IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හම්බන්තොට වරායේ සියයට 22 ක වර්ධනයක්

 

  • තොග භාණ්ඩ ප්‍රවාහනයේ කැපී පෙනෙන වර්ධනයක්
  • ගෑස් මෙහෙයුම්වලත් වර්ධනයක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2024 දී, සියයට 22 ක ආකර්ෂණීය වර්ධන වේගයක් අත්පත් කරගත් අතර, එය ඊට පෙර වසරට සාපේක්ෂව වර්ධනයකි. මෙම 2025 දී, ඊටත් වඩා ඉහළ වර්ධන වේගයක් අපේක්ෂා කිරීමේ අරමුණින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, බහාලු‍ම් අංගනයේ ගැන්ට්‍රි’ සහියාඩ්’ දොඹකර හඳුන්වා දීම ඇතුළුව එහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරඹා ඇත. ඒ, ඉන්දීය සාගර කලාපයේ, ප්‍රධාන කැපී පෙනෙන වරායක් ලෙස, නැව් සහ ප්‍රවාහන වෙ​ෙළඳපොළේ ඉල්ලු‍ම සපුරාලීමේ අපේක්ෂාවෙනි.

2024 වසරේ වරායේ තොග සහ තොග භාණ්ඩ ප්‍රවාහන අංශයේ කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබිණි. වසරේ පළමු භාගයේදී, 2023 වසරට සාපේක්ෂව, පරිමාව සියයට 134 කින් ඉහළ ගිය අතර, මෙට්‍රික් ටොන් 236,012 සිට මෙට්‍රික් ටොන් 552,297 දක්වා වැඩි විය. එය 2022 වසරේ දී කඩා වැටුණු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රකෘතිමත් වීම, සිමෙන්ති ආනයනය ඉහළ යාමට තුඩු දීම මෙම වැඩිවීමට බොහෝ දුරට හේතු වන්නට ඇත. 

වරායේ ගෑස් මෙහෙයුම් සම්බන්ධයෙන් ද වර්ධනයක් පෙන්නුම් කෙරුණු අතර, 2024 පළමු භාගයේදී LPG පරිමාව සියයට 46 කින් වැඩි වී, මෙට්‍රික් ටොන් 127,232 සිට මෙට්‍රික් ටොන් 185,214 දක්වා ඉහළ ගියේය. 2023 වසරට සාපේක්ෂව, දෙවැනි කාර්තුවේදී වරාය LPG ප්‍රතිදානයේ සියයට 100ක වැඩි වීමක් වාර්තා කළේය. වරායේ LPG යාත්‍රා ගෑස්-අප්’ සහිසෘජු බංකර්’ සැපයුම් ලබා දෙමින් බලශක්ති අංශයේ සිය සේවා පුළුල් කළ අතර ද්‍රව තොග නැව් සිට නැව් මෙහෙයුම් සඳහා ද යොමු විය.

2024 වසරේ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලැබූ පෙරළිකාර ජයග්‍රහණයක් වූයේ මධ්‍යධරණි නැව් සමාගම (MSC) විසින් ක්‍රියාත්මක කරන ලද එහි ආරම්භක බහාලු‍ම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වසර මැද වන විට TEU 43,777 ක් හසුරුවන අංගසම්පූර්ණ බහලු‍ම් වරායක් බවට පරිවර්තනය විය. 2023 එම කාල සීමාව තුළ TEUs  44 සිට විස්මිත වර්ධනයකි. මෙම සන්ධිස්ථානය බහාලු‍ම් අංශයේ සියයට 99,300 වර්ධනයක් සනිටුහන් කළ අතර හම්බන්තොට ජාත්‍යන්තර වරාය, විභව බහාලු‍මක් ලෙස ස්ථානගත කළේය. වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ආරම්භ කර ඇත්තේ ඉදිරියේ දී, බහාලු‍ම් අංගනයක් වශයෙනි.

 



අදහස් (0)

හම්බන්තොට වරායේ සියයට 22 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site