානතිය මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. 

මෙහිදී විශේෂයෙන් 'Fat Track' ලීසිං පහසුකම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මෙම ලීසිං පහසුකම මගින් ගනුදෙනුකරුවන්ට පැය 24 ක් ඇතුළත තමන් සිහින දකින වාහනය (විදුලි හෝ සාමාන්‍ය වාහන) තමන් සතු කරගැනීමට අවස්ථාව හිමි වේ. මෙහිදී නරඹන්නන්ට ලීසිං පහසුකම් ලබාගැනීමේදී අයකරනු ලබන සේවා ගාස්තු සඳහා සියයට 50 ක වට්ටමක්ද පිරිනමන ලදී. මීට අමතරව මෙහිදී සෙලාන් බැංකුව හඳුන්වා දී ඇති නවතම සේවාවක් වන, ගනුදෙනුකරුවනට මුදල් හදිසියකදී ඉතාමත් පහසුවෙන් මුදල් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන Speed Drive Instant Cashපහසුකම පිළිබඳවද නරඹන්නන් දැනුවත් කරන ලදී. 

Asia Exhibition and Convention (පුද්.) සමාගම මගින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිධානය කරන ලද Colombo Motor Show 2024 ප්‍රදර්ශනය, රථවාහන අමතර කොටස් සහ උපාංග ඇතුළු විවිධ භාණ්ඩ හා සේවා ඇතුළත් ප්‍රදර්ශන කුටි 200 කට අධික සංඛ්‍යාවකින් සහ රථවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ සජීවී ඉසව් රැසකින් සමන්විත විය. ප්‍රදර්ශනය භූමියේදී පවත්වන ලද යතුරු පැදි සහ මෝටර් රථ ධාවන ඉසව් සම්බන්ධයෙන් තරුණ තරුණියන් අතර විශාල උනන්දුවක් දක්නට ලැබිණි. 

තවද මෙහිදී නරඹන්නන්ට සෙලාන් බැංකුවේ නියෝජිතයන් සමග සම්බන්ධ වෙමින් සෙලාන් ලීසිං සේවා පිළිබඳව මෙන්ම ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඉතුරුම් සේවා ඇතුළු තවත් සේවා රාශියක් පිළිබඳව තොරතුරු දැනගැනීමට අවස්ථාව හිමි විය. 



අදහස් (0)

සෙලාන් අනුග්‍රහය දැක්වූ ‘‘COLOMBO MOTOR SHOW 2024’’ සාර්ථකව නිමාව දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site