එච්එන්බී ඇෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී ලසිත හැටන් නැෂනල් බැංකුවට අයත් HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ලසිත නිරෝෂන් විමලරත්න මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 10 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කරගෙන තිබේ. 13 June 2025
සමන් ජූඞ් ප්‍රනාන්දු සිංහ හොස්පිටල්ස් අධ්යක්ෂ මණ්ඩලයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සිංහ හොස්පිටල්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සමන් ජූඞ් ප්‍රනාන්දු මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 11 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 13 June 2025
Moon K Apparel තායිලන්තයේදී Iconic සම්මාන දිනයි Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැලුම් ක්ෂේත්රයේවිශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැලුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්, ටී ෂර්ට්, කමිස, ක්‍රීඩා ඇඳුම් වැනි කාන්තා සහ පිරිමි ඇගැලුම් එහි නිෂ්පාදන අතර වේ. උසස්ම තත්වයේ 13 June 2025
කන්ද උඩරටට ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරින ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. 13 June 2025
ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනයට NDB බැංකුව Mastercard සමග එක්ව නවතම ඩෙබිට් කාඩ්පතක් හඳුන්වා දෙයි ඩිජිටල් ගනුදෙනු වර්ධනය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා සැමටම ප්‍රවේශය ලබාදීම සඳහා බැංකුවේ ගමන් මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම ගනුදෙනුකරුවන්ට විශාල වටිනාකමක් එකතු කරමින්, NDB බැංකුව NDB Mastercard ඩෙබිට් කාඩ්පත හඳුන්වා දුන්නේය. 13 June 2025
ජාතික කර්මාන්ත අසාර්ථක වන්නේ ඇයි? ජාතික ව්‍යාපාර අසාර්ථකවීමට හේතුව එම ව්‍යාපාරවල දෝෂයක් නොව පිටරටින් ගෙන එන ආදේශක සමග තරග කිරීමට මෙරට ජාතික ව්‍යාපාරවලට හැකියාවක් නොවීමය. මෙරට පාලකයන් මෙන්ම ජනතාව ද කිසිම අවස්ථාවක ජාතික ව්‍යාපාර සාර්ථකවීමට ඉඩලබා දුන්නේ නැත. 13 June 2025
2008න් පසුව වාර්තාවු මන්දගාමිව ආර්තික වර්ධන වේගය මෙම වසරේ ඉහළ යන ගෝලීය වෙළෙඳ සහ ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා හේතුවෙන් 2008 වසරින් පසුව වාර්තා වූ මන්දගාමීම ආර්ථික වර්ධන වේගය මෙම වසරේ වාර්තා කරනු ඇති බවත්, එය ගෝලීය ආර්ථික අවපාතයක් ආසන්නයටම ලෝකය ගෙන යනු ඇති බවත් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. 12 June 2025
ජූනි මුල් දින පහේදී සංචාරකයෝ 21,293 ක් ඇවිත් ජූනි මාසයේ මුල් දින 5දී මෙරටට විදෙස් සංචාරකයන් 21,293ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවල සටහන්ව තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලයන 1.05ක අගයක් ගෙන ඇතැයි එම දත්ත පවසයි. 12 June 2025
හෙළ ඇපරල් කර්මාන්ත ශාලා දෙකක් රු. බි. 2.7කට සිංගප්පූරු සමාගමකට විකුණයි මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගම් සමූහයක් වන හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී, සිය පරිපාලිත සමාගම් දෙකක පූර්ණ හිමිකාරීත්වය සිංගප්පූරු සමාගමක් වෙත අලෙවි කිරීම සඳහා වන එකඟතාවට පිවිසීම පසුගිය ජූනි 06 වැනිදා සිදුකළ බව පවසයි. 12 June 2025
කටුනායක ගුවන්තොටේ ප්‍රධාන සැලැස්ම සැකසීම නෙදර්ලන්තයේ Haskoning DHV සමාගමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම පිළියෙළ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2025
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්රවල හඳුනාගත් ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සං-වර්ධන ක්ෂේත්රවල හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී ඊයේ (11)පැවසීය. 12 June 2025
ඉන්දියාවේ NSE ජාත්‍යන්තර හුවමාරුවේ බැඳුම්කරයක් ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම DFCC DFCC බැංකුව ඉන්දියාවේ ගුජරාට් ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ නගරයේ (GIFT නගරය) පිහිටි ජාතික කොටස් හුවමාරුවේ - ජාත්‍යන්තර හුවමාරුවේ (NSE IX) බැඳුම්කර ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම බවට පත්ව ඇත. 12 June 2025
ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර ගිවිසුම් අදියර I ට එකඟතාව ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I ට එකඟතාව දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2025
බිස්නස් තියෙන්නේ සාමන්‍ය මට්ටමක මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, බොරැල්ල ආදී ප්‍රදේශ වෙත ගියෙමු. 12 June 2025
සුළු සහ මධ්‍ය ව්‍යාපාර දිරිගැන්වීමට ප්‍රතිපත්තියක්? සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කෙරෙහි සැලකිය යුතු අවධානයක් තිබේ. කෙසේ නමුත් ආර්ථිකයට දායක කරගන්නා ප්‍රමාණය ගැන ගැටලු ඇත. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුබල තැනකට පත්විය. 12 June 2025
SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ප්‍රගතිය යළි තහවුරු කරයි 2025 ප්‍රථම කාර්තුව තුළ තම මූල්‍ය ප්‍රතිඵල පූර්ණ පරිවර්තනයකට ලක්කර ගැනීමට SLT-MOBITEL සමත් වී තිබේ. එම කාර්තුව තුළ සමූහයේ බදු පසු ලාබය රු. මිලියන 2,001 ක් වූ අතර, මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 ට සාපේක්ෂව දැවැන්ත වර්ධනයකි. මෙය සමාගමේ මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාවට මනා උදාහරණයක් වන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගන්වන ජාතික සම්පතක් ලෙස සමාගම ඉටුකරන භූමිකාව තවදුරටත් තහවුරු කරන සාධකයක්ද වේ. 12 June 2025
මහජන බැංකුව සහ සර්වෝදය ෆියුෂන් එක්ව හෙට දින නවෝත්පාදකයන් සවිබල ගන්වයි ශ්‍රී ලාංකීය ඩිජිටල් බැංකු කරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව” සර්වෝදය ෆියුෂන් සමග එක්ව සංවිධානය කළ Empowering Tomorrow’s Innovators ‘හෙට දින නවෝත්පාදකයන් සවිබල ගැන්වීම (යොවුන් තාක්ෂණික නිපුණතා සංවර්ධන වැඩසටහනේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය කොළඹ 07” බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. 12 June 2025
පෑන් ඒෂියා බැංකුව IBM හි සහායෙන් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කරයි ශ්‍රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවකට එළැඹ තිබේ. 12 June 2025
ව්‍යාපෘති විශිෂ්ටතා සම්මාන උළෙල ඔක්තෝබර් 24 කොළඹදී ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් 8 වැනි වරටත් සංවිධාන කරනු ලබන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල (2025) සහ ඊට සමගාමීව පැවැත්වෙන ව්‍යාපෘති කළමනාකරණ සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ඔක්තෝබර් මස 24 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 12 June 2025
Sanasa ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක් මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වනSanasa General Insurance සමාගමට අයත් පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය නිකවැරටියේදී විවෘත විය. සමාරම්භක උත්සවය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වසන්ත පෙරේරා මහතා ප්රමුඛ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 12 June 2025
First Capital වෙතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කේන්ද්‍ර කරගත් උපදේශන සේවාවක් First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල ව්‍යාපාර උපදේශන සහකරු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර, එහිදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ මූල්‍ය උපදේශන සේවා හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය සවිබල ගැන්වීම වෙනුවෙන් සේවා ලබා දෙන First Capital Advis 12 June 2025
කොමර්ෂල් බැංකුවේ දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහන වව්නතිව්හිදී කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමග, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවැනි ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. 12 June 2025
මත්පැන් බලපත්‍රධාරීන්ට බදු වැඩමුළුවක් 14දා මීගමුවේදී ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද හමුවක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ 12 June 2025
කන්දකුලිය සංචාරක ව්‍යාපාරයේ අර්බුදය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් වශි කළ කන්දකුලිය වෙරළ තීරය මුහුදු ඛාදනයට ලක්වීමෙන් සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල වෙමින් තිබෙන බව එම කර්මාන්තයේ නිරතවන්නෝ පවසති. 12 June 2025
මාදු ගඟේ පාවෙන අලෙවි සල අද විවෘත කෙරේ බලපිටිය මාදු සම්පත ස්වයං ව්යවාසක එකමුතුව විසින් ස්ථාපිත කරන ලද මාදු ගඟේ පාවෙන අලෙවි සල විවෘත කිරීම එම එකමුතුවේ අධීක්ෂණ නිලධාරී දුමිදු ජනක මහතාගේ සම්බන්ධීකරණයෙන් බලපිටිය ප්‍රාදේශීය ලේකම් මාලක ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30 ට බලපිටිය ගොඩගෙදර මාදු ගඟ තොටුපොළේදී සිදුකෙරේ. 12 June 2025
අලුත් ගිණුම් කොටස් වෙළෙදපොළට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අලුතින් උපත ලබන දරුවන්ට ඩොලර් දහසක් බැගින් වන තැන්පත් ගිණුමක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. ට්‍රම්ප් ගිණුමක් සේ හඳුන්වන මෙම මුදල් කොටස් වෙළෙදපොළ ආයෝජන ගිණුමකට බැර වෙන අතර, එයට සමාන්තරව 2025 සිට 2029 දක්වා උපත ලබන සෑම දරුවකුම උපන් අවස්ථාවේ සිට කොටස් වෙළෙදපොළ සාමාජිකයකු බවට පත්වේ. 12 June 2025
අඛණ්ඩ ස්ථාවරත්වයට ප්‍රතිසංස්කරණ මාවතේ දිගටම රැඳී සිටීම අත්‍යාවශ්‍යයි පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ධනාත්මක සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කර තිබෙන බවත් ඉදිරි වසර හතරේදී සියයට 3 ත් 4 ත් අතර ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි අපේක්ෂා කරන බවත් කෙයාර් එජ් ග්ලෝබල්හි ප්‍රධාන විධායක නිලධාරිනී රේවතී පරාග් කස්තුරි මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය. 11 June 2025
සංචාරක කර්මාන්තයට ඩිජිටල් පරිවර්තනයට වීසා සහාය වීසා ආසියා - ශාන්තිකර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව ආසියා ශාන්තිකර කලාපයේ වීසා සභාපති පැසිෆික් ස්ටීවන් කාර්පින් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 11 June 2025
විසි වසරකට පසු IMF පළමු නි. කළමනාකාර අධ්යක්ෂවරයෙක් 15 දා මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මෙරට නිල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 11 June 2025
පළමු මාස හතරේදී රජයේ ආදායම් හා ප්‍රදාන රු. බි.236.60 කින් ඉහළට මෙම වසරේ පළමු මාස හතර තුළ රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රුපියල් බිලියන 1,454.67 ක් වන බවත් එය පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 19.42 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 11 June 2025
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026