IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වී ගන්න ‘ඔඩපණ’ ණය රුපියක් කෝටි 1000

පොලිය සියයට 7 ක්
දින 180කදී ගෙවා අවසන් කල යුතුයි


යොහාන් භාසුර


මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය පසුගිය 3 වැනිදා ආරම්භ කළ බවත් එම ණය යෝජනා ක්‍රමය මැයි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.

උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25 කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ට සහ සමුපකාර සමිතිවලට මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබාගත හැකි බවත් රාජ්‍ය ආයතනයක් නිකුත් කළ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය තිබීම අනිවාර්ය බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියකුට සහ සමූපකාර සමිතියකට රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5 ක උපරිම ණය මුදලක් සියයට 7 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ගතහැකි බවත් එම ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 10,000 ක් හෙවත් රුපියල් කෝටි 1,000 ක් බැංකු හරහා නිදහස් කිරීමට නියමිත බවත් ගොවීන්ගේ වී ඇස්වැන්න සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කරන අවම මිලක් යටතේ වී මිලදීගැනීමට සැලසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන, රාජ්‍ය උකස් හා ආයෝජන, හැටන් නැෂනල්, සෙලාන්, සම්පත්, කොමර්ෂල්, ඩී.එෆ්.සී.සී., ජාතික සංවර්ධන, නේෂන්ස් ට්‍රස්ට්, සණස සංවර්ධන, යූනියන්, පෑන් ඒෂියා, අමානා සහ කාර්ගීල්ස් යන බැංකු හරහා මෙම ණය යොජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

වී ගන්න ‘ඔඩපණ’ ණය රුපියක් කෝටි 1000

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site